උණුසුම් පුවත්
පොලිස් ටෝච් එකට බයවී අධික වේගයෙන් ගිය යතුරුපැදිය අතරමගදී පෙරළෙයි
මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක් නිරීක්ෂණය කර එය නතර කිරීමට විදුලි පන්දම් එළිය දැල්වීමේදී යතුරුපැදියේ පැමිණි තරුණයින් දෙදෙනා අසල තිබූ අතුරු මාර්ගයකට යතුරුපැදිය හරවා වේගයෙන් ධාවනය කිරීමට කටයුතු කර තිබේ.
නවසීලන්තයට කඩුලු 07ක විශිෂ්ට ජයක්
ඉන්දිය කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින තරගය සංචාරක නවසීලන්තය කණ්ඩායම කඩුලු 07කින් ජයගැනීමට සමත් විය.
අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.1 ක්
අද (15) දිනයේ දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.1 ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මරුට
වැලිගම, කම්මල්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුට විදුලි සැර වැදිමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්
මේ වනවිට මැදපෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාවය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් නිකුත් කර තිබේ.
චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් අරඹයි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් දියුණු කිරීම ඉලක්කගත සාධකයක් වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
රටවල් 75ක පුරවැසියන් ගැන අමෙරිකාවෙන් තීරණයක්
රටවල් 75ක පුද්ගලයින් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්දැමීමට අමෙරිකාව තීරණය කර තිබේ.
තෛපොංගල් දිනයට දිලිත්ගෙන් සුබ පැතුම්
අද දිනයේ තෛපොංගල් සමරන සියලූම දෙමළ බැතිමතුන්ට හදපිරි සෙනෙහසින් සුබ පැතුම් එක්කරන බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
එකිනෙකට ගරු කරන සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනගමු -සජිත්
අද දිනයේ තෛපොංගල් සමරන සියලූම හින්දු බැතිමතුන්ට හදපිරි සෙනෙහසින් සුබ පැතුම් එක්කරන බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
සොබාදහම සමඟ ගැඹුරින් බැඳුණු තෛපොංගල් උත්සවය ජීවිතවලට මහඟු අරුතක් එක්කරයි-ජනපති
තෛපොංගල් උත්සවය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෛපොංගල් දින සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.
තෛපොංගල් දිනය අදයි
හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.
අද සිට වැස්ස අඩුයි
අද (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හෘද සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක්
හෘද සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් නිරීක්ෂණය වන බව මෙරට හෘද, උරස් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
මෙරටින් නික්මයාමට නියමිත අමෙරිකානු තානාපති ජූලි චන්ග් අගමැතිනිය හමුවෙයි
සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය අද ( 14) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
මෙවර T20 ලෝක කුසලානයේ නිල ගුවන්විදුලි විකාශන සහකරු FM දෙරණ
2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ මෙරට නිල ගුවන්විදුලි සහකරු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව FM දෙරණට අද (14) හිමිවිය.
අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.6 ක්
අද (14) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.6 ක් ලෙස රත්නපුර කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මුහුදු සීමා කඩන ධීවරයින්ට වැඩ වරදියි
විදෙස් මුහුදු සීමා නීතිවිරෝධී ලෙස උල්ලංඝනය කරන හෝ යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය හිතාමතා ක්‍රියා විරහිත කරන බවට වරදකරු වන ඕනෑම යාත්‍රාවක නියමුවාට සහ සමස්ත කාර්ය මණ්ඩලයට එළැඹෙන පෙබරවාරි 01 වැනි දින සිට පවතින නීති රෙගුලාසී යටතේ ලබා දිය හැකි මාස 6ක දැඩි ධීවර තහනම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, සුසන්ත කහවත්ත මහතා පවසයි.
අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට GMOA සූදානම් වෙයි
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් අඛණ්ඩව දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "පිටිපන කොත්තුවා" අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මහ එගොඩගේ නිමේෂ් රන්දික පෙරේරා නොහොත් "පිටිපන කොත්තුවා" නැමැත්තා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආනයනික කිරිපිටි මිල අඩු වෙයි
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.
අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයා රිමාන්ඩ්
අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයෙකු එළැඹෙන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මාවනැල්ල සහ මහනුවරට මත්ද්‍රව්‍ය බෙදූ සමීර් සියල්ල හෙළි කරයි
මාවනැල්ලට හා මහනුවරට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම ජාවාරම්කරුවකු බව කියන 'සමීර්' නැමැත්තා සහ ඔහුගේ සහෝදරයා බැංකු ගිණුමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තුව වැඩි නොකිරීමට තීරණයක්
2026 පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
දිට්වා සුළි කුණාටුවට මුහුණ දීමට බැරිවීම ගැන හොයන්න විශේෂ කාරක සභාවක්
පාර්ලිමේන්තුව ලබන 20 වැනිදා සිට 23 වැනිදා දක්වා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.
හෙට වැසි තත්ත්වයේ අඩුවීමක්
හෙට (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.