උණුසුම් පුවත්
ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ වැඩිවීමක්
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
'රටම එකට' මෙහෙයුමෙන් සැකකරුවන් 858ක් අත්අඩංගුවට
රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ සිදු කළ වැටලීම් වලදී සැකකරුවන් 858 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ආපදාවට පත්වූවන්ට සහන සැලසීමට ඉන්දු - ශ්‍රී ලංකා T20 සටනක්
එළැඹෙන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙරටදී පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියට අමතරව දෙරට අතර විස්සයි20 තරග 3ක්ද පැවැත්වීමට සැලසුම්කර ඇති බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි.
අණ නොතකා ධාවනය කළ යතුරුපැදියට පොලීසියෙන් වෙඩි
බොරැල්ල සහස්පුර ප්‍රදේශයේදි අණනොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසිය වෙඩිතබා තිබේ.
වෙනිසියුලාවට ප්‍රහාර එල්ලවූයේ අමෙරිකාවෙන්
වෙනිසියුලාවේ කරකස් අගනුවර සිදුවූ පිපිරීම් මාලාව ප්‍රහාරයක් බවත්, ඒ සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග ලබා දී ඇති බවත් BBCය තහවුරු කර තිබේ.
ජනවාරි 15 සිට රට පුරා රථ වාහන දඩ GovPay හරහා ගෙවීමට අවස්ථාව
දිවයින පුරා එළැඹෙන 15 වනදායින් පසුව Govpay හරහා රථ වාහන වැරදි සඳහා වන දඩ ගෙවීමට හැකියාව සලසන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.
වෙනිසියුලාවේ අගනුවර පිපිරීම් කිහිපයක්
වෙනිසියුලාවේ අගනුවර වන කැරකස්හි පිපිරීම් කිහිපයක් එරට වේලාවෙන් අද (3) අලුයම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
2025දී ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ආර්ථික තත්ත්වයක්
පසුගියදා හටගත් 'දිට්වා' සුළි කුණාටුවෙන් දැඩි බලපෑමක් එල්ල වුවත් සමස්ථයක් ලෙස ආර්ථික අර්බුදයෙන් පසු ගතවූ 2025 වර්ෂය, ශ්‍රී ලංකාව කැපී පෙනෙන ආර්ථික තත්ත්වයක් අත්කරගෙන තිබේ.
නේපාලයේ 'බුද්ධා එයාර්' යානයක් ගොඩබෑමේදී අනතුරක්
නේපාලයේ අභ්‍යන්තර ගුවන්සේවා කටයුතුවල නිරත වන 'බුද්ධා එයාර්' යානයක් ඊයේ (2) රාත්‍රියේ ජාපාහි භද්‍රපූර් ගුවන්තොටුපොළට ගොඩබෑමේදී අනතුරකට ලක්ව ඇත.
උල්කාපාත වර්ෂාවක් සහ සුපිරි සඳක් අද රාත්‍රියේ
මේ වසරේ දර්ශනය වීමට නියමිත ප්‍රධාන උල්කාපාත වර්ෂාවලින් එකක් අද සහ හෙට රාත්‍රියේ දර්ශනය වීමට නියමිත බව ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානය පවසයි.
කුලියට ගත් යතුරුපැදි වංචනිකව විකිණු අයෙක් අත්අඩංගුවට
කුලී පදනම මත යතුරුපැදි ලබාගෙන, එම යතුරුපැදි නිතී විරෝධි ලෙස අලෙවිකිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුව ගෙන තිබේ.
ෂෙහාන් ජයසූරිය අමෙරිකානු T20 ලෝක කුසලානය සංචිතයට
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය අමෙරිකා එක්සත් ජනපද ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබේ.
ටෙස්ලා අබිබවා BYD ඉදිරියට
2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ BYD සමාගම පත්ව තිබේ.
කොළඹ අවට තැන් රැසකට ජල සැපයුම අත්හිටුවයි
අඹතලේ සිට දෙහිවල දක්වා ජලය ගෙන යන නළ මාර්ගයේ හදිසි පිපිරීයෑමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අද (03) අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පැවසීය.
අද මධ්‍යම රාත්‍රියට පෙර ජල සැපයුම යථාවත් කිරීමට ක්‍රියාකරන බවද ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.
ඉදිකෙරෙමින් පවතින මහල් ගොඩනැගිල්ලක නාඳුනන පුද්ගල මළසිරුරක්
අම්බලන්ගොඩ පොලිස් වසමේ ඔලගම ප්‍රදේශයේ ඉදිකෙරමින් පවතින මහල් 18 කින් යුත් ගොඩනැගිල්ලක 15 වන මහලේ නාඳුනන පිරිමි පුද්ගල මළසිරුරක් ඇති බවට අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
මන්නාරම උසාවිය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට දින 90ක රැඳවුම් නියෝග
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පසුගිය වසරේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු, දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මන්නාරම අධිකරණය අවසර ලබාදී තිබේ.
පහරකෑමට ලක්වූ අවුරුදු 14ක දරුවෙකු මරුට
නූරිය පොලිස් වසමේ නූරියවත්ත 02 කොටසෙහි පදිංචිව සිටි වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකුට පහරදී ඝාතන කර ඇති බවට වූ තොරතුරක් සම්බන්ධයෙන් නූරිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
දුරුතු පුර පසළොස්වක පොහොය අදයි
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබේ.
අද ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තද වැසි
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උපත් පාලන ඖෂධ සහ උපකරණ සඳහා චීනය බදු පනවයි
චීනයේ පහත වැටෙන උපත් අනුපාතය ඉහළ නැංවීමේ නව උත්සාහයක් ලෙස, උපත් පාලන ඖෂධ සහ උපකරණ සඳහා දශක තුනක් තිස්සේ පැවති බදු සහනය ජනවාරි 1වනදා සිට ඉවත් කර ඇත.
පොල් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය පනී
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබේ.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා අද (02දා) නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කළේය.
SSC ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු 21වනදාට පෙර
2026 පන්දුවාර 20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ SSC ක්‍රීඩාංගණයේ සියලු නවීකරණ කටයුතු ජනවාරි 20වනදා වනවිට සිදුකර අවසන් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සූජිව ගොඩලියද්ද මහතා පවසයි.
2026 පාසල් කාලසටහන සංශෝධනය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසර සඳහා පාසල් කාලසටහන සංශෝධනය කිරීම සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය උපයෝජනය කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය විසින් උපදෙස් සංග්‍රහය නිකුත් කර තිබේ.
6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ අවුල්සහගත පිටුව ගලවා ඉතිරිය බෙදීමේ යෝජනාවක්
ආන්දෝලනයට තුඩුදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයේ මොඩියුලය මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 61කට ආසන්න මුදලක් වියදම් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.