උණුසුම් පුවත්
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක්
හෙට (19) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගය සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ජනපතිට බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට
මත්තල අධිවේගී පිවිසුම අසලදී ජනාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ, එම වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහල කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු කටාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
20ක් රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
හම්බන්තොට පල්ලේමළල ප්‍රදේශයේදී සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දීමක්
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින්, නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් එම ප්‍රදේශය අශ්‍රිතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්
තමා වැඩ තහනමකට ලක්කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
අකුරේගොඩ ද්විත්ව ඝාතනයට ඇල්ලූ සැකකාර සහෝදරයන් රිමාන්ඩ් - අනෙක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සහෝදරයන් දෙදෙනා මාර්තු මස 4වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත් කර තිබේ.
මෛත්‍රී වික්‍රමසිංහට ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මේ මස 20 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක් සිදුකර තිබේ.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
T20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 3වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි.
මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයටත් මහා සඟ සමුළුවට ආරාධනා
එළැඹෙන 20 වනදා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත මහා සඟ සමුළුව සම්බන්ධයෙන්, දැනුම්වත් කර එයට ආරාධනා කිරීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජිතයන් පිරිසක් අද (18) මහනුවර දී මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බැහැදුටුහ.
ජනපති අනුර, ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ඉන්දීයාවේ අමෙරිකානු තානාපති හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතාව හමුවී තිබේ.
අල්ලස් ලබාගත් ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට
රුපියල් 5,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත වාලච්චේන කෝරලයිපත්තු (මධ්‍යම) ක්වාසි අධිකරණයේ සහ පොළොන්නරුව (වැ.බ.) ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අකුරේගොඩ ඝාතන සැකකරුවන් අද අධිකරණයට - ජංගම දුරකථනවල දත්ත මකා ඇති බව පොලීසිය කියයි
අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (18) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි
ඊයේ (17) දිනය තුළ මඩකලපුවට මි.මී 128.9ක උපරිම වාර්ෂාපතනයක් වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අඹතලේ සිට දෙහිවල දක්වා ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක්
අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබේ.
මතීෂ T20 ලෝක කුසලානයෙන් ඉවතට
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.
බහාලුම් 323 ගැන විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඇමති උපාලි පන්නිලගේ
නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පත්කර තිබේ.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (18) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
අගමැතිනිය සහ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අතර හමුවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
මත් ජාවාරම් කළ බෝට්ටු තුනකට අමෙරිකානු හමුදා ප්‍රහාරයක්
නැගෙනහිර පැසිෆික් සහ කැරිබියන් කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට කියන බෝට්ටු තුනකට එල්ල කළ ප්‍රහාරවලින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව ඇමෙරිකානු හමුදාව පවසයි.
අළු බදාදා දිනය අදයි - චතාරික සමය ආරම්භ වෙයි
“දූවිල්ලෙන් සෑදුනු මිනිසා දූවිල්ලටම හැරෙන්නේය” යන දේව ප්‍රකාශය සිහිපත් කෙරෙන කිතුණු බැතිමතුන්ගේ අළු බදාදා දිනය අදට (18) යෙදී තිබේ.
නීතිඥවරයෙකු ඝාතනය කිරීම වෘත්තීයවේදීන්ගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නාර්ථයක් -GMOA
නීතිඥයකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා සාහසික ලෙස ඝාතනය කිරීමේ සිදුවීම තුළ පුරවැසියන්ගේ සහ වෘත්තීයවේදින්ගේ ආරක්ෂාව පිළිබඳ නැවත බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුකර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද අධිකරණය හමුවට
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (18) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අදත් සවස 1න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ.