උණුසුම් පුවත්
උපාධිධාරි ගුරු විභාගය ළඟඳීම
රැකියා විරහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම පමා වීමට හේතුවක් වන, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති නඩු හතරේ අධිකරණ ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
මාංචු පිටින් කිඹුල්ලු ඉන්න වතුර වළට පැන්න සැකකරු
සොරකමක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මාංචු දමා සිටියදීම කිඹුලන් සිටින දිය වළකට පැන ඇති බව වාර්තා වේ.
නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේදී අවසන්
නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පවසයි.
රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නියම වෙයි
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමට තීන්දු කළ කොළඹ මහාධිකරණය එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ට නොතීසි නිකුත් කරන ලෙස නියම කළේය.
ජාතික පර්යේෂණ ප්‍රමුඛතා වාර්තාව ජනාධිපති ලේකම්වරයාට භාරදෙයි
මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට රජයේ සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ සහ සමගාමී වන"ශ්‍රී ලංකාව සඳහා වූ පර්යේෂණ ප්‍රමුඛතා – 2026" වාර්තාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දී තිබේ.
හිටපු ජනපති රනිල් තවමත් දැඩිසත්කාර ඒකකයේ
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
තුසිත හල්ලොලුව තවදුරටත් රිමාන්ඩ්
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා සැප්තැම්බර් 4 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්
මෙම දිනවල ප්‍රචලිතව පවතින සරුංගල් යැවීම ආශ්‍රිතව සිදුවිය හැකි ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
කුලියාපිටිය අනතුරේ ටිපර් රියදුරා රිමාන්ඩ් - පැය 24කට අධිකව රිය ධාවනයේ
පාසල් සිසුවියන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුට මරු කැඳවමින් කුලියාපිටිය විලපොළ මංසන්ධියේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඉන්දුනීසියාවේදී කොටු වූ අපරාධ කල්ලි නායකයින්ට ඇති චෝදනා
මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් 05 දෙනෙකු ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී අත්අඩංගුවට ගෙන තිබුණේ ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.
සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව විශේෂ අධිකරණයක්
සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව විශේෂ අධිකරණයක් පිහිටුවා නඩු විභාග කඩිනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
ඉතිහාසගත වූ පොලිස් මෙහෙයුම ගැන පොලිස්පතිගෙන් හෙළිදරව්වක්
ඉන්දුනීසියාවේ දී සංවිධානාත්මක අපරාධකරුවන් 5 දෙනෙකු එක්වර අත්අඩංගුවට ගැනීම ඉතිහාසයේ මෙවැනි මෙහෙයුමක් සිදුකළ පළමු අවස්ථාව වන බව පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
නීතියට උඩින් කිසිවෙකුටත් ඉන්න අපි ඉඩ තියන්නේ නෑ -මහජන ආරක්ෂක ඇමති
ඉන්දුනීසියාවේ දී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ව ඉදිරි දින දෙක තුන තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
ඉන්දුනීසියාවේදී කොටු කළ ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයින් මෙන්න
මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් 5 දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කිම් ජොන් උන් චීනයේ සංචාරයකට සැරසෙයි
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීනයේ සංචාරයක නිරතවීමට තීරණය කර තිබේ.
විදුලිබල සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක්
නව විදුලි බල පනතට අනුව, සමාගමකට අනුයක්ත වීමට අකමැති ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.
දුම්රිය ස්ථානාධිපතිවරු බඳවා ගැනීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා ස්ථානාධිපතිවරු බඳවා ගැනීමේ දී ඒ සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයැදුම් කළ හැකි බව දන්වමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල වෙත යොමුකර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
උසාවිය ළඟ දී පොලිස් නිලධාරියෙකුට තුවාල කළ සැකකරු අත්අඩංගුවට
කොටුව මහෙස්ත්‍රාත් අචධිකරණය අසල පැවති විරෝධතාවයක දී පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පුරප්පාඩු වූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරයේ නිලවරණය අද
පුරප්පාඩු වී පවතින අස්ගිරි පාර්ශ්වයේ එක් අනුනායක ධූරයක් සඳහා පැවැත්වෙන නිලවරණය අද (28) පැවැත්වේ.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට
මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලංගම බස් වර්ජනය ඇරඹෙයි
ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
පානදුරේ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මරුට - අපරාධ කල්ලි අතර ගැටුමක් බවට තොරතුරු
පානදුර අලුබෝගහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
ඝාතන දෙකකට පස්දෙනෙකුට මරණ දඬුවම
2011 වසරේ වලස්මුල්ල ප්‍රදේශයේ මංගල සාදයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසු පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බ්නධයෙන් වරදකරු වූ විත්තිකරුවන් තිදෙනකුට තංගල්ල මහාධිකරණය විසින් අද (27) මරණ දඬුවම නියම කරනු ලැබීය.
මව සහ පියා ඝාතනය කළාට පළිගත් සෙබළ පුතා
ගලේවෙල, දේවහුව ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර, පුළුස්සා වළ දැමීමේ සිද්ධියකට සැකපිට 26 හැවිරිදි නාවික හමුදා සෙබළෙකු මකුළුගස් වැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.