උණුසුම් පුවත්

බයික් එක ස්ටාට් කරන්න ගිය පියා ලොරියකට යටවෙයි

වෙන්නප්පුව ප්‍රදේශයේ සිදු වූ අවාසනාවන්ත අනතුරකින් තිදරු පියෙකු මරණයට පත්ව ඇත.

(0)Comments | September 24, 2025  9:11 pm

උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට පියවර 

උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව ද ඒ සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අවශ්‍ය සැලැස්මක් සකස් කළ යුතු බව ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසී ය. 

(0)Comments | September 24, 2025  9:08 pm

විෂ මත්ද්‍රව්‍ය ගැන කියන්න පොලීසියෙන් දුරකථන අංක රැසක්

දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අදාළ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට (SDIG) දැනුම්දීමට අවස්ථාව සලසා ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (24) පස්වරුවේ නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියේ දී මෙම දුරකථන අංක ඔස්සේ සෘජුව අමතා මහජනතාවට තොරතුරු ලබාදීමේ හැකියාව ඇති බවයි.

(0)Comments | September 24, 2025  7:43 pm

මිදිගම රුවන්ගේ ගෝලයෙක් ගිනිඅවි සමග අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ටී-56 ගිනිඅවි 3ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

(0)Comments | September 24, 2025  6:34 pm

අමෙරිකාව සමඟ ක්‍රියාකාරී සමීප සබඳතාවයක් බලාපො‍රොත්තු වෙනවා  - ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ නියෝජිත, එක්සත් ජනපදය විසින් ඉන්දියාවට නම් කරන ලද තානාපති සහ ධවල මන්දිර ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ සර්ජියෝ ගෝර් (Sergio Gor) මහතා අතර හමුවක් සිදුව ඇත.

(0)Comments | September 24, 2025  6:13 pm

පළමු සහ 06 ශ්‍රේණි සිසුන්ට අවශ්‍ය මොඩියුලර් මුද්‍රණය කිරීම අරඹයි

මොඩියුලර් සඳහා 2026 වර්ෂයේ 1 සහ 6 ශ්‍රේණියේ පාසල් ගුරු පුහුණු වැඩසටහන් නොවැම්බර් මස අග දී අවසන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පැවසී ය.

(0)Comments | September 24, 2025  5:22 pm

විදෙස්ගත ශ්‍රමිකයෙකුගේ මරණයකදී ගෙවන වන්දිය ඉහළට

විදේශ රැකියාවක නිරත ශ්‍රමිකයෙකු රැකියාව අතරතුරදී මරමුවට පත්වුවහොත් ඒ සඳහා ගෙවනු ලැබූ රක්ෂණ වන්දිය රුපියල් ලක්ෂ 20ක් දක්වා ඉහළ නංවා තිබේ.

(0)Comments | September 24, 2025  5:18 pm

ජනපති සහ දකුණු අප්‍රිකානු ජනපති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා (Cyril Ramaphosa) මහතා අතර හමුවක් සිදුව ඇත.

(0)Comments | September 24, 2025  4:32 pm

ඩිජිටල්කරණයෙන් අධ්‍යාපනයේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකළ හැකියි - අගමැති හරිනි

ඩිජිටල් කාර්ය සාධක බලකාය පත්කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම වෙනුවෙන් බවත්‍ ඩිජිටල්කරණයෙන් අධ්‍යාපන පරිවර්තනයේ සුවිශේෂී වෙනසක් සිදුකළ හැකි බවත් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය  ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

(0)Comments | September 24, 2025  4:27 pm

මාස 7ක් ඇතුළත දරුවන් කෘරත්වයට පත් වූ බවට පැමිණිලි 1126ක්

මෙම වසරේ පළමු මාස 7 තුළ පමණක් දරුවන් කෘරත්වටයට පත්කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 1,000 කට අධික  ප්‍රමාණයක් ලැබී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍ර පෝල්රාජ් මහත්මිය පවසයි.

(0)Comments | September 24, 2025  3:58 pm

විදුලිබල වෘත්තීය ක්‍රියාමාර්ගයේ අලුත්ම තත්ත්වය

ලංකා විදුලිබල බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයකට රැගෙන නොයන බව වෘත්තිය සමිති පවසයි.

(0)Comments | September 24, 2025  3:57 pm

නවගමුව පොලිස් වසම පසුකරන රියදුරන්ට දැනුම්දීමක්

නවගමුව පොලිස් වසමේ බෝමිරිය ශ්‍රී විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරස්ථානයේ සර්වඥ ධාතු පෙරහර මංගල්‍ය පසුගිය 21 වනදා සිට හෙට (25) දිනය දක්වා පැවැත්වේ.

(0)Comments | September 24, 2025  3:29 pm

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න තවදුරටත් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා එළැඹෙන මස 8වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත් උදුම්බරා දසනායක අද (24) නියෝග කළේය.

(0)Comments | September 24, 2025  3:26 pm

'ජවාන්' වෙනුවෙන් ෂාරුක්ට පළමු ජාතික චිත්‍රපට සම්මානය

ඉන්දියාවේ 71 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම නළුවාට මිහි සම්මානයෙන් පිදුම් ලැබුවේ බොලිවුඩයේ සුපිරි තරු ෂාරුක් ඛාන්ය.

(0)Comments | September 24, 2025  3:16 pm

ශ්‍රී ලංකාවේ දිනකට පියයුරු පිළිකා රෝගීන් 15ක් - දිනකට මරණ 3ක්

ශ්‍රී ලංකා තුළ දිනකට පියයුරු පිළිකා රෝගීන් 15 දෙනෙකු වාර්තා වන බවත් පියයුරු පිළිකා රෝගීන් තිදෙනෙකු පමණ දිනකට මියයන බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

(0)Comments | September 24, 2025  3:07 pm

මූල්‍ය සේවා සඳහා ඩිජිටල් පහසුකම් සැපයීමෙන් ලැබෙන වාසි ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

මූල්‍ය සේවා සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීමෙන් සියලු පාර්ශ්වයන්ට ප්‍රතිලාභ අත්වන බව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

(0)Comments | September 24, 2025  1:38 pm

වාහන ආනයන ගැන මුදල් පිළිබඳ කාරක සභාවේදී හෙළිවූ දේ මෙන්න 

වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ ආදායම් ඉලක්ක වසර අවසානය වනවිට ඉක්මවා යනු ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. 

(0)Comments | September 24, 2025  1:12 pm

ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම සඳහා තීරණයක් ගනු ලැබුවොත් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දෙන බව නීතිපතිවරයා අද (24) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

(0)Comments | September 24, 2025  12:17 pm

අයිස් මත්ද්‍රව්‍ය බෙදූ කොළඹ මහ නගර සභාවේ කා.කා.ස අත්අඩංගුවට

කොළඹ මහ නගර සභාවේ සේවකයින්ට අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කළ එහි කාර්යාල කාර්ය සහයකයෙකු වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 24, 2025  12:03 pm

රනිල්ගෙන් දේශපාලන රැස්වීම් 1,000ක් ?

සෞඛ්‍ය තත්ත්වය මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

(0)Comments | September 24, 2025  11:39 am

මර්වින්ගේ නඩුවක් විභාගයට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් වත්කම් හා දේපොළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කළේය.

(0)Comments | September 24, 2025  11:21 am

ජනපති සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අතර හමුවක්

අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදී සිදුව තිබේ.

(0)Comments | September 24, 2025  11:12 am

ජනාධිපති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ද නියමිතය. 

(0)Comments | September 24, 2025  10:42 am

රුපියල් කෝටියකට වඩා මුදල් වංචා කළ හොර දොස්තර ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ අයෙකු සහ ඔහුගේ සහායකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ නොවිසඳුනු අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ.

(0)Comments | September 24, 2025  10:40 am

තිසකුට්ටිට සාගරගෙන් දැඩි අවවාද

ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද සිදුකර තිබේ.

(0)Comments | September 24, 2025  9:30 am