වයඹ පළාතේ 6-11 ශ්‍රේණි දෙවන වාර විභාගය ගැන දැනුම්දීමක්
July 14, 2026 11:08 am
වයඹ පළාතේ දෙවන වාර විභාගය පැවැත්වෙන දින සංශෝධනය වීම පිළිබඳ විශේෂ නිවේදනයක් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව හෙට (15) දිනයේ සිට ජුලි 20 වන දින දක්වා පැවැත්වීමට තිබූ විභාගයන් ජුලි මස 21 වන දින සිට ජුලි 24 වන දින දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.
වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 6 - 9 ශ්‍රේණි සඳහා දෙවන වාර පරීක්ෂණය 2026.07.09 සිට 2026.07.17 දක්වාත්, 10 - 11 ශ්‍රේණි සඳහා දෙවන වාර පරීක්ෂණය 2026.07.09 සිට 2026.07.20 දක්වාත් පැවැත්වීමට සැලසුම්කර තිබුණි.
කෙසේ වෙතත් සැලසුම් කළ පරිදි විභාග කටයුතු හෙට සිට 20 වන දින දක්වා පැවැත්වීමට අපහසු වන බැවින් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ තීරණයක් අනුව මෙලෙස විභාග දින 4ක් කල්දැමිමට පියවර ගෙන ඇත.
එම දින 4ට අදාළ සංශෝධිත කාලසටහන අද (14) දින ලබා දීමට නියමිතය.
