ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් අගමැතිනිය හමුවෙයි

ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් අගමැතිනිය හමුවෙයි

July 4, 2026   03:12 pm

ශ්‍රී ලංකාවේ ස්වාධීන ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිනිය ඇතුළු කොමසාරිස්වරුන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

​2024 අංක 37 දරන කාන්තා සවිබලගැන්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී දූත පිරිස විසින් අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කර ඇත.

එමෙන්ම කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ ඉදිරියට ගෙනයෑම මෙන්ම කාන්තාවන් සබලගැන්වීමේ ජාතික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා මෙරට පිහිටුවන ලද ප්‍රථම ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනය මෙම ජාතික කාන්තා කොමිෂන් සභාව බව ද නියෝජිතයෝ මෙහිදී පෙන්වා දී තිබේ.

​මෙහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය, කොමිෂන් සභාව ලබා ඇති ප්‍රගතිය අගය කළ අතර ශ්‍රී ලංකාව තුළ කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සබලගැන්වීම වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කර ඇත.