උණුසුම් පුවත්
ඇහැළියගොඩදී වාහන රැසක් එක පෙළට හැප්පෙයි
ඇහැළියගොඩ නගරයේදී රියදුරු පාලනයෙන් ගිලිහුණු මෝටර් රථයක් තවත් වාහන පෙළක ගැනීමෙන් අනතුරක් සිදුවී තිබේ.
කාර්යාල දුම්රිය හෙට සාමාන්‍ය පරිදි - පෞද්ගලික බස් රථ ධාවනය අඩු වෙයි
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව මේ වනවිට කොළඹට පැමිණෙමින් සිටිති.
බලශක්ති අර්බුදය විසඳන්න වික්ටෝරියා ජලාශයෙන් සීමාව ඉක්මවා ජලය ගන්නවාද ?
විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
ඉරානයට අවි ලබානොදීමට චීනය එකඟවූ බව ට්‍රම්ප් කියයි
චීනය, ඉරානයට කිසිදු අවියක් ලබානොදීමට එකඟත්වය පළ කර ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
පියා සමග දියනෑමට ගිය පුතුන් 4දෙනාගේ සිද්ධිය - දෙදෙනෙකුගේ සිරුරු සොයාගනී
මහවැලි ගඟේ වෙරුගල්ආරු පාලම අසල දියනෑමට ගිය පියෙකු සහ පුතුන් සිව්දෙනා අතරින් අතුරුදන් වූ තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (15) පස්වරුවේ සොයා ගැනුණි.
කරන්දෙණිය සුද්දාගේ සහෝදරයා ඉන්දියාවේදී අත්අඩංගුවට
ඝාතන ඇතුළු අපරාධ සිද්ධි 15කට අධික සංඛ්‍යාවකට පොලීසියට අවශ්‍යව සිටින රාජු නමැති සැකකරු ඉන්දියාවේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.
ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමි බැහැදකී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.
මේ සතියේ පොලිස්පති සහන මැදිරිය නොපැවැත්වෙයි
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති දිනය සහ පොලිස්පති මහජන දිනය නොපැවැත්වෙන බව පොලිසිය පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගු වාහන පෝලිම්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පින්නදුව ප්‍රවේශයේ අද (15) දින දිගු පෝලිම් දැකගත හැකි විය.
බෝට්ටු දෙකක් ගැටී සිදු වූ අනතුරෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට
මන්නාරමේ - වංගාලපාඩුව මුහුදේදී ධීවර යාත්‍රා දෙකක් එකිනෙක ගැටී පෙරලීමෙන් සිදුවූ අනතුරින් එක් ධීවරයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජල නළයක් කැඩී සතියක් තිස්සේ ජලය අපතේ යයි
මීගොඩ උඩගෙවත්ත පාර ප්‍රදේශයේ ජල නළයක් පුපුරා යාමෙන් සිදුවන ජල කාන්දුවක් හේතුවෙන් සතියකට වැඩි කාලයක් ජලය අපතේ යන බව ජනතාව පවසයි.
අවුරුදු සමයේ මාරක රිය අනතුරු 36ක් - ගැටුම් 35ක්
13 සහ 14 යන දින දෙක තුළ පමණක් මාරක රිය අනතුරු 36ක් කොළඹ ජාතික රෝහලට වාර්තා වී තිබේ.
අලුත් අවුරුදු සමයේ CTBයට බිලියනයක ආදායමක්
අලුත් අවුරුදු සේවා සැපයීමෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට දින 6ක් තුළ රුපියල් බිලියනයක ආදායමක් හිමි වූ බව එහි සභාපති සජීව නන්දන කනගරත්න මහතා පවසයි.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට පැමිණි ජනතාවට සේවා සැපයීම තුළින් එම ආදායම හිමිකර ගත් බවය.
ජනපති අස්ගිරි - මල්වතු මහා නාහිමිවරුන් බැහැදැක අලුත් අවුරුද්දට ආශිර්වාද ලබාගනී
උන්වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස වෙත සිය ආශිර්වාදය පළ කළහ.
පෙෂර් බලන්න ගිය වෛද්‍යවරියට නොහොබිනා වැඩක්කළ රෝගියා
කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රත්‍රං මිලේ වෙනසක්
මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
ජනතාව අතරට ගිය ජනපති
හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය වෙනුවෙන් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණ සිටි ජනතාව අතරට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත වුණි.
ඉරානයෙන් පිටත් වූ තවත් නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ.
රාජ්‍ය ආයතන නිවාඩු ගැන දැනුම්දීමක්
අද (15) හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල රාජ්‍ය ආයතන කාර්යාල, සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.
බුත්තල මාරක අනතුර - පියාට මරුට - දරු දෙදෙනාට සහ බිරිදට බරපතළයි
වැල්ලවාය, මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල උනාවටුන ප්‍රදේශයේ දී අද (15) අලුයම දී ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටී මාරක අනතුරක් සිදුවී තිබේ.
චාල්ස් රජු අමෙරිකාවේ සංචාරයකට සූදානම් වෙයි
බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු අමෙරිකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව බකිංහැම් මාළිගය නිවේදනය කර තිබේ.
තැන් දෙකක ඝාතන දෙකක් - නුවර වැවේ පිරිමි මළ සිරුරක්
දිවයිනේ ප්‍රදේශ දෙකක සිදුවු ඝාතන දෙකකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉරාන යුද්ධය අවසන් වීමට ආසන්නයි - ට්‍රම්ප්ගෙන් සහතිකයක්
ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය මේ වන විට අවසන් වීමට ඉතා ආසන්න මට්ටමක පවතින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටී.
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි හිස තෙල් ගෑමේ නැකත අද (15) පෙරවරු 6.55ට උදාවුණි.
හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයට ජනපති එක්වෙයි
මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ශ්‍රී නාථ දේවාල භූමියේදී ආරම්භ වූ රාජ්‍ය හිස තෙල් ගෑමේ මහෝත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වී තිබේ.