උණුසුම් පුවත්
GMOA අද හදිසියේ රැස්වෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක කමිටු රැස්වීමක් අද (07) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
බ්‍රසීල සහ අමෙරිකානු ජනපතිවරු අතර දුරකථන සංවාදයක්
බ්‍රසීල ජනාධිපති ලුවිස් ඉනාසියෝ ලුලා ද සිල්වා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදය සිදුව ඇත.
ඔක්තෝබර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අද සිට
ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අදින් (07) ආරම්භ වේ.
අමෙරිකානු සාම සැලැස්ම පිළිබඳ සාකච්ඡා ඇරඹේ
ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු සාම සැලැස්ම පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීම අරමුණු කරගනිමින් නිල නොවන සාකච්ඡා ඊජිප්තුවේ ෂාර්ම් එල්-ෂෙයික් නගරයේදී ආරම්භ කර තිබේ.
හුංගම නිවසක ද්විත්ව ඝාතනයක්
හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක ද්විත්ව ඝාතනයක් සිදුව තිබේ.
ප්‍රදේශ රැසකට හවසට ගිගුරුම් සහිත වැසි
අද (07) දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිල්වැල්ල මුහුදේ දිය නෑමට ගිය තිදෙනෙක් ගසාගෙන යයි - අයෙක් මරුට
දික්වැල්ල, නිල්වැල්ල බ්ලූබීචි දුපත අසල මුහුදේ දිය නෑමට ගිය යටියන ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු දියේ ගසාගෙන ගොස් ගොස් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අගමැති හරිනි සහ මෝදි එකම වේදිකාවක දී
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වන NDTV ලෝක සමුළුව මෙම මස පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
රාජපක්ෂලාට එරෙහි වන SF
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
දොළුවේ මාරක අනතුරේ තවත් තොරතුරු එළියට
පොහොය දිනයේ සිල් සමාදන්ව සිටි කාන්තාවන් තිදෙනෙක් මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්වීමේ අනුවේදනීය පුවතක් ගම්පොළ දොළුව ප්‍රදේශයෙන් අද (06) වාර්තාවුණි.
ඉතිහාසය වෙනස් කරමින් 2025 LPL සටනට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී වන බව LPL සංවිධායකයින් නිවේදනය කර තිබේ.
මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කරයි
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාවක් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගෙන තිබේ.
අද රෑට සුපර් මූන්
වප් පුර පසළොස්වක පොහොය යෙදී ඇති අද (06) චන්ද්‍රයා "සුපර් මූන්" ලෙස දිස්වන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පවසයි.
බෙල්ලන්විල 'මැණිකා' ජීවිතයට සමුදෙයි
බෙල්ලන්විල විහාරයේ සිටි වයස අවුරුදු 76ක් පමණ වූ 'මැණිකා' නම් ඇතින්න අද (06) පස්වරුවේ මියගොස් ඇත.
OICලා 32කට ස්ථාන මාරුවීම්
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් 32කට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
ගම්පොළ - දොළුව මාර්ගයේ මාරක අනතුරක්
ගම්පොළ, දොළුව ප්‍රදේශයේ සිදුවු අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා තිබේ.
2025 වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයට විද්‍යාඥයින් තිදෙනෙක්
2025 වසරේ වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය මේරී ඊ බ්‍රන්කෝව්, ෆ්‍රෙඩ් රම්ස්ඩෙල් සහ ෂිමොන් සකගුජී ප්‍රදානය කරන බවට ස්වීඩන නොබෙල් ත්‍යාග කමිටුව අද (06) නිවේදනය කළේය.
ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී ඇතිවන බාධා සෞඛ්‍ය ඇමති කියයි
ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී එයට බාධා වී ඇත්තේ පවතින සමහර නීතිරීති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
දෙමටගොඩ පාළු නිවසක තිබී ආයුධ කිහිපයක් සොයා ගනී
දෙමටගොඩ බේස් ලයින්පාරේ කැලණිවැලි දුම්රිය මාර්ගය අසල පාළු නිවසක සඟවා තිබී ආයුධ කිහිපයක් සොයා ගැනීමට බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී තිබේ.
දෙහිවල සත්වෝද්‍යානයේ පරෙවියන් 32ක් සොරකම් කරලා
දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් තිස් දෙදෙනෙකු සොරකම් කර ඇති බව එහි පාලනාධිකාරිය පවසයි.
සෝමවතී පුදබිමේ ඉදිකෙරුණු පුරාවිද්‍යා කෞතුකාගාරය හා පර්යේෂණ ආයතනය ජනපති අතින් විවෘත කෙරේ
පොළොන්නරුව ඓතිහාසික සෝමවතී පුද බිමේ අභිනවයෙන් ඉදිකරන ලද පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඇතුළත් දෙමහල් මන්දිරය විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ සිදුවිය.
තැපෑලේ වංචා ගැන කියූ තැපැල්පතිගේ ප්‍රකාශයට තැපැල් වෘත්තිය සංගම්වලින් විරෝධය
තැපැල් සේවකයින් විසින් අනීතික ලෙස අතිකාල ලබාගෙන ඇති බවට තැපැල්පතිවරයා සිදුකළ ප්‍රකාශයට දැඩි ලෙස අප්‍රසාදය පල කරන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.
පස්සර - ලුණුගල මාර්ගයේ එක් මංතීරුවක් වසාදමයි
බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පස්සර 13 කණුව අසල නායයාමක් සිදුව තිබේ.
තරුණයින් දෙදෙනෙක් දුම්රියට බිලිවෙයි
කඩුගන්නාව දුම්රියපොළ ආසන්නයේ දී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.