උණුසුම් පුවත්
ඉදිකිරීම් කර්මාන්තය රටක ආර්ථික ක්‍රියාකාරීත්වයේ කැඩපතක් - දිලිත් ජයවීර
ඉදිකිරීම් කර්මාන්තය රටක ආර්ථික ක්‍රියාකාරීත්වයේ කැඩපතක් මෙන්ම ජාතියේ ප්‍රකාශනයක්ද වන බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් මස
ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් 5 සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සැලසුම් කර තිබේ.
රාජකාරිය අතරතුර දී මියගිය STF සැරයන් SI තනතුරට උසස් කෙරේ
නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ විශේෂ කාර්ය බලකායේ පොලිස් සැරයන් 67763 ඩී.ජී. රණසිංහ නිලධාරියා, උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා ඉහළ නංවමින් පශ්චාත් උසස්වීම් පිරිනැමීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.
නිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරුව අබලන් වීම ගැන හර්ෂගෙන් X සටහනක්
ගෝඨාභය රාජපක්ෂ සමයේ ඉදිකළ කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි සුප්‍රසිද්ධ ඇවිදින මංතීරුව මේ වන විට අබලන් වී ඇති බවත් යමෙකුට බරපතළ අනතුරක් සිදු වීමට පෙර මේ පිළිබඳව සොයා බලන ලෙසත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටී.
වයඹ පළාතේ 6-11 ශ්‍රේණි දෙවන වාර විභාගය ගැන දැනුම්දීමක්
වයඹ පළාතේ දෙවන වාර විභාගය පැවැත්වෙන දින සංශෝධනය වීම පිළිබඳ විශේෂ නිවේදනයක් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව හෙට (15) දිනයේ සිට ජුලි 20 වන දින දක්වා පැවැත්වීමට තිබූ විභාගයන් ජුලි මස 21 වන දින සිට ජුලි 24 වන දින දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.
මීගමුව බන්ධනාගාර ගැටුම පිටුපස කුමන්ත්‍රණයක් තිබේදැයි සොයයි
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම පිටුපස යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් තිබුණද යන්න පිළිබඳව දැන් විමර්ශන සිදුකෙරෙමින් ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි.
ආන්දෝලනාත්මක එයාර්බස් නඩුවේ විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසමට නියෝගයක්
මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ලබන ඔක්තෝබර් මස 13 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (14) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේය.
නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ෂැම්පු පැකට් තොගයක් අල්ලයි
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ෂැම්පු පැකට් තොගයක් තලෙයිමන්නාරමේදී නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.
චීන විදේශ වෙළෙඳාම වසරේ මුල් භාගයේදී පළමු වරට යුවාන් ට්‍රිලියන 25 ඉක්මවයි
චීනය මේ වසරේදී විදේශ වෙළෙඳාම ප්‍රශස්ත මට්ටමක පවත්වා ගනිමින් සිටින බව චීන රේගු පරිපාලනය පවසයි.
ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්
ඇඹිලිපිටිය, කිරලවැල්කඩුව ප්‍රදේශයේ දී පුතෙකු විසින් සිය මව හා පියා ඝාතනය කර තිබේ.
පුද්ගලයින් රවටා කළක් තිස්සේ මුදල් හා දේපොළ වංචා කළ තිදෙනෙකු මාට්ටු
පොලිස් නිලධාරීන් හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් ලෙස පෙනී සිටිමින් වසර තුනකට අධික කාලයක් පුරා දිවයිනේ පොලිස් කොට්ඨාස පහළොවක පුද්ගලයින් රවටා රුපියල් කෝටි ගණනක රත්තරන් මුදල් හා දේපොළ වංචා කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ ඔස්මන්ගේ පුතාගෙන් පෙත්සමක්
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යපාරිකයෙකු වන ගම්පහ ඔස්මන් හෙවත් ඔස්මන් ගුණසේකරගේ පුත්‍රයා විසින් ගොනු කොට තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
රථ වාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවන ලෙසට ලැබෙන කෙටි පණිවුඩය ව්‍යාජ එකක්
පොලිස් රථවාහන කොට්ඨාසය මගින් යොමු කළ ආකාරය හැඟවෙන පරිදි 'දඩ මුදල් ගෙවන ලෙසට' ඔබේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණොත් ඒ පිළිබඳව වහාම ළඟම පොලිස් ස්ථානයට දැනුම්දෙන ලෙස පොලිසිය ජනතාවට දැනුම්දෙයි.
තුන්වන දිනටත් අමෙරිකාවෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාර
ඉරානයට එරෙහිව දියත් කළ නවතම ප්‍රහාර මාලාව සාර්ථකව අවසන් කළ බව අමෙරිකානු හමුදාව පවසයි.
ඩෙංගු මරණ 48 දක්වා ඉහළට - රෝගීන් 70,000ට ළංවෙයි
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ළංවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
දියේ ගිලී 14 හැවිරිදි දරුවෙකු අතුරුදන්
ලිඳුල පොලිස් වසමේ අග්‍රා ඔයේ ගිලී පාසල් දරුවෙකු අතුරුදන්වී ඇති බවට ලිඳුල පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ගැන සජබයෙන් හෙළිදරව්වක්
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීමට අදාළ යෝජනාව මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා පවසයි.
මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබද ජාතික සතිය අදින් ඇරඹේ
මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබද ජාතික සතිය අද (14) සිට ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය පවසයි.
ලොව හොඳම ආහාර සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාවත්
Travel And Tour World (TTW) ආයතනය විසින් 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ.
සෞදි ගුවන්තොටුපොළකට හූති මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර
යේමනයේ හූති සංවිධානය විසින් සෞදි අරාබියේ අභා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කුෂ් කිලෝ 6ක් මෙරටට රැගෙන ආ පිලිපීන කත ගුවන්තොටේ දී මාට්ටු
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 180ක ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට රැගෙන ඒමට උත්සාහ ගත් පිලිපීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9%කින් ඉහළට
මැදපෙරදිග නැවතත් උද්ගත ව ඇති තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ
මීගමුව බන්ධනාගාර ගැටුමින් තවත් නිලධාරීන් දෙදෙනෙකු මරුට - මියගිය ගණන 31ක් දක්වා ඉහළට
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ (13) සහ අද (14)අලුයම අදාළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මියගොස් ඇති බවය.
අද තැන තැන සුළු වැසි
සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.