උණුසුම් පුවත්
ප්‍රසන්න රණතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කෙරේ
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පණවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
අභාවප්‍රාප්ත වූ කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද (14) කොළඹ පිහිටි කටාර් තානාපති කාර්යාලය වෙත පැමිණියේය.
නිවසක් තුළ රහසිගතව නිදන් හෑරු කතක් ඇතුළු තිදෙනෙකු මාට්ටු
රහසිගතව නිවසත් තුළ ඉතා සූක්ෂමලෙස නිධානයක් හාරමින් සිටි කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්ලිමේන්තුව ජූලි 21 සිට 24 දක්වා රැස් වෙයි
ජූලි 21 සිට 24 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.
මාරක අනතුරක් - පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි
A9 මාර්ගයේ මැදවච්චිය, වහමලු ගොල්ලෑව ප්‍රදේශයේ අද (14) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ.
සමූපකාර ව්‍යාපාරයට නව ඩිජිටල් යුගයක්
ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය නවීකරණය කරමින් එය ඩිජිටල් තාක්ෂණය සමඟ බද්ධ කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස, සමූපකාර සාමාජික ලියාපදිංචිය සඳහා වූ "ජාතික ඩිජිටල් ද්වාරය" (National Digital Portal) අද (14) නිල වශයෙන් ජනගත කෙරිණි.
ප්‍රභූන් 11කට ප්‍රභූ ආරක්ෂාව දීලාද - ඇමති නලින්දගෙන් පිළිතුරු
ප්‍රභූන් 11 දෙනෙකුට ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇති බවට පළවූ වාර්තා සම්බන්ධව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (14) පැහැදිලි කිරීමක් සිදු කළේය.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරිවාසගත දරුවන් පුනරුත්ථාපනයට විශේෂ වැඩපිළිවෙළක්
මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් පරිවාසගත කර සිටින දරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසන්නීය.
ශහීන් ෂා අෆ්රිඩි මෙවර LPL පිටියට
පාකිස්තාන සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩි මෙවර LPL තරගාවලියට එක්වීමට නියමිතව තිබේ.
ටිල්වින්ගේ ප්‍රකාශය ඇමති නලින්ද නැවතත් ඉවත දමයි
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු මුදල් ගැටලුවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ ඕනෑම මැතිවරණයක් සඳහා මුදල් වෙන් කර ඇති බවත් හදිසි මැතිවරණයක් කැඳවුවහොත් ඒ සඳහාද මුදල් වෙන් කිරීමේ හැකියාව පවතින බවය.
අලුතින් ඉදිවෙන දෙනියාය මූලික රෝහලට ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක ප්‍රදානයක්
දෙනියාය මූලික රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබේ.
වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීම රජයේ ඉලක්කයයි - ඇමති නලින්ද
යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඊයේ (13) දිනයේදී ආරම්භ කිරීමත් සමග ඊයේ දිනයේදී රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුත් වී මිලදී ගැනීම් සිදුකර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
බදුල්ල මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි
බදුල්ල මහා නගර සභාවේ ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රී මහින්ද ගුණසේකර මහතා ඉල්ලා අස්වී තිබේ.
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම රජය තවදුරටත් අධ්‍යනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවා තිබේ.
දියේ ගිලී අතුරුදන් වූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි
ලිදුල පොලිස් වසමට අයත් ලිදුල අපර කන්ද වතුයායේ පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක් අසළින් ගලා බසින ආග්‍රාඔයේ මාළු ටැංකියට ගල් එකතු කිරිමට ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවාගේ සිරුර නුවරඑලිය කොට්ඨාශ පොලිස් ජීවිතාරක්ෂක බලකායේ නිලධාරීන් විසින් අද (14) දහවල් ගොඩගනු ලැබීය.
BIMSTEC කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ 4 වන සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක මුල පිරීම හෙවත් 'BIMSTEC' සංවිධානයේ හතරවන කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කැබිනට් තීරණ මෙතැනින්
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ.
සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි
තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක්කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 17 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.
හුස්ම අල්ලන් ඉඳලා බැරිම තැන අතහැරුණ වීර පුත්තුන්ගේ ජීවිත
මීගමුව බන්ධනාගාර පරිශ්‍ය ගිනිදැල් මේ වනවිට නිවී ගොස්ය. ජීවිත 31 බිලිගත් ඒ මහා ඛේදවාචකය අවසන් වී අදට සතියක් ගෙවී ගොස් ඇතත් අද (14) උදෑසන ද එය යළි සිහියට නැගුණේ තවත් නිලධාරීන් දෙදෙනෙකු අවසන් හුස්ම හෙළීමත් සමඟය.
ඉරානයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම
ඉරානය විසින් පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.
ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්
සෘජු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වසරේ ගෙවුණු මුල් මාස 7 තුළ පමණක් වනඅලි මරණ 75ක් සිදුව ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
සංචාරකයින් රට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා
මෙරටට පැමිණෙන සංචාරකයින් රට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණය 2030 වසර වනවිට සැලකිය යුතු මට්ටමින් ඉහළ නංවා ගැනීමට සැලසුම් සකස් කරමින් සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසයි.
මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය මෙතරම් දුරදිග යෑමට හේතුව සිරකරුවන් පිළිබඳ තිබූ පූර්ව විශ්වාසය බව හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසයි.
ඉදිකිරීම් කර්මාන්තය රටක ආර්ථික ක්‍රියාකාරීත්වයේ කැඩපතක් - දිලිත් ජයවීර
ඉදිකිරීම් කර්මාන්තය රටක ආර්ථික ක්‍රියාකාරීත්වයේ කැඩපතක් මෙන්ම ජාතියේ ප්‍රකාශනයක්ද වන බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.