උණුසුම් පුවත්

පාසල් ළමුන්ට ලබාදෙන රු 6,000ක දීමනාව මේ වසරේදීත්

පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමේ වැඩසටහන 2026 වසරේදී ද ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

(0)Comments | January 13, 2026  2:13 pm

කැබිනට් තීරණ මෙතැනින්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ.

(0)Comments | January 13, 2026  2:02 pm

සරණට එරෙහි අල්ලස් නඩුව කැඳවීමට දින දෙයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවක් යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

(0)Comments | January 13, 2026  1:55 pm

ගෙවී ගිය වසරේ රට විරුවන්ගේ පවුල්වල සුබසාධනයට බිලියනයකට අධික ප්‍රතිලාභ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2025 වසර තුළ විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සුබසාධනය සඳහා රුපියල් බිලියනයකට අධික ප්‍රතිලාභ ලබාදී ඇති බව වාර්තා වෙයි.

(0)Comments | January 13, 2026  1:28 pm

එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2ක් වටිනා අතිරේක මානුෂීය ආධාර ලබා දෙන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

(0)Comments | January 13, 2026  1:08 pm

අධ්‍යාපන වෘත්තිය සමිති කිහිපයක් අද ජනපති හමුවෙයි

ජනාධිපතිවරයා සහ අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අතර සාකච්ඡාවක් අද (13) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. 

(0)Comments | January 13, 2026  12:52 pm

නීතිවිරෝධී ක්‍රමවලට මසුන් ඇල්ලූ 13ක් නාවික හමුදා භාරයට

දින 6ක් පුරා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුම් මඟින් නීතිවිරෝධී ක්‍රමවලට මසුන් ඇල්ලූ ධීවරයින් 13 දෙනෙනෙකු සිය භාරයට ගෙන තිබේ.

(0)Comments | January 13, 2026  12:50 pm

කැමරාවේ සටහන් වූ යතුරුපැදිකරුවෙකුගේ නොහොබිනා වැඩක්

යතුරුපැදිකරුවෙකු විසින් ඔහු අත තිබූ ආයුධයක් වැනි උපකරණයක් භාවිතයෙන් බත්තරමුල්ල, දියත උයන ආසන්නයේ දී ධාවනය වෙමින් තිබූ වාහන කිහිපයකට පහරදෙන ආකාරය දැක්වෙන විඩීයෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

(0)Comments | January 13, 2026  12:45 pm

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ නඩුව කල්යයි

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි 10වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

(0)Comments | January 13, 2026  12:22 pm

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ශ්‍රේණිය සඳහා අභියාචනා අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට

2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු වටයේ අභියාචනා ඉදිරිපත් කිරීම 2026.01.12 දින සිට 2026.01.25 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සිදු කළ හැකි බව දැනුම් දී තිබේ.

(0)Comments | January 13, 2026  12:06 pm

යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

යෝජිත ජාතික විදුලි බල ප්‍රතිපත්තිය සඳහා සකස් කර ඇති කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර අදාළ සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත්විය යුතු බව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කර තිබේ.

(0)Comments | January 13, 2026  12:02 pm

මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ 871ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ගතවූ දිනයේ දී පුද්ගලයින් 871දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 13, 2026  11:43 am

බීට්ටු වන නිලධාරියෙකු අල්ලස් දැලේ

රුපියල් 30,000ක මුදලක් සහ මත්පැන් බෝතලයක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත බීට්ටු වන නිලධාරියෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 13, 2026  11:37 am

රමිත් රඹුක්වැල්ලගේ නඩුව කැඳවීමට දින දෙයි

නීති විරෝධී ලෙස වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහිව ගොනු කර ඇති නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි මස 11 කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේය.

(0)Comments | January 13, 2026  11:30 am

ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රිකව බලපෑම් කරන්නැයි ඉල්ලා තමිල්නාඩු මහ ඇමතිගෙන් අගමැති මෝදිට ලිපියක්

ශ්‍රී ලංකාවේ වත්මන් රජය ජනවාර්ගික ගැටලු විසඳීමේ මුවාවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සාහය වේගවත් කරමින් සිටින බව තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර තිබේ.

(0)Comments | January 13, 2026  11:23 am

නැගෙනහිර පළාතේ රෝහල්වල වෛද්‍ය වර්ජනයක්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද (13) නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල වෛද්‍ය වර්ජනයක් ආරම්භ කර තිබේ.

(0)Comments | January 13, 2026  11:12 am

කුමන ව්‍යසනයන් හමුවේ වුවත් න්‍යාය පත්‍රයන් හකුළන්නේ නෑ -ජනපති

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යසනය කිසිදු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | January 13, 2026  11:07 am

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

එළැඹෙන අප්‍රේල් මස අවසානය වන විට වාර්ෂික මහා සභා රැස්වීම පවත්වන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට (NOC) උපදෙස් දී තිබේ.

(0)Comments | January 13, 2026  10:42 am

දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ වැලිපැන්න පිවිසුම අතර අද (13) උදෑසන ලොරියක් සහ බස්රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

(0)Comments | January 13, 2026  10:40 am

පොහොට්ටුවේ ගම්පහ ප්‍රා.ස මන්ත්‍රිනියගේ නිවසට මාලිමා ක්‍රියාකාරිකයෙකුගෙන් ගල් ප්‍රහාරයක්

වැලිවේරිය ඇඹරලුව ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ ගම්පහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි අනූජා ශ්‍රියන්ති මහත්මියගේ නිවසට ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරියෙකු යැයි පැවසෙන පුද්ගලයෙකු විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

(0)Comments | January 13, 2026  10:26 am

'REBUILDING SRI LANKA' සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක 'REBUILDING SRI LANKA'ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අද (13) පෙරවරුවේ ආරම්භ විය.

(0)Comments | January 13, 2026  10:07 am

ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් අභාවප්‍රාප්ත වෙයි

ජාත්‍යාන්තර කීර්තියට පත් මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ආරක්ෂක තීරු ලිපි රචකයෙකු වූ ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

(0)Comments | January 13, 2026  10:00 am

පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ අනතුර

මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටුගොඩ ප්‍රදේශයේදී මිනුවන්ගොඩ දෙස සිට ජාඇළ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයේ පෙරළී ගොස් සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | January 13, 2026  9:29 am

මෙරටින් නික්මයාමට නියමිත අමෙරිකානු තානාපති ජූලි චන්ග් ජනපති හමු වෙයි

මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිදුකළ සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින්, ජනවාරි 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජූලි චන්ග් මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ.

(0)Comments | January 13, 2026  9:13 am

ඉදිරියේ දී සහල් මිලට වෙනදේ

එළැඹෙන කන්නයේ සිට වී මිල ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

(0)Comments | January 13, 2026  8:18 am