​තාක්ෂණ හා කාර්මික විද්‍යාල 25ක් සංවර්ධනය කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුකමිටුව රැස්වෙයි

​තාක්ෂණ හා කාර්මික විද්‍යාල 25ක් සංවර්ධනය කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුකමිටුව රැස්වෙයි

July 9, 2026   05:52 pm

​කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ පවතින තාක්ෂණ හා කාර්මික විද්‍යාල 25ක් සංවර්ධනය කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ තෙවන රැස්වීම අද (09) පවත්වා තිබේ. 

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙනි. 

​එහිදී වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක කිරීම මෙන්ම වෘත්තීය අධ්‍යාපනයට නව මංපෙත් විවර කිරීමේ ඉදිරි පියවරක් ලෙස මෙම තාක්ෂණ හා කාර්මික විද්‍යාල 25 සංවර්ධනය කිරීම පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.

​මෙම අවස්ථාව සඳහා වරාය හා සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ යන මහත්වරුන් මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශවල උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.