උණුසුම් පුවත්

දශක තුනකට වැඩි කාලයකට පසුව ලෙබනනය සහ ඊශ්‍රායලය සාකච්ඡා මේසයට

දශක තුනකට වැඩි කාලයකට පසු ලෙබනනය සහ ඊශ්‍රායලය ඔවුන්ගේ පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වා තිබේ.

(0)Comments | April 15, 2026  6:23 am

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළි පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල යළිත් වරක් අමෙරිකානු ඩොලර් 100ට වඩා අඩු අගයක් ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

(0)Comments | April 15, 2026  6:11 am

එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්

සේරුනුවර, සෝමාවතිය රක්ෂිතය මැදින් ගලා බසින මහවැලි ගඟේ දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

(0)Comments | April 15, 2026  6:04 am

ගමේ ගිය අයට අද සිට කොළඹ එන්න බස් සහ දුම්රිය

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා ගිය මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

(0)Comments | April 15, 2026  5:42 am

අද හවසට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද (15) ප. ව. 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | April 15, 2026  5:30 am

මෙරට රැඳී සිටි ඉරාන නාවිකයන් 240 කටුනායක හරහා යළි ඉරානයට

ශ්‍රී ලංකාවේ රැකවරණය යටතේ සිටි ඉරාන නාවික හමුදාවට අයත් නාවිකයින් 240 දෙනෙකු අද (14)  ඉරානය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.

(0)Comments | April 14, 2026  11:08 pm

අනවසරෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 4ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මන්නාරම මුහුදේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | April 14, 2026  10:24 pm

චීනයේ BYD සමාගමේ ප්‍රධාන කර්මාන්ත ශාලාවේ ගින්නක්

ලොව ප්‍රකට විද්‍යුත් වාහන නිෂ්පාදකයෙකු වන චීනයේ BYD සමාගමේ ප්‍රධාන කර්මාන්ත ශාලාවේ රථගාලේ අද (14) ගින්නක් හටගෙන තිබේ.

(0)Comments | April 14, 2026  10:06 pm

අලුත් අවුරුදු සංස්කෘතික උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ගම්පහදී

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ සිංහල දෙමිළ අලුත් අවුරුදු සංස්කෘතික උත්සවයේ නැකැත් චාරිත්‍ර සිදු කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (14) ගම්පහදී සිදු කෙරිණි.

(0)Comments | April 14, 2026  8:18 pm

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට මහනුවරදී

නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි හිස තෙල් ගෑමේ නැකත හෙට (15) පෙරවරු 6:55ට යෙදී තිබේ.

(0)Comments | April 14, 2026  6:41 pm

අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයට ඩොලර් බිලියන 270ක පාඩුවක්

අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් සිදු වූ හානිය වෙනුවෙන් ඉරානයට අම‍ෙරිකානු ඩොලර් බිලියන 270ක පාඩුවක් සිදුව ඇති බව ඉරාන රජය පවසයි.

(0)Comments | April 14, 2026  6:20 pm

ගෙවුනු දින 4ට ගම්බිම් බලා යෑමට වාහන ලක්ෂ 5ක් අධිවේගයට

දින 04ක් තුළ වාහන 520,403ක් අධිවේගී මාර්ග භාවිතා කර ඇති බව අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය පවසයි.

(0)Comments | April 14, 2026  5:24 pm

ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ 'හයිටොප් තුෂාරගේ' ගෝලයෙකු අත්අඩංගුවට

වෙන්නප්පුව දුම්මලදෙනිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | April 14, 2026  4:24 pm

තුර්කියේ පාසලක වෙඩි තැබීමකින් 16 දෙනෙකුට තුවාල

තුර්කියේ ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි පාසලක, එම පාසලේම හිටපු සිසුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

(0)Comments | April 14, 2026  3:14 pm

දින 3කදී අධිවේගයේ ආදායම රු මිලියන 163 පනී

අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 03ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 163කට අධික ආදායමක් උපයාගෙන ඇත.

(0)Comments | April 14, 2026  3:02 pm

ළිඳක තිබි කාන්තා මළ සිරුරක් සොයා ගනියි

මුලතිව්, තේරාවිල් ප්‍රදේශයේ ළිඳක තිබි කාන්තා මළ සිරුරක් සොයාගත් බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

(0)Comments | April 14, 2026  2:32 pm

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

(0)Comments | April 14, 2026  1:31 pm

රජයේ වන්දි යටතේ යළි ඉදිකෙරුණු නව නිවසක ජනපති අලුත් අවුරුදු සමරයි 

දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත්, රජයේ වන්දි යටතේ යළි ඉදිකෙරුණු නව නිවසක සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) පෙරවරුවේ එක්විය. 

(0)Comments | April 14, 2026  12:35 pm

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත උදාවෙයි 

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත අපරභාග 12.06ට උදාවිය.

නැකැත් සීට්ටුවට අනුව රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව මෙම චාරිත්‍රය සිදු කළ යුතුය. 

(0)Comments | April 14, 2026  12:06 pm

රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

කළුතර, බණ්ඩාරගම ප්‍රදේශයේ යතුරුපැදියක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

(0)Comments | April 14, 2026  11:39 am

යුද සමයේ වැළලු ආයුධ සොයා පොලීසියෙන් විශාල මෙහෙයුමක්

මඩකලපුව කාත්තන්කුඩි පොලිස් බලප්‍රදේශයට අයත් මන්මුනේ ප්‍රදේශයේ නිවසක් අසල භූමියක එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අවි සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත ඊයේ (13) දින එම ප්‍රදේශයේ කැණීම් සිදු කර තිබේ.

(0)Comments | April 14, 2026  11:22 am

ආහාර පිසීමේ නැකත උදාවෙයි 

උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත පූර්වභාග 10.51ට යෙදී තිබේ. 

ඒ අනුව රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරි බතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළඳ ද පිළියෙළ කර ගතයුතු බව නැකත් සීට්ටුවේ දැක්වේ. 

(0)Comments | April 14, 2026  10:51 am

පෙර වැරදි නිවැරදි කර ගෙන නව වසරකට පියවර තැබීය යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අලුත් අවුරුද්දක උදාව යනු පෙර වැරදි නිවැරදි කර ගෙන නව වසරකට පියවර තැබීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

(0)Comments | April 14, 2026  10:30 am

සියලුම අඩුපාඩු, අතපසුවීම්, නිවැරදි කරගනිමින් යළිත් නව ගමනක් ආරම්භ කළ යුතුයි - දිලිත් ජයවීර

අතීතයේ සිදු වූ සියලුම අඩුපාඩු, අතපසුවීම්, නිවැරදි කරගනිමින් යළිත් නව ගමනක් ආරම්භ කිරීමට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අවස්ථාවක් සලසන බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | April 14, 2026  10:05 am

අග්‍රාමාත්‍යවරියගේ අලුත් අවුරුදු සුබ පැතුම

අලුත් අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් පමණක් නොව, එය අපේ සංස්කෘතික හර පද්ධතීන් තුළ පවතින සෞභාග්‍යය, සමගිය, සහජීවනය සහ අන්‍යෝන්‍ය සබඳතාවල නව පුනරුදයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

(0)Comments | April 14, 2026  9:43 am