උණුසුම් පුවත්
ඉන්දියානු යුද නෞකාවක් හෙට දිවයිනට
ඉන්දියානු යුද නෞකාවක් වන සුනයිනා නොහොත් IOS සාගර් නෞකාව හෙට (15) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි කාලගුණය දරුණු වෙයි
ඉන්දියාවේ වඩාත් ජනාකීර්ණම ප්‍රාන්තය ලෙස සැළකෙන උත්තර් ප්‍රදේශ් හි බලපා ඇති ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 3,500කට ආසන්න පිරිසක් පීඩාවට
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති අතර, මේ වනවිට පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු බලපෑමට ලක්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.
ඇමති විජිත සහ බෙලරුස් ජනපති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා
බෙලරුස් රාජ්‍යයේ සංචාරයක නිතරව සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (14) එරට ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මහතා හමුවී ද්විපාර්වීය සාකච්ඡා පවත්වා තිබේ.
තායිවාන ගැටලුව ගැටුමකට මඟ පෑදිය හැකියි - චීන ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර බීජිං නුවරදී පැවැත්වෙන දෙදින රාජ්‍ය තාන්ත්‍රික සමුළුව ආරම්භ කරමින්, තායිවාන ගැටලුව සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
නායයෑමේ අවදානමක් නිසා කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
කොත්මලේ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ගම්පොළ බී 431 ප්‍රධාන මාර්ගය අද (14) පෙරවරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව කොත්මලේ පොලීසිය පවසා තිබේ.
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවස අන්තරේ වටලයි
හිමිකරුවකු නොමැති ඉඩමක් ලෙස ප්‍රකට මල්වානේ පිහිටි ඉඩම සහ නිවස ඇතුලු දේපොළ විශ්වවිද්‍යාල ඇතුළු පොදුජනතා පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (14) විරෝධතා ක්‍රියාමාර්ගයක නිරතවිය.
අඩු පීඩන කලාපය තවදුරටත් - කාලගුණයෙන් දැනුම්දීමක්
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වැඩි මිලට ජල බෝතල් වික්ක මාතර සංචාරක හෝටල් දෙකකට රුපියල් ලක්ෂ 10ක දඩයක්
මාතර දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් දෙකක් විසින් උපරිම සිල්ලර මිල උල්ලංඝනය කරමින් බෝතල් කළ පානීය ජලය අධික මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවන් බවට පත්වූ, එක් හෝටලයකට රුපියල් ලක්ෂ 5 බැගින් සමස්තයක් ලෙස රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් නියම කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සුපුන්, සඳු සහ රවිහාරි පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ඉසව්වට සුදුසුකම් ලබයි
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබාගැනීමට බර ඉසිලීමේ ක්‍රීඩක සුපුන් සෝමතිලක, සඳු ජයවර්ධන සහ බර ඉසිලීමේ ක්‍රීඩිකා රවිහාරි ගුණතිලක සමත් විය.
තේ දළු නෙළමින් සිටි කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්
බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වෝල් වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද(14) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය හෙටින් අවසන්
ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය හෙටින් (15) අවසන්වීමට නියමිතව තිබේ.
ට්‍රම්ප් සමඟ චීනෙට ගිය අමෙරිකාවේ සුපිරි ව්‍යාපාරිකයෝ
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරය සඳහා අමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළත් ඉහළ පෙළේ දූත පිරිසක් සහභාගී වී සිටිති.
ආගමන විගමන තාක්ෂණ ලොක්කා CID දැලේ
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ පාලක, තොරතුරු තාක්ෂණ හා ප්‍රත්‍යන්ත පාලන කේ. හේරත් නැමැති නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දිස්ත්‍රික්ක 11කට නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ
පවතින වැසි අධික කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 11කට අදියර එක සහ දෙක යටතේ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබේ.
ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍ය අතර ගිවිසුම් 3කට අත්සන් තබයි
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ බෙලරුස් විදේශ කටයුතු අමාත්‍ය මැක්සිම් රිෂෙන්කොව් මහතා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් මින්ස්ක් නුවරදී සාර්ථකව පවත්වා ඇත.
සරසවි වරම් ලැබූ උසස් පෙළ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
පිටිගල - පැලවත්ත මාර්ගයේ කරව්ව 15 කණුව ප්‍රදේශයේ යතුරුපැදියක් මාර්ගයයෙන් ඉවතට පැන ආරක්ෂිත වැටෙයි ගැටී සිදුවු අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අලුතින් මුද්දර දෙකක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන තැපැල් පහසුකම්වලට අදාළ නව මුද්දර දෙකක් නිකුත් කර තිබේ.
වෙඩිතැබීමේ සිද්ධියක් නිසා පිලිපීනයේ සෙනට් සභාව අඟුලු දමයි
අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC) මඟින් සොයනු ලබන සෙනෙට් මන්ත්‍රීවරයෙකු රැකවරණය පතා සෙනට් මණ්ඩල ගොඩනැඟිල්ල තුළ රැඳී සිටීම හේතුවෙන් පිලිපීනයේ සෙනෙට් මණ්ඩල ගොඩනැගිල්ල වසා දමා ඇත.
සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීට ඉඩ දුන් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම්
සැකකරුවන්ට තහනම් ද්‍රව්‍ය ළඟ තබාගැනීමට ඉඩදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.
චෝදනාවලට තමන් නිවැරදිකරු බව යෝෂිත විවෘත අධිකරණයේ දී කියයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය අද (14) ප්‍රතික්ෂේප කළේය.
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකුව කිලිනොච්චිය කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇල්ලට එන ආදරවන්තයින්ට කරදර කළ අපරාධකරුවන් අත්අඩංගුවට
ඇල්ල සංචාරක ස්ථාන වෙත පැමිණෙන තරුණ ආදරවන්තයන්ට අපරාධ රැසක් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කාලගුණයෙන් රතු නිවේදනයක් - ගතවූ පැය 24 තුළ මි.මී 256.2ක වැඩිම වැස්ස පුත්තලමට
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් සියයට 6ක් ඇදුම රෝගයෙන්
මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් සියයට 6ක් පමණ ඇදුම රෝගය හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අංශ පවසයි.