Whatsapp අලුත් වෙයි ? - පරිශීලකයින්ට දැනුම්දීමක්

Whatsapp අලුත් වෙයි ? - පරිශීලකයින්ට දැනුම්දීමක්

June 29, 2026   09:59 pm

දුරකථන අංකය වෙනත් අයට පෙනෙන්නට නොදී, පරිශීලක නාමයක් (Username) පමණක් භාවිත කරමින් අන් අය සමඟ සම්බන්ධ වීමේ හැකියාව WhatsApp විසින් හඳුන්වාදීමට නියමිතව ඇත.

ලොව පුරා සිටින බිලියන 3ක පරිශීලකයන් වෙත ඉදිරි මාස කිහිපය තුළ ලබා දීමට නියමිතයි.

මෙය අනිවාර්යය නොවන අතර කැමති අයට පමණක් තමන්ට අවශ්‍ය පරිශීලක නාමයක් (Username) වෙන් කරවා ගත හැකියි. 

මේ අතර, තමන් තෝරාගත් පරිශීලක නාමය ඕනෑම වේලාවක ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලැබේ.

පරිශීලක නාමයක් සඳහා භාවිත කළ හැක්කේ උපරිම අකුරු/සංකේත 35ක් පමණි.

ප්‍රසිද්ධ දේශපාලනඥයන් හෝ ප්‍රසිද්ධ චරිතවල නම් වෙනත් අයට ව්‍යාජ ලෙස භාවිත කිරීමට නොහැකි වන සේ සීමා පනවා ඇත.

WhatsApp ගිණුමක් ආරම්භ කිරීමට තවදුරටත් දුරකථන අංකයක් අනිවාර්ය වන නමුත්, Username විශේෂාංගය ක්‍රියාත්මක වූ පසු අන් අයට ඔබේ දුරකථන අංකය දැකගත නොහැකි වනු ඇත.

මෙමඟින්, විශේෂයෙන්ම Group Chatවල සිටින නොදන්නා පුද්ගලයන් සමඟ තමන්ගේ පෞද්ගලික දුරකථන අංකය බෙදා ගැනීමට අකමැති අයට වැඩි පෞද්ගලිකත්ව ආරක්ෂාවක් ලැබෙන බව WhatsAppහි නිෂ්පාදන ප්‍රධානී ඇලිස් නිව්ටන්-රෙක්ස් පවසයි.