උණුසුම් පුවත්

සුගීෂ්වර යළි රිමාන්ඩ්

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

(0)Comments | July 22, 2026  2:52 pm

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ආචාර්ය (ඉංජිනේරු) ආසිරි කරුණාවර්ධන මහතා පත් කර ඇත.

(0)Comments | July 22, 2026  2:19 pm

ඇමති විජිත පිලිපීනයට ළඟාවෙයි

ආසියානු කලාපීය සංසදයට සහ අග්නිදිග ආසියානු මිත්‍රත්ව සහ සහයෝගිතා ගිවිසුමේ සංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා අමාත්‍ය විජිත් හේරත් පිලිපීනයේ මැනිලා නුවරට ළඟාවිය.

(0)Comments | July 22, 2026  2:13 pm

රුපියල් කෝටි 5කට අධික වටිනාකමක් ඇති ජංගම දුරකථන තොගයක් වලානෙන් වටලයි

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.

(0)Comments | July 22, 2026  1:40 pm

යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් 

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරු කළ ඉල්ලීමට නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධය පළ කර තිබේ.

(0)Comments | July 22, 2026  1:10 pm

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය සිකුරාදා

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.

(0)Comments | July 22, 2026  12:59 pm

දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට

මාතර, දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට නාඳුනන වෙඩික්කරුවකු විසින් වෙඩි තබා ඇත්තේ, දෙවුන්දර දේවාලයේ පෙරහැර සම්බන්ධයෙන් අපරාධ කල්ලි නායකයින් දෙදෙනෙකු අතර ඇති වුණ මතගැටුමක් හේතුවෙන් බව පැවසේ.

(0)Comments | July 22, 2026  12:53 pm

නව දිල්ලිය යුද පිටියක් කළ ඉන්දියාවේ විභාග ප්‍රශ්නපත්‍රය

විවෘත විභාග ප්‍රශ්න පත්‍රයක් විභාගයට පෙර පිටවීම මුල්කරගෙන ආරම්භ වූ ඉන්දීය තරුණ විරෝධතාවයක් මේ වනවිට රාජ්‍ය විරෝධී කැරැල්ලක මුහුණුවරක් ගෙන තිබේ.

(0)Comments | July 22, 2026  12:42 pm

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ 2027 අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් 

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.

(0)Comments | July 22, 2026  12:09 pm

ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) යළි වරෙන්තු නිකුත් කර තිබේ.

(0)Comments | July 22, 2026  11:25 am

මෝහිනී ඇල්ලේ ඛේදවාචකය - බරපතළ තත්ත්වයෙන් සිටි දරුවන් තිදෙනා වෙනත් රෝහලකට 

නල්ලතන්නියේ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මෝහිණි ඇල්ල අසළදී ප්‍රපාතයකට පෙරළීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ පාසල් ළමුන් තිදෙනා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර තිබේ. 

(0)Comments | July 22, 2026  11:08 am

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප - තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

(0)Comments | July 22, 2026  10:37 am

ගල්කිස්සේ වැරදුනු කුරුමානම

ගල්කිස්ස පොලිස් වසමේ, ටෙම්පල් පාර, ගල්කිස්ස යන ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ.

(0)Comments | July 22, 2026  10:37 am

ඩෙංගු රෝගීන් 78,000 පනී

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 78,125 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.  

(0)Comments | July 22, 2026  10:11 am

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය මේ වනවිට ආරම්භවී තිබේ.

(0)Comments | July 22, 2026  9:30 am

පුනර්ජනනීය විදුලි මිල තීරණයට මහජන අදහස් ලබා ගැනීම අදින් අවසන්

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ආශ්‍රිතව ජනනය කරන විදුලිය මිලදී ගැනීමේ මිල තීරණය කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම අද (22) අවසන් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

(0)Comments | July 22, 2026  9:15 am

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

නල්ලතන්නියේ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෝහිනී ඇල්ල අසලදී ප්‍රපාතයට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

(0)Comments | July 22, 2026  8:41 am

ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ

ඊයේ (21) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

(0)Comments | July 22, 2026  7:34 am

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වාදී තිබේ. 

(0)Comments | July 22, 2026  7:10 am

දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි

දකුණු පළාතේ පාසල්වල දෙවන වාර විභාගයට අදාළව අද (22) දින පැවැත්වීමට නියමිතව තිබූ 9 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව හා පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නපත්‍රය නොපැවැත්වීමට තීරණය කර තිබේ.

(0)Comments | July 22, 2026  7:06 am

මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය වන ‘Canal-Top Solar’ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වන මූලික ශක්‍යතා අධ්‍යයනය මහියංගනයේ වියානා ඇළ ආශ්‍රිතව සිදුකර තිබේ.

(0)Comments | July 22, 2026  6:38 am

ප්‍රදේශ කිහිපයකට අද පැය 4ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (22) ප්‍රදේශ කිහිපයක පැය 4ක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

(0)Comments | July 22, 2026  6:10 am

දෙවුන්දර නිවසකට වෙඩි ප්‍රහාරයක්

දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

(0)Comments | July 22, 2026  6:01 am

රු කෝටි 2කට අධික මුදලක් සමඟ දෙදෙනෙක් මාට්ටු

කෝටි දෙකකට අධික මුදලක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කටයුතු කර තිබේ.

(0)Comments | July 22, 2026  5:39 am

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

(0)Comments | July 22, 2026  5:26 am