ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

July 14, 2026   10:09 am

ඇඹිලිපිටිය, කිරලවැල්කඩුව ප්‍රදේශයේ දී පුතෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී සිය මව හා පියා ඝාතනය කර තිබේ.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසීය.

මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 57ක් වන පියෙකු සහ 54 හැවිරිදි මවක බවද සඳහන්.

ඝාතනය සම්බන්ධයෙන් 26 හැවිරිදි පුත්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක රියදුරෙකු වශයෙන් සෙවය කර ඇති මොහු මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙකු බව මූලික විමර්ශමනවලදී අනාවරණය වී ඇත.

මේ සම්බන්ධව මහේස්ත්‍රාත් පරික්ෂණය ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කිරීමට නියමිත අතර සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.