උණුසුම් පුවත්
සිරිපා කරුණා කරන්න කිසිදු අවදානමක් නෑ -NBRO ශ්‍රී පාද භාරකාර හිමියන්ට දැනුම්දීලා
ශ්‍රී පාද - හැටන් මාර්ගයේ නායයෑමට ලක්වූ මහගිරිදඹ ප්‍රදේශය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ශ්‍රී පාදය වන්දනා කිරීමට කිසිදු අවදානමක් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තහවුරු කර තිබේ.
දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් රතු නිවේදන
පවතින තත්ත්වය තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ.
ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5දෙනා තවදුරටත් රිමාන්ඩ්
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා එළඹෙන ජනවාරි 23 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
විවාදයකට එන්නැයි බලශක්ති ඇමති කුමාර ජයකොඩිට ඩී.වී චානකගෙන් අභියෝගයක්
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ගැන ඕනෑම නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙස තමන් අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා අභියෝයග කර තිබේ.
හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 83 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කළ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
ගැඹුරු පීඩන අවපාතය ගැන නවතම දැනුම්දීමක්
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) පෙරවරු 10.00 වන විට පොතුවිල් සිට කිලෝමීටර් 160ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අධ්‍යාපන මොඩියුලය සම්බන්ධයෙන් විශේෂ තීරණයක්
දෙවැනි සහ තෙවැනි පාසල් වාරවලට අදාළ මොඩියුලර් පිළියෙළ කිරීමේදී මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
2026 අයවැය ලේඛණයෙන් තවත් නිවාස 31,000ක් - ජනපති
දිට්වා සුළි කුණාටුවත් සමග ආපදාවට ලක්ව හානි වූ නිවාස නැවත ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේදී නිවාස 20,000 - 25,000ක් අතර ප්‍රමාණයක් ඉදි කිරීමට සිදුව ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඩග්ලස් දේවානන්දාට ඇප
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඇප මත මුදා හැර තිබේ.
මොරටුව හිටපු නගරාධිපතිගේ ඇප කොන්දේසියක් සංශෝධනය කිරීමට නියෝග
මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ ඇප කොන්දේසියක් සංශෝධනය කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (9) නියම කළේය.
අයහපත් කාලගුණය නොතකා ඉන්දීය යාත්‍රා මෙරට මුහුදු සීමාවට
ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා කිහිපයක් මුලතිව් මුහුදු තීරයට ඇතුළු වී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම නිරතව සිටි බවට උතුරේ ධීවරයන් චෝදනා කරයි.
'දිට්වා' නිසා හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ලබාදීමේ වැඩසටහන ඇරඹෙයි
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම හා නිවසක් ඉදි කරගැනීමට රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ නිල වැඩසටහන ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) ආරම්භ විය.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වී තිබේ.
ඉරානයේ උත්තරීතර නායකයා පළවා හැරීමේ විරෝධතා දරුණුවෙයි
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා දින ගණනාවක් පුරා ක්‍රියාත්මක විරෝධතා මේ වනවිට ප්රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබේ.
බදුල්ලේ සියලු පාසල්වලට අද පෙ.ව 11ට නිවාඩු දෙන්නැයි දැනුම්දෙයි
බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දීමක් සිදුකර තිබේ.
T56ක් සමග හසුවූ සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරේ
T56 වර්ගයේ ගිනි අවියක් සහ පතරොම් 16ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට අධිකරණය මීටියාගොඩ පොලිසියට අවසර ලබාදී තිබේ.
ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අම්පාරට
ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වූ බව වාරිමාර්ග අධ්යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසීය.
නීතිවිරෝධී මත්පැන් සිද්ධියේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරයි
නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් පසු පුද්ගලයින් 06 දෙනෙකු මියයෑමේ සිද්ධිය පිළිබඳ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ ප්‍රධාන සැකකරුට දින 02ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකාවට තවත් ළංවෙයි
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (9) පෙ.ව. 6 වනවිට මඩකලපුවේ සිට කිලෝමීටර් 170ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
EPF හා ETF වෙනුවට විශ්‍රාම වැටුපක් දෙනවා ද?
සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල වෙනුවට විශ්‍රාම වැටුපක් ගෙවීමට රජය සූදානම් බවට පළවන වාර්තා අසත්‍ය බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.
කුවේට් බලා පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානයක් ආපසු ගෙන්වා ගනී
කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන ගුවන් යානය, කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය 02යි විනාඩි 21කට පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන්වා ගෙන තිබේ.
මොඩියුල ගැටලුව ගැන කියන්න අගමැතිනිය මල්වතු - අස්ගිරි මහනාහිමිවරු බැහැදකී
ශ්‍රේණිවල මොඩියුල සඳහා වෙබ් අඩවි ඇතුළත් නොකරන්නැයි උපදෙස් ලබා දී තිබියදී එවැන්නක් සිදුවීම ගැන විමර්ශනයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට හෙලිකොප්ටර් 10ක්
ආපදා තත්ත්වයකදී භාවිතා කිරීම සඳහා අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට හෙලිකොප්ටර් යානා 10ක් ප්‍රධානය කිරීමට තීරණය කර තිබේ.
නායයෑම් පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක්
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන තත්ත්වය නිරිත දිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (9) පස්වරු 5.30 සිට රාත්‍රී 11.30 දක්වා කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා රට තුලට ඇතුළුවේයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.
අමෙරිකාව කලඹමින් වෙඩි පහරින් මියගිය කාන්තාව ගැන කරුණු හෙළිවෙයි
අමෙරිකාවේ මිනියාපොලිස් හි පැවති සෝදිසි කිරීමක් අතරතුරදී ආගමන විගමන නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් මියගිය කාන්තාව ගැන කරුණු කිහිපයක් එරට මාධ්‍ය විසින් හෙළිකර තිබේ.