උණුසුම් පුවත්
සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ජාත්‍යන්තර සමුළුව ඉන්දියාවේදී
සාර්ක් (SAARC) මාධ්‍යවේදීන්ගේ සංසදයේ ජාත්‍යන්තර සමුළුව ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නාලන්දා විවෘත විශ්වවිද්‍යාලයේ දී ජනවාරි 4 සහ 5 යන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරයි
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත ආදායම ලෙස රුපියල් මිලියන 1688ක් පසුගිය වර්ෂයේ දී වාර්තා කර තිබේ.
අයිස් මත්ද්‍රව්‍ය සමග සිව්දෙනෙකු අත්අඩංගුවට
පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Starlink වෙනිසියුලාවට නොමිලේ සේවා සපයයි
වෙනිසියුලාවට එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව එරටට නොමිලේ අන්තර්ජාල සේවාවන් සැපයීමට ඊලෝන් මස්ක්ගේ Starlink පියවර ගෙන තිබේ.
වනජීවී නිලධාරීන්ට රාජ්‍ය පරිපාලන ඇමතිගෙන් චෝදනා
ගම්වදින වනඅලි පළවා හැරීම සඳහා ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා වනජීවී නිලධාරීන්ට චෝදනා කරයි.
නව ඖෂධ වර්ග 10ක් මේ වසරේ දී නිෂ්පාදනයට SPCයේ සැලැස්මක්
මෙම වසරේ දී නව ඖෂධ නිෂ්පාදන 10ක් වෙළෙඳපොළට හදුන්වාදීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි.
සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට
සතොසට හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උප ජනාධිපතිනියට නියෝගයක්
වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එරට උප ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස්ට නියෝගයක් නිකුත් කර තිබේ.
2026 වසරේ පළමු පාසල් වාරය හෙට ඇරඹෙයි
2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් හෙට (05) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
නිව්යෝර්ක් වෙත ගෙන ආ වෙනිසියුලානු ජනාධිපතිව රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කෙරේ
අමෙරිකානු අත්අඩංගුවට පත් වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ මෙට්‍රොපොලිටන් හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයකට ප්‍රවාහනය කර තිබේ.
මාරක අනතුරු කිහිපයකින් පස්දෙනෙක් මරුට
ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් තරුණයින් දෙදෙනෙකු, කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.
කොහුවල වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි
වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (05) දිනයේදී හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වෙනිසියුලාවේ පාලනය එක්සත් ජනපදය යටතට ගන්නා බව ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එරට ජනාධිපති නිකලොස් මධුරෝ අමෙරිකානු අත්අඩංගුවට ගත් ආකාරය සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට අදහස් දක්වා තිබේ.
කොළඹ ප්‍රදේශ කිහිපයකට බිඳ වැටී තිබූ ජල සැපයුම යථාවත් කෙරේ
දෙහිවල, ගල්කිස්ස ඇතුළු කොළඹ ප්‍රදේශ රැසකට බිදවැටී තිබූ ජල සැපයුම යථාවත් කර තිබේ.
දළදා මාළිගාවේ වාර්ෂිකව පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය
ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර්ෂිකව සිදු කෙරෙන සතර මහා මංගල්‍යයන්ගෙන් නව වසරේ පළමුවෙන්ම යෙදෙන අලුත් සහල් මංගල්‍ය පෞරාණික චාරිත්‍රානුකූලය හා ආගමික වතාවත් අනුව අද (03) දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේදීදි සිදුවිය.
ගුරු - විදුහල්පති වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක්
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පෙර අධ්‍යාපනයට සම්බන්ධ සියලු සංවිධාන හා විද්වතුන්ගේ අදහස් ලබා ගැනීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත යුතු බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසයි.
''ලක්ෂ 50 දීමනාව ජනවාරි මුල් දින 10 තුළ ලබාදෙනවා''
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් වෙත පිරිනමන රුපියල් ලක්ෂ 50ක දීමනාව ජනවාරි මාසයේ පළමු දින 10 තුළදී ලබාදීම ආරම්භ කරන බව, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
බිඳවැටුණු ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත්
දෙහිවල ගල්කිස්ස ඇතුළු ප්‍රදේශ රැසකට බිදවැටී ඇති ජල සැපයුම අද මධ්‍යම රාත්‍රීය පමණ වන විට යථා තත්ත්වයට පත් වනු ඇති බව ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි.
අමෙරිකානු භාරයට ගත් වෙනිසියුලානු ජනාධිපතිට අධි චෝදනා ගොනු කෙරේ
අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝට මත්ද්‍රව්‍ය සහ අවි චෝදනා සම්බන්ධව නඩු ගොනු කර නිව්යෝර්ක් හිදි අධි චෝදනා ගොනු කරන බව අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කොළඹ - නුවර මාර්ගයේ අනතුරක් - පියෙකු සහ දියණියක රෝහලට
කොළඹ - නුවර මාර්ගයේ වරකාපොල තෝලංගමුව ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් හා බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
පුනරුදයට මඟ තුළින් කෑගල්ලට මාර්ග 03ක්
ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන "පුනරුදයට මග" වැඩපිළිවෙළට සමගාමීව ග්‍රාමීය මාර්ග 76ක් සංවර්ධනය කිරීමට අමාත්‍යංශය මගින් පියවර ගෙන තිබේ.
විදේශයේ සැඟව සිටින අපරාධකරුවන් දෙදෙනෙකුගේ ගෝලයින් සිව්දෙනෙකු ගිනිඅවි සමග අත්අඩංගුවට
විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් දෙදෙනෙකු විසින් මිනිස් ඝාතන සඳහා යොදවා ගත් ගිනිඅවි තුනක් සොයා ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කටයුතු කර තිබේ.
වෙනිසියුලානු ජනාධිපති සහ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන රටින් පිටතට රැගෙන යයි
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව ජනපති ට්‍රම්ප් තහවුරු කර තිබේ.