උණුසුම් පුවත්
සුරේෂ් සලේට එරෙහි නඩුව මැයි 20 දක්වා කල්යයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය මැයි 20වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.
හෝමූස් හරහා ගමන්කළ නැව් දෙකක් ඉරාන හමුදා භාරයට
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් සිය භාරයට ගෙන ඇති බව එරට රජයේ පුවත් සේවා ප්‍රකාශ කර තිබේ.
ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස චමින්ද පතිරාජ පත්කෙරේ
ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස ඉරාජ් චමින්ද පතිරාජ මහතා පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
උණුසුම් කාලගුණය තවදුරටත්
ප්‍රදේශ කිහිපයක් සඳහා අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් සිදුකර තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නව කමිටුවක්
ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ අදාළ අමාත්‍යාංශ හා ආයතනයන්හි නියෝජනයන්ගෙන් සහ ප්‍රති - ත්‍රස්ත ක්‍රියාකාරකම් සහ ජාතික ආරක්ෂක විෂය ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණයෙකුගෙන් සමන්විත කමිටුවක්...
කැබිනට් තීරණ මෙතැනින්
කැබිනට් මාධ්‍ය හමුව මේ වන විට ආරම්භ වී තිබේ.
LPL පැවැත්වෙන කාලසීමාවේ වෙනසක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළැඹෙන ජූලි මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ, තරග පැවැත්වෙන කාලසීමාව සංශෝධනය කර තිබේ.
සුරේෂ් සලේ අධිකරණයට
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.
ප්‍රේමලාල් ජයසේකරට ඇප
නුවරඑළිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර "චොකා මල්ලි" ඇප මත මුදාහැර තිබේ.
ඔත්තේ රියදුරුට ඉරට්ටේ දවසේ තෙල් දෙන්න බෑ කියපු පොම්පකරුට කනේ පහරක්
කැස්බෑව - බණ්ඩාරගම මාර්ගයේ ඉන්ධන හලකට පැමිණි මෝටර් රථයකට ඉන්ධන ලබා නොදුන්නැයි උරණවී එහි පොම්පකරුට අදාළ මෝටර්රථයේ රියදුරු කම්මුලට පහරදීමක් සම්බන්ධයෙන් කැස්බෑව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව කැස්බෑව පොලීසිය පවසයි.
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
බහාලුම් 323 ගැන සොයන පාර්ලිමේන්තු කමිටුව අදත් රැස්වෙයි
කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට සහ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට සාක්ෂි කරුවන් කැඳවීමට විපක්ෂයේ සාමාජික මන්ත්‍රීවරුන් විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ප්‍රේමලාල් ජයසේකර අධිකරණය හමුවට
අත්අඩංගුවට ගත් රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් 'චොකා මල්ලි' නුවරඑළිය අධිකරණය හමුවට රැගෙන විත් තිබේ.
2026දී ආර්ථික වර්ධනය ගැන පුරෝකථනයක්
2025 වසරේදී ශ්‍රී ලංකාව අත්කරගත් ආර්ථික වර්ධන වේගයට වඩා පහළ අගයක් 2026 වසරේදී වාර්තා විය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලය ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක් අල්ලස් දැලේ
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක් (විශ්‍රාමික) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැප රියේ ගැටුණු යතුරුපැදිය - තරුණයෙක් ජීවිතක්ෂයට
සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රධාන මාර්ගයේ එකේ කණුව ප්‍රදේශයේ දී යතුරුපැදියක් සුඛෝපභෝගි ජීප් රථයක ගැටී මාරක අනතුරක් සිදු වී තිබේ.
ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි
ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ඉලක්කගත මූල්‍ය සම්බාධක (Targeted Financial Sanctions - TFS) ක්‍රියාත්මක කිරීම ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශ පවසයි.
ජීවිත බිලිගත් මාරක අනතුරු
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.
අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට
අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර මහතා අද (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව නුවරඑළිය පොලීසිය පවසයි.
මවකට මහමඟදී අමානුෂිකව පහරදුන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වූ, මවකට මහමඟදී පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු ගොකරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සාම පාගමන දඹුල්ලෙන් අද ඇරඹෙයි
ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ''Walk For Peace" සාමයේ පා ගමන අද (22) දඹුල්ලෙන් ඇරඹෙන අතර අප්‍රේල් 28 වැනිදා දක්වා එය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
අදත් ප්‍රදේශ රැසකට මි.මී 75 ඉක්මවූ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
ඉරානය සමඟ ඇති සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
මෙය ප්‍රකාශයට පත් කෙරුණේ කලින් ප්‍රකාශයට පත් කර තිබූ සටන් විරාමය අවසන් වීමට පැය කිහිපයකට පෙරය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සටන් විරාමය අවදානමක - හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායල හමුදාවට රොකට් ප්‍රහාර
දකුණු ලෙබනනයේ රැඳී සිටින තම සොල්දාදුවන් ඉලක්ක කරමින් හිස්බුල්ලා සංවිධානය විසින් රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවට ඊශ්‍රායල හමුදාව චෝදනා කර තිබේ.
එක්සත් රාජධානියේ මහ කොමසාරිස් සහ ඇමති අරුණ කරුණාතිලක අතර සාකච්ඡාවක්
එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා සහ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.