උණුසුම් පුවත්
රේගුව අල්ලස හා දූෂණයට වඩාත්ම නැඹුරු ආයතනය බව අල්ලස් කොමිසම කියයි
අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන සැලකීමේදී මෙරට ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන ආයතනය රේගු දෙපාර්තමේන්තුව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති නීල් ඉද්දවෙල මහතා පවසයි.
ඉන්දීය වාර්තාපොත් අලුත්කරමින් බිග් බෑෂ් ක්‍රීඩා කරන්න යන අශ්වින්
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන 'බිග් බෑෂ්' ලීග් තරගාවලියේ එළැඹෙන අදියර සඳහා ඉන්දීය හිටපු තුන්ඉරියව් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ක්‍රීඩා කිරීමට නියමිතය.
පිදුරුතලාගල රක්ෂිතයේ අනවසරෙන් කඳවුරු බැඳි 26 දෙනා අධිකරණය හමුවට
පිදුරුතලාගල රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් කඳවුරු බැඳ නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු අද (25) අධිකරණයට ඉදිරිපත් කළේය.
AI භාවිතය පිළිබඳව මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම හෙට
රජයේ ඩිජිටල්කරණ වැඩසටහන සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් පළාත් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවෙහි පළමු පළාත් වැඩසටහන හෙට (26) ප.ව 1.30ට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වේ.
නා උයන ආරණ්‍ය සෙනසුනේ අනතුර ගැන විධිමත් විමර්ශනයක් කරන්න - අධිකරණයෙන් නියෝග
කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී ඩක්කුවක් කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහව මහෙස්ත්‍රාත්වරිය පන්සියගම පොලීසියට නියෝග කර තිබේ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් නිවේදනයක්
ජාතික වගාරක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 1,669ක මුදලක් ගෙවා ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ගාල්ලේ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
අද (24) පස්වරුවේ ගාල්ල නගරයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවූ බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.
ජනපති අද එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා අතර හමුව ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) රාත්‍රියේ පැවැත් වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
2026 දී අධ්‍යාපන ක්ෂේත්රයේ ඩිජිටල් පරිවර්තනයකට සැලසුම්
2026 වසරේ මාර්තු වනවිට අධ්‍යාපන ක්ෂේත්රයේ ඩිජිටල් පරිවර්තනයට අදාළ ප්‍රතිපත්ති රාමුව සම්මත කරගැනීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව ඩිජිටල් කාර්ය සාධක බළකාය පවසයි.
ප්‍රංශයේ හිටපු ජනපතිට වසර පහක සිර දඬුවමක්
ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක් නියම කර තිබේ.
සෙල්ෆියක් නිසා ශ්‍රී ලාංකික කාන්තාවක් හොංකොංහිදී අත්අඩංගුවට
දරුවෙකු අනතුරේ හෙළා සුළි කුණාටුවක සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියකට ශ්‍රී ලාංකික කාන්තාවක් හොංකොං පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිහිටි දීමනාව හෙට බැංකුවලට
සැප්තැම්බර් මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව හෙට (26) දිනයේ අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබේ.
කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්න විපක්ෂය සූදානම්
කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගය පවසයි.
ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට අධිචෝදනා භාරදෙයි
2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායකට හට හම්බන්තොට මහාධිකරණයේදී අද (25) අධිචෝදනා භාර දී තිබේ.
එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීම පැහැරහැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කළ නියෝග ක්‍රියාත්මක වී ඇති ආකාරය සොයා බැලීම සඳහා එම පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණි.
අපවත් වූ හිමිවරු වෙනුවෙන් හිටපු ජනපති රනිල්ගෙන් ශෝක පණිවුඩයක්
නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් අපවත් වී වදාළ දෙස්-විදෙස් භික්‍ෂූන් වහන්සේලා සියලු දෙනා වෙනුවෙන් තමන්ගේ ශෝකය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ආරණ්‍ය සේනාසනයේ අනතුරෙන් අපවත් වූ හිමිවරු ගැන අනාවරණයක්
මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන්ගේ ගමන් පහසුව සඳහා යොදාගත් ඩක්කුවක් කඩා වැටිමෙන් එහි වැඩම කළ භික්ෂුන් වහන්සේ 7 නමක් අපවත් වූහ.
මනුෂට හෙට අල්ලස් කොමිෂන් කැඳවීමක්
2023 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාර මහතාව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හෙට (26) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙසට කඳවීමක් සිදුකර ඇත.
විශේෂ මෙහෙයුම්වලදී 1,006ක් සැකපිට අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් වලින් ඊයේ (24) දිනයේ දී පුද්ගලයින් 1,006ක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සත්ත්ව සංගණන වාර්තාවේ ජනතාව දුන් තොරතුරුවලින් සියයට 50ක් ඇත්ත -නියෝජ්‍ය ඇමති නාමල්
සත්ත්ව සංගණන වාර්තාවේ ජනතාව දුන් තොරතුරුවලින් 50%ක සත්‍යතාවක් පවතින බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්
මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ලබන 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ජනපති විදෙස් නියෝජිතයින් කිහිපදෙනෙකු සමග ද්වි පාර්ශ්වික සාකච්ඡාවක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.
තලාවේ අනතුරින් මියගිය ගණන ඉහළට
අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව මීරිගම හංදිය ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මියගිය ගණන හතරක් දක්වා ඉහළ ගොස් තිබේ.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
මත්ද්‍රව්‍ය ලොරි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.