උණුසුම් පුවත්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස දුමින්ද හුලංගමුව පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයෙකු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පත් කරනු ලැබ තිබේ.
යල කන්නයේ වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් කෙරේ
යල කන්නයේ වී තොග රජය මිලදී ගනු ලබන සහතික මිල ගණන් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශයට පත් කළේය.
මාර්ග අනතුරුවලට ප්‍රධානතම හේතුව තරුණ රියදුරන්ගේ අපරික්ෂාකාරි බවයි
අන්තරාදායක සහ අපරික්ෂාකාරි රිය ධාවනය කරන පිරිසට එරෙහිව ඉදිරියේ දී රථ වාහන නීතිවලට පමණක් සීමා නොවී අපරාධ නීතිය යටතේද දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතා පහතා පවසයි.
ජානක පෙරේරා ඝාතන සිද්ධියේ විත්තිකරුට පැනවූ ජීවිතාන්තය දක්වා සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි
2008 වසරේ අනුරාධපුරයේදී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් ජානක පෙරේරා, ඔහුගේ බිරිඳ සහ තවත් පිරිසක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවෙන් වරදකරු වූ විත්තිකරුවකුට අනුරාධපුර මහාධිකරණය විසින් පැනවූ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ.
ලෝක යුද්ධයක් පැවතියක් ශ්‍රී ලංකාව ගත් ආර්ථික ක්‍රියාමාර්ග ගැන IMF ප්‍රසාදය
මැදපෙරදිග යුද්ධ පැවැතියද ශ්‍රී ලංකා බලධාරීන්ගේ කඩිනම් ක්‍රියාමාර්ග සාර්ව ආර්ථික හා සමාජ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම උපයෝගී වූ බව IMF දූත මණ්ඩල ප්‍රධානී ඊවන් පැපගෙයෝර්ගියු මහතා පවසයි.
වනාතවිල්ලුව ප්‍රදේශයේ දියේ ගිලී මියගිය සිසුන් සංඛ්‍යාව 04 දක්වා ඉහළට
වනාතවිල්ලුව ප්‍රදේශයේ මංගලපුර විල්ලුවේ මල් කැඩීම සඳහා ඔරුවකින් ගිය පාසල් සිසුන් පිරිසෙන් මිය ගිය සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබේ.
IMF නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය මෙන්ම, රටේ උද්ධමනය සැලකිය යුතු ලෙස පහත වැටීම සහ ආර්ථිකය ස්ථාවරත්වය IMF නියෝජිතයින් විසින් ඇගයීමට ලක් කර තිබේ.
ලක්ෂ ගණනක චීන දුම්වැටි තොගයක් කටුනායකදී රේගු භාරයට
රුපියල් හැට හතර ලක්ෂ අට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ ව්‍යාපාරිකයන් තිදෙනෙකු ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.
ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කෙරේ - විශේෂ දුරකතන අංකයකුත් හඳුන්වා දෙයි
ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධ තොරතුරු හා පැමිණිලි කඩිනමින් යොමු කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ.
NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යමිලා පෙරේරා මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
වෙනිසියුලානු වැසියන් කබලෙන් ළිපට
වෙනිසියුලාවේ සිදු වූ භූමිකම්පා හේතුවෙන් එරට සෞඛ්‍ය සේවා පද්ධතිය දැඩි බලපෑමකට ලක්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.
හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
හෙරොයින් ග්‍රෑම් 3.074ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට අනුරාධපුර පළාත්බද මහාධිකරණයේ ශාලා අංක 01හි දී අද (30) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලදී.
කාන්තා T20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (30) පැවැත්වීමට නියමිතව තිබේ.
NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරියක වන ශ්‍යාමිලා පෙරේරා මහත්මිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියට චන්ඩි පාට් දැම්ම 5ක් අත්අඩංගුවට
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධි බලහත්කාරය පෑ සැකකරුවන් පස්දෙනෙකු වේයන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාසල් ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ ගාස්තු ගැන තීරණයක්
ඉන්ධන මිල අඩු වුව ද පාසල් ළමුන්ගේ ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ කුලී ගාස්තු අඩු නොවන බව එම සංගම් පවසා තිබේ.
නාවික හමුදාපති කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට
නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා අද්මිරාල් ධුරයට උසස් කර තිබේ.
අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කෙරේ
අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලි සැපයුම විසන්ධි කර ඇති බව වාර්තා වෙයි.
වත්කම් සහ බැරකම් ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ වෙයි
තාක්ෂණික දෝෂ හේතුවෙන් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට ලියාපදිංචිවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරින්ට සිය වත්කම් හා බැරකම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබේ.
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1,700 සීමාව පනී
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 1,700 සීමාව දක්වා ඉහළ ගොස් තිබේ.
රුපියල් කෝටියක් වටින සුපර් බයික් සමඟ මාට්ටු වූ ව්‍යාපාරිකයා
මෙරට ලියාපදිංචි කළ නොහැකි කෝටියකට අධික වටිනා අධිබලැති නවීන පන්නයේ යතුරුපැදි පහක් සමඟ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මඩකලපුවේ අලුත් පාලම දෙකඩ වෙයි - ජනතාව දැඩි පීඩාවට
මඩකලපුව නගරයට පැමිණෙන ජනතාව භාවිත කරන ප්‍රධාන පාලම් අතරින් එකක් වන 'අලුත් පාලම' දෙකඩවී තිබේ.
ඩෙංගු රෝගීන් 54,000 පනී
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මධ්‍යයේ රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම තවදුරටත් තීව්‍ර වෙමින් තිබේ.