උණුසුම් පුවත්
අග්‍රාමාත්‍යවරිය සහ ඉහළ පෙළේ ආයතනික නියෝජිතයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබේ.
නීතිපති ඉවත් කිරීම ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් නැහැ - අධිකරණ ඇමති
නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොකළ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ඉදිරි පැය 24 සඳහා කාලගුණ අනාවැකිය
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල හෙට (23) දිනයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර පළාතේ වෛද්‍ය වර්ජනය අවසන්
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල ආරම්භ කර තිබූ වෛද්‍ය වර්ජනය අද (22)දහවල් 2කට අවසන් කළේය.
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (22) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට
ඔස්ට්‍රේලියාවේ, නිව් සවුත්වේල් ප්‍රාන්තයේ කුඩා නගරයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ - අගමැති හරිනි
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
WHO සංවිධානයෙන් ඉවත් වීමට අමෙරිකාවේ සූදානමක්?
අමෙරිකා එක්සත් ජනපදය අද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රමේෂ් පතිරණ යළිත් පොහොට්ටුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ පත් කර තිබේ.
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගය
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙකු රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් 19 වනදා නිකුත් කළ නියෝගයේ ලිඛිත පිටපතක් සහ හඬපට වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (22) නියෝග කර තිබේ.
2025දී මෙරටින් ලාදුරු රෝගීන් 1282ක්
2025 වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් 1,282 දෙනෙකු වාර්තා වී ඇති බව, ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය යසෝමා වීරසේකර මහත්මිය පවසයි.
මාතලේ බයික් රේස් පැද්ද පිරිසක් අත්අඩංගුවට
මාතලේ නගරයේ සංඝමිත්තා පෙදෙසේ ඉහළ එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරු පැදි ධාවනය කරමින් රේස් පැද්ද යතුරුපැදි දහයක් සමග එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.
යුද්ධ හමුදා බුද්ධි තොරතුරෙන් ඇල්ලූ දුම්වැටි තොගය
වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 165,200ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න පොලීසිය මහජන සහාය පතයි
දෙහිවල ප්‍රදේශයේ පසුගිය දෙසැම්බර් 30 වැනිදා 16 හැවිරිදි දැරියකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කැපෙන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 4ක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හතරක් ලැබී තිබේ.
සමාජ මාධ්‍ය නියාමනය ගැන නලින්ද දුන් ඉඟිය
සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය තුළ සිදු වන ප්‍රචාරණය නියාමනය කිරීමට සුදුසු නීති සම්පාදනය කළ යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
සොරණාතොට මධ්‍ය මහා විද්‍යාලයට නාය අවදානමක්
බදුල්ල - සොරණාතොට මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ පස්කන්දක් නායයාමේ අවදානමකට ලක්ව ඇත.
මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම 2025 වසරේදී
මෑත ඉතිහාසයේ ආරක්ෂක අංශ විසින් සිදුකළ මෙහෙයුම් වලින් වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට හැකි වුයේ 2025 වසරේදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා පවසයි.
නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5ක් දක්වා පහළට
අද (22) දිනය තුළ වාර්තා වු අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් අංශක 3.5ක් බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
ගලහෙන් හමුවු විශේෂිත පාෂාණය ගැන වාර්තාව එළියට
මහනුවර, ගලහා, දෙල්තොටවත්ත ප්‍රදේශයෙන් සොයාගත් පාෂාණයට ඉහළ වාණිජ හෝ වෙළෙඳ වටිනාකමක් නොමැති බව ජාතික මැණික් සහ ස්වාර්ණාභරණ අධිකාරිය දැනුම් දී තිබේ.
නවසීලන්තයේ නායයෑමකින් පිරිසක් අතුරුදන්
නවසීලන්ත කඳවුරු භූමියක සිදු වූ නායයෑමකින් දරුවෙකු ඇතුළු කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
අයිස් කිලෝ එකහමාරක් සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 300ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මාදම්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අලුත් දේශපාලන පක්ෂ 5කට මැතිවරණ කොමිසමේ අනුමැතිය
නව දේශපාලන පක්ෂ 5ක් ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.
අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද වැඩවර්ජනයක - වෛද්‍යවරු දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි
අක්‍රමවත් ලෙස සිදුකරන ස්ථානමාරු කිරීම්වලට විරෝධය පළ කරමින් අද (22) දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.