උණුසුම් පුවත්

අතුරුදන් වූ ගණකාධිකාරිවරයෙකුගේ සිරුර සොයා කළු ගඟේ සෝදිසියක්

ගණකාධිකාවරයෙකු කළුතර පාලමෙන් කළු ගඟට පැන ඇති බවට ලැබුණු සැකයක් මත කිමිඳුම්කරුවන් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන් කළුගගේ මෙහෙයුමක් දියත් කර තිබේ.

(0)Comments | January 21, 2026  1:46 pm

පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ( සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ඊයේ (20) සිය සහතිකය සටහන් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා අද (21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

(0)Comments | January 21, 2026  1:25 pm

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 7ක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධීව ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමග ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

(0)Comments | January 21, 2026  12:56 pm

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

(0)Comments | January 21, 2026  12:38 pm

පාසල් සිසුවියන්ට අසැබි වීඩියෝ පෙන්වූ තිදරු පියා අත්අඩංගුවට

පාසල් සිසුන්ට අවස්ථා කිහිපයකදී අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වීමේ චෝදනාව මත සැකකරුවෙකු නානුඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 21, 2026  12:23 pm

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය දැක්වීම IMF යළිත් තහවුරු කරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා තම අඛණ්ඩ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යළි තහවුරු කර තිබේ.

(0)Comments | January 21, 2026  12:00 pm

ට්‍රම්ප්ගේ ස්විට්සර්ලන්ත ගමනට බාධා

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ධවල මන්දිරයෙන් පිටත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැගත් Air Force One ගුවන් යානය, සුළු විදුලි දෝෂයකට ලක්ව තිබේ.

(0)Comments | January 21, 2026  11:08 am

දිට්වා ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කිරීමේ විපක්ෂයේ යෝජනාව මැතිසබයට

දිට්වා සුළි කුණාටුවට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

(0)Comments | January 21, 2026  11:02 am

ඉතිහාසය වෙනස්කළ ලෝක රන් මිල

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් තිබේ.

(0)Comments | January 21, 2026  10:43 am

හිම කුණාටුව නිසා සිදුවූ බිහිසුණු දුම්රිය අනතුර - අයෙක් මරුට - 37කට තුවාල

ස්පාඤ්ඤයේ බාසිලෝනා ප්‍රදේශයේදී මගී දුම්රියක් පීලි පැන අනතුරට ලක්වීමෙන් දුම්රිය රියදුරෙකු මිය ගොස් පුද්ගලයින් 37 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

(0)Comments | January 21, 2026  10:12 am

රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටිනවා - රනිල්

රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | January 21, 2026  9:39 am

අද අලුයම අවම උෂ්ණත්වය නුවරඑළියට

අද (21) අලුයම් කාලයේදී දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.4ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | January 21, 2026  9:35 am

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

අද ( 21) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

(0)Comments | January 21, 2026  9:33 am

නේපාල අගමැති සටනට ආ රැප් ගායකයා

නේපාලයේ කත්මණ්ඩු අගනුවර නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ බලේන්ද්‍ර ෂාහ් ඉදිරි මහා මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වී තිබේ.

(0)Comments | January 21, 2026  9:19 am

41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා දිවයිනෙන් පිටව යයි

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා සබීනා යූසෆ් මහත්මිය අද (21) අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියාය.

(0)Comments | January 21, 2026  8:53 am

රු.කෝටි 90ක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු නිට්ටඹුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 21, 2026  8:22 am

ධීවරයින්ට ඉහළ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ක්‍රමයක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් හඳුන්වා දී තිබේ.

(0)Comments | January 21, 2026  7:49 am

තැන තැන සිදු වූ රිය අනතුරු - තිදෙනෙකුට දිවි අහිමි වෙයි

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | January 21, 2026  7:35 am

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) සිදුකිරීමට නියමිතව තිබේ.

(0)Comments | January 21, 2026  7:18 am

අගමැති හරිනි ADB සභාපති අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා (Masato Kanda) මහතා අතර හමුවක් සිදුව තිබේ.

(0)Comments | January 21, 2026  7:07 am

රජයේ විකිරණ තාක්ෂණවේදීන් දිවයින පුරා රෝහල්වල වර්ජනයක

දිවයිනපුරා සියලුම රෝහල්වල අද (21) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

(0)Comments | January 21, 2026  6:40 am

විදෙස්ගත අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු මාට්ටු

ගිනිඅවියක් හා මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 21, 2026  6:37 am

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරඹේ

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ආරම්භ වෙයි.

(0)Comments | January 21, 2026  6:10 am

අනිද්දා සිට කාලගුණයේ වෙනසක්

ජනවාරි 23 වන දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | January 21, 2026  6:00 am

නීතිපතිවරයා ඉලක්ක කරගමින් සිදුවන ප්‍රකාශ සම්බන්ධව නීතීඥ සංගමයෙන් නිවේදනයක්

නීතිපතිවරයා ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කනස්සල්ල පළ කර තිබේ. 

(0)Comments | January 20, 2026  10:08 pm