උණුසුම් පුවත්
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ රැස්වීමක් ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 230ක් දුරින්
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය ප.ව. 4.00 පමණ වන විට විට පොතුවිල් සිට කිලෝමීටර් 230ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වික්ටෝරියා, රන්දෙනිගල සහ රංටැඹේ ජල මට්ටම් ගැන දැනුම්දීමක්
මහවැලි ජලාශ පද්ධතියේ වික්ටෝරියා, රන්දෙනිගල, රංටැඹේ යන ජලාශවල ජල මට්ටම් පිළිබඳව මහවැලි අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
උඩදුම්බරට භූ චලනයක්
උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) පස්වරු 5.05ට පමණ භූ චලනයක් හට ගෙන තිබේ.
අල්ලස් ගත් තාක්ෂණික නිලධාරියා ජනවාරි 23 දක්වා රිමාන්ඩ්
වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර උපකාර්යාලයේ තාක්ෂණික නිලධාරියෙකු ජනවාරි 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (08) නියෝග කර තිබේ.
අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කරන CTB රියදුරන්ට වැඩ වරදී
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කරගත් විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනේ සමාරම්භය අද (08) පෙරවරුවේ මට්ටක්කුලිය ලංගම ඩිපෝවේදී සිදු විය.
ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට ලැබෙන ණය සහන ගැන පැහැදිලි කිරීමක්
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
'දිට්වා' නිසා හානියට පත් නිවාස වෙනුවෙන් රු. ලක්ෂ 50 ලබාදීම ජනපති ප්‍රධානත්වයෙන් හෙට ඇරඹෙයි
'Rebuilding Sri Lanka' වැඩපිළිවෙල යටතේ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාසයක් වෙනුවෙන් නව නිවසක් ඉදි කරගැනීමට රජය විසින් රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ නිල වැඩසටහන ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (9) අනුරාධපුරයේ දී වේ.
කච්චතිව් මංගල්‍යය ගැන ශ්‍රී ලංකා සහ ඉන්දීය බලධාරීන් අතර සාකච්ඡාවක්
කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පිළිබඳ මූලික සාකච්ඡාවක් යාපනය දිස්ත්‍රික් ලේකම් මරුදලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පැවැත්විණි.
පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබා දීම ගැන දැනුම්දීමක්
රජයේ හා ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට සහ දිවයිනේ රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු සහ ගිහි සිසුන්ට නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීම මෙවර ජනවාරි මස දී සිදු කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
අපේ නිමි ඇඳුම් වෙනුවෙන් UK ලබාදෙන තීරු බදු රහිත ප්‍රවේශය ක්‍රියාත්මක කෙරේ
ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය හඳුන්වා දෙනු ලැබූ නව වෙළෙඳ පැකේජය මෙම වසරේ සිට ක්‍රියාත්මක බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
අලුත් යතුරුපැදි අනාරක්ෂිත ලෙස පිරිසිදු කිරීමෙන් අනතුරු ඉහළ යාමක්
අලුතින් මිලදී ගනු ලබන යතුරුපැදි අනාරක්ෂිත ලෙස පිරිසිදු කිරීමට යාමේ දී සිදුවන අනතුරුවල ඉහළයාමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසයි.
පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 250ක් දුරින් - මුහුද ඉතා රළුයි
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය ප.ව. 2 පමණ වනවිට පොතුවිල් සිට කිලෝමීටර් 250ක් ගිනිකොන දෙසින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2024 ට සාපේක්ෂව 2025 වසරේ දී මාරක රිය අනතුරුවල වර්ධනයක්
2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී මාරක රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
සියලු මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන්ට වැඩවරදී
මත්පැන් සහ මත්ද්‍රව්‍යය භාවිතා කර මෝටර් රථවාහන පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ඉන්දීය යුද හමුදාපති සහ මෙරට ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති අතර හමුවක්
ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි හා මෙරට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා අද(07) කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී හමු වී තිබේ.
මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිට ඇප
මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතාව ලක්ෂ 5 ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.
Sandy bay වෙරළ තීරය මහජනතාවට බාධාවකින් තොරව භාවිත කිරීමට පියවර
ත්‍රිකුණාමලය, මනෛයාවෙලි ප්‍රදේශයේ පවතින ‘සැන්ඩි බේ’ වෙරළ තීරය මහජනතාවට බාධාවකින් තොරව භාවිත කිරීමට අවස්ථාව ලබා දීම සහ ධීවර ගැටලුවලට විසඳුම් ලබා දීමට අදාළව ගෙන ඇති පියවර පිළිබඳව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.
ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න ! ප්‍රදේශ කිහිපයකට හෙට මි.මී 150ට වැඩි වැසි
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
දිට්වා නිසා හානියට පත් නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීම් හෙට ඇරඹෙයි
‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමේ සහ වන්දි ලබාදීමේ...
උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ගැන දැනුම්දීමක්
දිට්වා හේතුවෙන් කල්දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් එළැඹෙන 12 වනදා සිට යළි ආරම්භ වේ.
පොලිස් මෙහෙයුම්වලදී වරෙන්තුකරුවන් 225ක් අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය මෙහෙයුම් වලදී පුද්ගලයින් 600කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
අවධානයෙන් ඉන්න - වාරිමාර්ගයෙන් දැනුම්දීමක්
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය හේතුවෙන් දිවයිනට අධි තීව්‍රතාවයකින් යුතු වර්ෂාපතනයක් ඇති වුවහොත් ක්ෂණිකව ජලමට්ටම් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වත්තල ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ
වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර උප කාර්යාලයේ තාක්ෂණික නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
පීඩන අවපාතය හෙට පස්වරුවේ දී දිවයින තුළට
පීඩන අවපාතය හෙට (09) පස්වරුවේ දී හම්බන්තොට සහ කල්මුණය ප්‍රදේශයෙන් දිවයිනට ඇතුල් විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා පවසයි.