ජපානය පරදවා බ්‍රසීලයට සුපිරි ජයක් 

ජපානය පරදවා බ්‍රසීලයට සුපිරි ජයක් 

June 30, 2026   05:49 am

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 32 දෙනාගේ ජපානය සමඟ පැවති තරගය ගෝල දෙකට එකක් ලෙස ජයගැනීමට බ්‍රසීලය සමත්විය.

ජපානය වෙනුවෙන් 29 වන විනාඩියේදී කයිෂු සනෝ ගෝලයක් ලබාගත්තේය.

ඉන් අනතුරුව 56 වන විනාඩියේදී බ්‍රසීලය වෙනුවෙන් ගෝලයක් ලබා ගනු ලැබුවේ, කැසමීරෝ විසිනි.

ඒ අනුව තරගයේ විනාඩි 90 නිමා වනවිට කණ්ඩායම් ද්විත්වයම එක් ගෝලය බැගින් ලබා සම තත්ත්වයේ පසුවිය.

තරගයේ ජයග්‍රහකයා තීරණය කිරීම සඳහා ලබාදුන් අමතර කාලයේ අවසන් විනාඩියේදී ගේබ්රියල් මාටිනෙල්ලි ගෝලයක් වාර්තා කරමින් බ්‍රසීල කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

මේ අතර 32 දෙදෙනාගේ වටයේ දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගය ගෝල එකට බින්දුවක් ලෙස ජයගැනීමට කැනඩාව සමත්විය.

තරගයේ පළමු විනාඩි 90 තුළ කණ්ඩායම් දෙකටම ගෝල රැස්කිරීමට හැකි වූයේ නැත.

ඒ අනුව ලබාදුන් අතිරේක කාලයේදී  ස්ටීවන් යුස්ටකියෝ ගෝලයක් ලබා ගනිමින් කැනේඩියානු කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.