උණුසුම් පුවත්
විදුලි ගාස්තු තවත් 15%කින් වැඩිකරන්නැයි ඉල්ලීමක්
2026 දෙවන කාර්තුව සඳහා 15%කට ආසන්න ප්‍රතිශතයකින් යළිත් විදුලි ගාස්තු ඉහළ දැමීමට ජාතික පද්ධති පාලක සමාගම PUCSL වෙතින් ඉල්ලීමක් කර තිබේ.
දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් - ජනපති
දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත්, රජයට අවශ්‍ය සැපයුම් සිදු කිරීමේදීද ඉදිරියේදි දේශීය ව්‍යාපාරිකයන්ට ලබා දෙන අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
යුද්ධයෙන් නැවතී තිබූ 'කුවේට් එයාවේස්' කොළඹ දක්වා යළි ගමන් අරඹයි
යුධමය හේතුවෙන් මෙහෙයුම් නවතා තිබූ 'කුවේට් එයාවේස්' යළි කොළඹ දක්වා ගුවන්ගමන් ආරම්භ කරන බව සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අද (8) පස්වරුවේ නිවේදනය කළේය.
පළාත් රැසකට හෙට උණුසුම ඉහළට
හෙට (09) දිනයේ දී පළාත් රැසකට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රට රැකියා පෙන්වා කෝටි ගණන් මුදල් ගැරූ මහරගම කත කොටුවෙයි
ඇල්බේනියාවේ හා කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට
'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට (8) සිට නැවත ආරම්භ කෙරේ.
අලුත් අවුරුදු කාලසීමාවේ විශේෂ ප්‍රවාහන සැලැස්ම පිළිබඳ දැනුම්දීමක්
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු කාලසීමාව තුළ විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඉන්දියාවේ ගුවන් සේවා සමාගම්වලට සහනයක්
ඉරාන යුද්ධය හේතුවෙන් මූල්‍ය පීඩනයට ලක්ව සිටින ඉන්දීය ගුවන් සේවා සමාගම් වෙත සහනයක් ලබා දෙමින්, එරට ප්‍රධාන ගුවන් තොටුපොළවල ගොඩබෑමේ සහ නැවැත්වීමේ ගාස්තු 25% කින් අඩු කරන ලෙස ඉන්දියාවේ ගුවන්තොටුපොළ තීරුබදු නියාමන අධිකාරිය නියෝග කර ඇත.
ශ්‍රී ලංකාවේ අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සහ ජනපති අතර හමුවක්
ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව සිටින අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නතර කරයි
අමෙරිකානු - ඉරාන සටන්විරාමය නිවේදනය කිරීමෙන් අනතුරුව හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායල හමුදාවට සහ එම භූමියට එල්ල කරන ප්‍රහාර නවත්වා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
කෙසෙල්ගමු ඔයේ කාන්තා මළ සිරුරක්
කෙසෙල්ගමු ඔයේ පාවෙමින් තිබූ හඳුනානොගත් කාන්තා මළ සිරුරක් හමු වී තිබේ.
BOI වැඩබලන සභාපති ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කෙරේ
ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපති ලෙස පත් කර තිබේ.
නවීකරණයට ලක් වූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට
නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත් කිරීම අද (08) සිදු කෙරුණි.
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල සවස 1න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
NDB වංචා සිද්ධියට කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට
NDB අභ්‍යන්තර මුදල් වංචා සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ක්ෂණික ඇමතුම් අංකයක්
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් මහජන සේවා නවීකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස “1930” ක්ෂණික ඇමතුම් අංකය සහ නවීකරණය කළ නිල වෙබ් අඩවිය එළිදක්වා ඇත.
හෙට වතුර කැපෙන තැන්
ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු ම්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේ දී පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දුරකතන හා Whatsapp අංක භාවිත කරමින් පෞද්ගලික තොරතුරු ලබා ගැනීමේ නිරත වන වංචනික කණ්ඩායමක් පිළිබද තොරතුරු අනාවරණය වී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව කෑම වට්ටෝරු මිල ගණන් 15%කින් ඉහළට
උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද (08) සිට ඉහළ නැංවූ බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය පවසයි.
උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්
උතුරු කොරියාව විසින් අද (08) උදෑසන එරට නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව දකුණු කොරියානු හමුදාව උපුටා දක්වමින් විදසේ මාධ්‍ය වාර්තා කරයි.
පුංචි ෆාතිමාව අවසන් ගමන් යැවූ මාරක අනතුර - CCTV
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ හික්කඩුව නාරිගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවු මාරක අනතුරකින් 6 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ලොරි රථයක් පෙරළී අනතුරක් දෙදෙනෙකු රෝහලේ
වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශවයට අයත් වරුණගම ප්‍රදේශයේ දී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබේ.
බලය අනිසි ලෙස භාවිතයට අවසර දිය නොහැකියි - චීනය ආරක්ෂක මණ්ඩලයේ දී අවධාරණය කරයි
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාමාර්ග, ගැටුම් අවම කිරීම සහ සමනය කිරීම කෙරෙහි යොමු විය යුතු අතර අනවසර හමුදා ක්‍රියාමාර්ග කිසිවිටක නීත්‍යනුකූල නොකළ යුතු බව චීනය යළි අවධාරණය කරයි.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (08) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
මෙරට නිල විදෙස් සංචිත වත්කම් සියයට 3.5කින් පහළට
ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත වත්කම් 2026 පෙබරවාරි මාසයේ පැවති අමෙරිකානු ඩොලර් මිලියන 7,270 සිට 2026 මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 7,019 දක්වා 3.5% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.