උණුසුම් පුවත්
ජාතික කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්
ජාතික කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (23) පස්වරුවේ පැවැත්විණි.
ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ සමාලෝචන සාකච්ඡාවක් අද (23) පැවැත්විණි.
බැකෝ සමන්ට අයත් සුඛෝපබෝගී බස් රථ 2ක් හමුවෙයි
බැකෝ සමන්ට අයත් රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී බස් රථ 2ක් සොයාගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සමත්ව ඇත.
සැප රියේ බලපත්‍ර රහිතව මත්පැන් ප්‍රවාහනය කළ අයෙකු අත්අඩංගුවට
සුඛෝපභෝගී මෝටර් රථයක් යොදා ගනිමින් නීතිවිරෝධී ලෙස මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මත්පැන් බෝතල් 30ක් සමග තොඩුවාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පද්මේ CIDයෙන් පිටතට රැගෙන නොයෑමේ ප්‍රතිඥාව දීර්ඝ කෙරේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ එම දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට ලබා දී තිබෙන ප්‍රතිඥාව දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියම කළේය.
අලුත් වෙන පෙරපාසල් විෂයමාලාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවැරදි කිරීමක්
2026 වසරේ සිට දිවයින පුරා සියලුම පෙරපාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බවට මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළද එය 2027 වසර ලෙස නිවැරදි විය යුතු බවට නිවේදනය කර තිබේ.
රන් මිල අදත් රු 10,000කින් පහළට
මෙරට රන් මිල පසුගිය සතියට සාපේක්ෂව රු 77,000කින් පමණ පහළ ගොස් ඇති අතර, අද (23) දී පමණක් රන් මිල රු 10,000කින් පහළ ගොස් ඇත.
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2025 තුන්වන කාර්තුව වන විට ඩොලර් බිලියන 13කට ආසන්න වෙයි
ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 12,986.52ක සමස්ත ආදායමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා අපනයනය සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.
රජයේ නිලධාරීන්ට බලපෑම් කළ කළමණාකරුවෙකු අත්අඩංගුවට අල්ලස් දැලේ
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් රජයේ නිලධාරීන්ගේ නිල කාර්යය ඉටු කිරිමට බලපෑම් කිරීමේ චෝදනාව මත පුද්ගලික සමාගමක GPS තාක්ෂණික කළමණාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අවවාදාත්මක නිවේදනයක් - සැලකිලිමත් වන්න !
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
වැලිගම ඝාතකයින් ගැන සාර්ථක තොරතුරක්
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයේ සැකකරුවන් ගැන සාර්ථක තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
අද (23) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්
රිමාන්ඩ් භාරයේ පසුවන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂාණී නමැත්තිය ලබන 31 වෙනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මරණ දණ්ඩනය නියම වූ පාසල් සිසුන් 05ක්
මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදිය යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසයි.
අමෙරිකාවෙන් නැවතත් රුසියාවට සම්බාධක
රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක ඉලක්ක කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව සම්බාධක ප්‍රකාශයට පත්කර තිබේ.
වැලිගම සභාපතිගේ දේහය නිවසට රැගෙන එයි
වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහය මේ වනවිට මිදිගම පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.
2026 වසරේ සිට සියලුම පෙරපාසල් සඳහා එකම විෂයමාලාවක්
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී රැස් විය.
හමුදා පරිහරණයේ තිබූ උතුරු - නැගෙනහිර ඉඩම් අක්කර 700කට අධික ප්‍රමාණයක් නිදහස් කෙරේ
2025 වසරේ මේ දක්වා වූ කාලය තුළ උතුරු - නැගෙනහිර හමුදා පරිහරණයේ තිබූ රජයේ ඉඩම් අක්කර 706ක් නිදහස් කිරීමට රජය කටයුතු කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර මහතා පැවසීය.
ලොකු ලූනු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට COPF අනුමැතිය
2025 යල කන්නය සඳහා දේශීය ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීම සඳහා ආනයනික ලොකු ලූනු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) වැඩි කිරීමට අදාළව 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝගයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.
පාර්ලිමේන්තුව විශේෂ පරීක්ෂාවකට
නොවැම්බර් මාසයේ දින තුනක් පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක්කරන බව කථානායකවරයා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.
පාසල් සිසුවෙකුට දිවි අහිමි කළ මාරක අනතුර
බණ්ඩාරගම පොලිස් වසමේ පානදුර - හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය අසලදී අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ වීමට ගිය යතුරුපැදියක් හොරණ දෙසට ධාවනය වූ බස් රථයක ගැටී මාරක අනතුරක් සිදුව තිබේ.
ඔබත් අවුරුදු 25ට වැඩි නම් මේ ගැන සැලකිලිමත් වන්න
වයස අවුරුදු 25ට වැඩි සෑම සිව්දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ ආඝාත රෝගී තත්ත්වයක් ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.
අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දීමක්
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති කිලෝග්‍රෑම් එකට වඩා අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දී තිබේ.
වැලිගම ප්‍රා.ස. සභාපතිගේ ඝාතකයින් සොයා CCTV ඔස්සේ විමර්ශන
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව CCTV දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
අද දිනයේ දී ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන අයුරු
අයහපත් කාලගුණයත් සමඟ දුම්රිය මාර්ගයට ඇතිවූ අවදානම් තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රඹුක්කන - පේරාදෙණිය දුම්රිය ධාවනය අද (23) දින නැවත ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.