පෝය දිනය අවසන් වනවිට දන්සල් 12,000කට අධික ගණනක් පරීක්ෂාවට

පෝය දිනය අවසන් වනවිට දන්සල් 12,000කට අධික ගණනක් පරීක්ෂාවට

June 29, 2026   09:15 pm

අද (29) පොසොන් පෝය දිනය අවසන් වනවිට දිවයින පුරා දන්සල් 12,883ක් පරීක්ෂා කර තිබේ.

එහිදී අඩුපාඩු පැවතීම හේතුවෙන් නිවැරදි කර නැවත පවත්වාගෙන යාමට දන්සල් 146කට අවසර ලබා දී ඇත.

මේ අතර, පරීක්ෂා කළ දන්සල් අතරින් දන්සල් 6ක් තහනම් කර ඇත.

ඒ ප්‍රමිතියෙන් තොරව සකස් කළ සිසිල් බීම දන්සල් ය.