උණුසුම් පුවත්
ගැඹුරු පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 300ක් දුරින්
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය අද (08) උදෑසන ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබේ.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (08) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරයේ කටයුතු පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි.
අමෙරිකාවේ වෙඩි තැබීමක්
අමෙරිකාවේ මිනියාපෝලිස් ප්‍රදේශයේදි සිදුවු වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ආපදා කළමනාකරණයෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.
නීති විරෝධී මත්පැන් පානයෙන් 6දෙනෙකු මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
නීති විරෝධී මත්පැන් විෂ වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මිය යෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දුම්රිය මාර්ගයේ අනතුරක් - මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ කරිත්ත කන්ද 52කහමාර කනුව අසල දී ලොරියක් දුම්රිය මාර්ගයට ලිස්සා ගොස් අනතුරක් සිදුව තිබේ.
අන්තර්ජාලය හරහා සිදුකරන වංචා වැළැක්වීමට නව වැඩපිළිවෙළක්
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් සිදුවන වංචාවන් වැළැක්වීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.
ගංවතුර පූර්ව අනතුරු ඇඟවීමක්
ගංවතුර සඳහා සුදානම් වීමේ පූර්ව අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබේ.
ජනවාරි මාසයට ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ
ජනවාරි මායෙට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට තීරණය කර තිබේ.
දුම්කොළ සහ දුම්වැටි හේතුවෙන් වසරකට ශ්‍රී ලංකාවේ මරණ 22,000ක්
දුම්කොළ සහ දුම්වැටි භාවිතය හේතුවෙන් වාර්ෂිකව මරණ 22,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 490ක් දුරින් - ඉදිරි පැය 24 තුළ නැගෙනහිර වෙරළට
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට පොතුවිල් සිට 490 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.3°N සහ දේශාංශ 86.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුනි.
කාලගුණයෙන් රතු නිවේදනයක්
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය අද (07) සවස 05.30 වන විට පොතුවිල් සිට 570 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.0°N සහ දේශාංශ 86.8°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මුල් ළමාවියේ සිටින දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට අලුත් වැඩක්
ශ්‍රී ලංකාව පුරාම සිටින දරුවන් සඳහා එකම ප්‍රමිතියකින් යුතු මුල් ළමාවිය සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහතමිය පවසයි.
සැමියාගේ මවගේ නමට ගත් දේපොළ තහනම් කෙරේ
සෞම්‍යා ප්‍රනාන්දු හෙවත් 'මොරටුවැල්ලේ බට්ටිගේ' සැමියාගේ මවට අයත් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් දේපොළ තහනම් කර ඇත.
පාකිස්තානයට ලකුණු 129ක ඉලක්කයක්
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (7) පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 19.2කදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128ක් පමණි.
ඉන්දීය යුද හමුදාධිපති යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයක
දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ඇතුළු දූත පිරිස අද (7) ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූහ.
වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ජනවාරි 09වන දා සිට
ආපදාවෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ මෙම ජනවාරි 09 වන දා අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රුසියානු ධජය සහිත තෙල් නැව අමෙරිකානු හමුදා අල්ලා ගනී
අමෙරිකානු හමුදා විසින් ලුහුබැඳගිය රුසියානු ධජය සහිත ඉන්ධන නෞකාව සිය භාරයට ගත් බව අමෙරිකාව මෙරට වේලාවෙන් අද (7) පස්වරුවේ නිල වශයෙන් තහවුරු කර තිබේ.
කාසියේ වාසිය පාකිස්තානයට
ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තානය අතර තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (7) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන නායක සල්මාන් අගා සමත් විය.
තෙල් නැවක් පසුපස අමෙරිකානු හමුදා ලුහුබඳියි
අත්ලාන්තික් සාගරය හරහා ගමන්ගන්නා තෙල් නැවක් පසුපස අමෙරිකානු හමුදා විසින් ලුහුබඳිමින් සිටින බවත්, එම නැව ආරක්ෂා කිරීම සඳහා රුසියාවෙන් සබ්මැරීනයක් සහ යාත්‍රා කිහිපයක් යොදවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එජාප - සජබ ඉදිරි සාකච්ඡා ගැන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විශේෂ තීරණයක්
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත දේශපාලනික සාකච්ඡා දෙපාර්ශ්වයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමග සාකච්ඡා කිරීමට තීරණය වී තිබේ.
ආපදා දීමනා ගෙවීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කරයි
ආපදා බලපෑම හේතුවෙන් හානි වූ නිවාස ඉදිකිරීම සහ නායයෑම් අධි අවධානම් නිවාස වෙනුවෙන් දීමනා ගෙවීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
පනත් කෙටුම්පත සම්මත වූ පසු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නෑ - ඇමති හර්ෂණ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මතවීමෙන් පසු කිසිදු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප් හිමි නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීමෙන් අනතුරුව සංශෝධන රහිතව අද (7) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
හෙට දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට හෙට (08) දිනයේ දී මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.