උණුසුම් පුවත්
බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
මාතර, එළියකන්ද පාර, බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන හැටකට මිලදී ගැනීම සම්බන්ධයෙන් වු නඩුවට දෙවෙනි වරටත් පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා පැනවූ වරෙන්තු අද (21) නැවතත් දීර්ඝ කර තිබේ.
නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න - එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
නීතිවිරෝධී ලෙස උපයාගත් වත්කම් හෝ සුඛෝපභෝගී ජීවන රටාවක් ගතකරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය පසුගිය ජූලි 09 වනදා නිකුත් කළ නිවේදනය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කරයි.
කටුවාන ගින්නේ සංවේදී කතාව
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් අධික ලෙස පිළිස්සී සිටි බව පොලීසිය පවසයි.
මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අලුත් සර්වේයර් ජනරාල්වරියෙක්
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න මහත්මිය පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය පරිපාලනය තුළ තීන්දු තීරණ ගත යුත්තේ පුද්ගලික න්‍යායපත්‍ර මත නොවෙයි - අගමැති හරිනි
මෙරට ආර්ථිකය අර්බුදයෙන් මිදී ඉදිරියට යමින් පවතින පසුබිමක, රටේ තිරසාර සංවර්ධනය තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම රාජ්‍ය අංශයක් මෙන්ම වගවීමෙන් යුතු කළමනාකරණ ගණකාධිකරණ පද්ධතියක් අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය
පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (21) සිය සහතිකය සටහන් කර තිබේ.
කැබිනට් තීරණ මෙතැනින්
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ.
එල්-නිනෝ තත්ත්වය හමුවේ ගතයුතු පියවර ගැන දෙවන වරටත් දීර්ඝ සාකච්ඡාවක්
එල්-නිනෝ තත්ත්වය හමුවේ ගතයුතු පියවර සොයා බැලීමට පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව දෙවැනි වරටත් රැස්ව තිබේ.
සංවේදී සටහනක් තබමින් දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා ක්‍රීඩාවට සමුදෙයි
දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වූ කෙටිදුර ධාවනශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාපිටියට සමුගන්නා බව ප්‍රකාශයට පත්කර තිබේ.
කටුවාන ගින්නෙන් 5ක් මරුට
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලීසිය පවසයි.
සිව් හැවිරිදි සිඟිත්තිය ඩෙංගු මාරයට බිලි
ඩෙංගු රක්තපාත උණ හේතුවෙන් වයස අවුරුදු හතරයි මාස දෙකක් වයසැති කුඩා දැරියක් ගාල්ල ජාතික රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) ජීවිතක්ෂයට පත්ව තිබේ.
මූල්‍ය ආයතන 11කට මහ බැංකුවෙන් දඩ
2006 අංක 06 දරණ මුදල් ගණුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන 11කට එරෙහිව දඩ මුදල් පනවා තිබේ.
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට භාරදෙයි
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ.
කටුවාන ගින්නට පිරිසක් කොටු වී ඇත්දැයි සැකයක් - ගින්න පාලනයට දැඩි පරිශ්‍රමයක්
හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක හටගත් ගින්නට පිරිසක් කොටු වී ඇද්දැයි සැක මතුව තිබේ.
අද (21) උදෑසන ගින්න හට ගෙන තිබූ අතර මේ වනවිටත් ගින්න පාලනයට දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටී.
ප්‍රදේශ කිහිපයකට තද සුළං
දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විටින් විට තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගයානාවේ මගී ප්‍රවාහන බෝට්ටුවක් පෙරළී 27ක් මරුට - 83ක් අතුරුදන්
දකුණු අමෙරිකානු රටක් වන ගයානාවේ (Guyana) වෙරළට ඔබ්බෙන් මගී ප්‍රවාහන බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දිට්වා නිසා හානි වූ සමාජ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණවල ප්‍රගති සමාලෝචනය කරයි
'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ ස්ථාපනය කර ඇති අනුකමිටුව 05වන වරටත් එහි සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබේ.
බස් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්
යාපනය - මහනුවර (A9) ප්‍රධාන මාර්ගයේ මරදන්කඩවල මිදිවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී මගී බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
වියට්නාමයේ බස් රථයක ගින්නක් - මගීන් 7ක් ජීවිතක්ෂයට
දකුණු වියට්නාමයේ අද (21) අලුයම ධාවනය වෙමින් තිබූ බස් රථයක හදිසියේ ගින්නක් හටගෙන තිබේ.
කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පැවසීය.
පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ICC 2025-2029 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් ශූරතා තරගාවලියේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියක් සඳහා සහභාගී වීමට ඊයේ (20) රාත්‍රීයේ දී පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
මේ වසරේ ගතවූ කාලය තුළ සිදුකළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක ප්‍රමාණයක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (21) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ කර තිබේ.
ඩෙංගු මරණ 56 දක්වා ඉහළට - රෝගීන් 77,000 පනී
ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් තිබේ.