උණුසුම් පුවත්

මහනුවර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය භාවිතය වේගයෙන් ඉහළ ගිහින්

2024 වසරට සාපේක්ෂව 2025 වසරේ මහනුවර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය භාවිතය වේගයෙන් ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පවසයි. 

(0)Comments | January 14, 2026  10:52 am

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව පෙබරවාරියට කල්යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

පසුගිය අරගලය සමයේ 2022 මැයි මස 9 වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි තැබීම හේතුවෙන් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අමරකීර්ති අතුකෝරළ මහතා ජීවිතක්ෂයට පත්වුණි.

(0)Comments | January 14, 2026  10:28 am

අධිවේගයේ ගමන පරිස්සමින්

මේ දිනවල පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටී.

(0)Comments | January 14, 2026  10:24 am

මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට නැවතත් රතු එළි

මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවන කරන රියදුරන් සෙවීම සඳහා ජංගම රසායනාගාරයක් මේවනවිට ක්‍රියාත්මක බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ සේනාධීර මහතා පවසයි.

(0)Comments | January 14, 2026  10:11 am

විදුලිසැර වැදී අඹුසැමි යුවළකට දිවි අහිමි වෙයි

වරකාපොළ, හුනුවල ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | January 14, 2026  10:02 am

අප්‍රේල් වෙද්දි කැකුළු සහ නාඩු සහල් හිඟයක් ?

අප්‍රේල් මාසය වන විට කැකුළු සහ නාඩු සහල් හිඟයක් රට තුළ ඇති වීමේ අවධානමක් පවතින බව මරදගහමුල සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

(0)Comments | January 14, 2026  9:05 am

යාපනයේ සර්වජන බලයේ පක්ෂ කාර්යාලයට පිරිසක් ගිනි තියයි

යාපනය, තාවඩි ප්‍රදේශයේ පිහිටි සර්වජන බලයේ පක්ෂ කාර්යාලයට ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබේ.

(0)Comments | January 14, 2026  7:46 am

ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය බරපතළ තත්ත්වයක -UN මානව හිමිකම් වාර්තාවකින් හෙළිවෙයි

ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවක් මඟින් හෙළිකර තිබේ.

(0)Comments | January 14, 2026  7:33 am

පුත්තලමේ මාරක අනතුරක් - දෙදෙනෙක් මරුට

පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | January 14, 2026  6:43 am

හෙට සිට වැසි තත්ත්වයේ අඩු වීමක්

හෙට (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩු වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.

(0)Comments | January 14, 2026  6:00 am

රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් හරහා විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් අද (13) මුදල් අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි. 

(0)Comments | January 13, 2026  9:37 pm

ලාල්කාන්ත ආගමික ද්වේෂය පතුරවන බව නාමල් කියයි

නීතිය සැමට සමාන නම් බෞද්ධ නායකයින් ඉලක්ක කරගෙන සිදු කරන අපහාසයන් හා ආගමික ද්වේශය පැතිරවීම ගැන මෙම පනතට අනුව ලාල්කාන්තට ගන්නා නෛතික ක්‍රියාමාර්ග මොනවාද යන්න තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද ඔහු පැවසීය.

(0)Comments | January 13, 2026  9:06 pm

බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර පත් කෙරේ

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කර තිබේ.

(0)Comments | January 13, 2026  8:44 pm

TV දෙරණ මෙරට ප්‍රමුඛතම සන්නාම අතරට

මෙවර SUPER BRANDS 2025 සම්මාන උළෙලේදි TV දෙරණ මෙරට ප්‍රමුඛතම සන්නාමයක් ලෙස සම්මානයට පාත්‍ර වුණි.

(0)Comments | January 13, 2026  7:50 pm

දහස් ගණනකගේ ආදරය දිනාගත් 'ආලෝකා' ගැන දුක හිතෙන පුවතක්

අමෙරිකානුවන් දහස් ගණනකගේ ආදරය දිනාගමින් 'සාමය උදෙසා පාගමන'ට (Walk for Peace) එක්ව සිටි 'ආලෝකා' නම් සුනඛයා ආබාධකට ලක්ව තිබේ.

(0)Comments | January 13, 2026  7:39 pm

පාසල් නිල ඇඳුම් සඳහා චීනයෙන් රෙදි මීටර් මිලියන 11.484ක්

අධ්‍යාපනයට මූලිකත්වය ලබා දෙමින්, දරුවන්ට සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ කරන රාජ්‍යයන් දෙකක් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව හඳුන්වා දිය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

(0)Comments | January 13, 2026  7:23 pm

කොළඹ මහනගර සභා අයවැයට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීනියට අධිකරණයෙන් සහනයක්

කොළඹ මහ නගර සභා අයවැය ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශය කළේ යැයි චෝදනා කරමින් කොළඹ නාගරික මන්ත්‍රීනී සොහාරා බුහාරී මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

(0)Comments | January 13, 2026  6:40 pm

බත්තරමුල්ලේ දී වාහනවලට හානි කළ තරුණයා රිමාන්ඩ්

බත්තරමුල්ල දියත උයන සහ ඇතුල්කෝට්ටේ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් මෝටර් රථ හතරකට තියුණු ආයුධයකින් පහරදුන් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ලබන 22දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද(13) නියෝග කර තිබේ.

(0)Comments | January 13, 2026  6:23 pm

ජනපති, අගමැති සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක් 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

(0)Comments | January 13, 2026  6:05 pm

විපක්ෂය ගේන්න යන විශ්වාසභංගය ජනවාරි 22 සහ 23 විවාදයට ගන්න සූදානම්

අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ජනවාරි 22 සහ 23 යන දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට රජය සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

(0)Comments | January 13, 2026  5:34 pm

මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක්

සුළි කුණාටුවකින් පීඩාවට පත් මෙරට ජනතාවට බෙදාදීම සඳහා මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක් සිදුකර ඇත.

(0)Comments | January 13, 2026  5:18 pm

ඉරානයේ විරෝධතාවලින් මියගිය ගණන 2,000ක් දක්වා ඉහළට

සති දෙකක කාලයක් පුරා ඉරාන රජයට එරෙහිව පැවැත්වෙන අඛණ්ඩ මහජන විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව 2,000ක් පමණ වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

(0)Comments | January 13, 2026  5:03 pm

අස්වැසුම සුභසාධන යෝජනා ක්‍රමයේ නිර්ණායක සංශෝධනයට උපදෙස්

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පවතින නිර්ණායක සංශෝධනය කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

(0)Comments | January 13, 2026  4:57 pm

විමල්ගේ සත්‍යග්‍රහය අවසන්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය මේ වනවිට අවසන් කර තිබේ.

(0)Comments | January 13, 2026  4:27 pm

රාජ්‍ය සේවයට 26,095ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයට 26,095ක් අලුතින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | January 13, 2026  3:02 pm