උණුසුම් පුවත්
ජනපති නාගදීපය වැඳ පුදාගනී
උතුරේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක නාගදීප රජමහා විහාරයට වැඳපුදාගෙන ආශීර්වාදය ලබාගෙන තිබේ.
සර්වජන බලය දේශපාලන ක්‍රමයේ සිදුකළ වෙනස දිලිත් පෙන්වයි
දේශපාලකයා මැතිවරණ සමයට පමණක් ජනතාව අතරට යන සංස්කෘතිය වෙනස් කොට ජනතාවාදී දේශපාලන ක්‍රමවේදයක් බිහිකිරීමට සර්වජන බලයට හැකිවී ඇති බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
මැදපෙරදිග සිටින අමෙරිකානු භට පිරිස් ඉවත් කර ගැනීමේ තීරණයක්
මැදපෙරදිග රටවල පිහිටා ඇති ඇතැම් අමෙරිකානු කඳවුරුවලට සිටින භට පිරිස් ඉවත් කරගැනීමට එරට රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රටම එකට දෛනික මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
"රටම එකට" ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවේ ඊයේ (15) දිනට අදාළ දෛනික වාර්තාවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ.
රජයේ වැඩසටහනකට ITAK විරෝධය
ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රජා ශක්ති වැඩසටහනට සිය විරෝධය පළ කරන බව ඉලංගෙයි තමිල්අරසු කච්චි පක්ෂය පවසයි.
තීරණාත්මක කාරක සභාවක බලය විපක්ෂයට හිමිවීමෙන් කොළඹ නගර සභාව අර්බුදයකට පත්වෙයිද?
කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට හිමිවීමෙන් මේ වන විට ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
මන්නාරම පේසාලේ මුහුදේ දිය නෑමට ගිය තිදෙනෙකු මරුට
මන්නාරම, පේසාලේ මුහුදේදී ඊයේ (15) සවස දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයින් සිවුදෙනාගෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්
හය ශ්‍රේණියට අදාළ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා 2026 වසරේ 6 වසර දරුවන්ගේ දෙමව්පිය එකුමුතුව විසින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.
විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු නිවේදන
විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට එරෙහිව මේ වන විට රතු නිවේදන ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි.
විදේශිකයන් පිරිසක් ගමන්ගත් වෑන් රථයක් අනතුරට
විදේශික සංචාරකයින් පිරිසක් රැගත් වෑන් රථයක් වැලිමඩ ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය ග්‍රෙගරි වැව අසල අනතුරකට ලක්ව තිබේ.
බහුපාර්ශ්වවාදය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර පද්ධතියට චීනයේ අඛණ්ඩ සහාය
විවිධ පාර්ශ්වයන් සමග එක්ව, බහුපාර්ශ්වවාදය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර පද්ධතියට සිය උපරිම සහාය ලබා දෙන බව චීනය පවසයි.
යතුරුපැදි සොරකම් කළ තිදෙනෙකු අත්අඩංගුවට
යතුරුපැදි සොරකමේ සහ රන් මාල කැඩීමේ නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙකු වරකාපොල පොලිස් අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනා සහ කාන්තාව දිවයිනට
ඩුබායි හි සැගවී සිටියදී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සහ මුදල් වංචාවක විමර්ශන සදහා අවශ්‍යව සිටි කාන්තාවක් විශේෂ පොලිස් නිලධාරීවරුන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන අද (16) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.
මෙම වසරේ සංචාරක ඉලක්ක සපුරා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක්
මෙම වසරේ සංචාරක ඉලක්ක සම්පූර්ණ කරගැනීම සදහා සංචාරක සංවර්ධන අධිකාරිය විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කර තිබේ.
බස් රථයක ගැටී මෙහෙණින් වහන්සේ නමක් අපවත් වෙයි
මගී ප්‍රවාහන බස් රථයක් බස් නැවතුම්පොළක නතර කර නැවත ගමන් ආරම්භ කළ අවස්ථාවේ එම බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කළ මෙහෙණින් වහන්සේ නමක් බස් රථයේ ගැටී අපවත්වී තිබේ.
කාන්තාවන් දෙදෙනෙකුට නිවස තුළදී තියුණු ආයුධ ප්‍රහාරයක්
කාන්තාවන් දෙදෙනෙකු නිවසක් තුළ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වූ සිද්ධියක් අහංගම, තිත්තගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.
කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් අඩු වෙයි
කිරි තේ කෝප්පයක මිල අද (16) දිනයේ සිට රුපියල් දහයකින් අඩුකීරීමට තීරණය කල බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.
වෙනිසියුලානු විපක්ෂ නායිකාව දිනූ නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප්ට පිරිනමයි
වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබේ.
16 හැවිරිදි තරුණියකට වෙඩි වැදුණු සිද්ධියේ තවත් සැකකරුවන් 3ක් අත්අඩංගුවට
කොහුවල බෝධියත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී ඉකුත් 30 වනදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩිතැබීමකින් 16 හැවිරිදි තරුණියකට තුවාල සිදුකිරීමේ අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද කාලගුණය
අද (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙගාවොට් 20 ක ධාරිතාවයකින් යුත් 'මන්නාරම වින්ඩ්ස්කේප්' සුළං විදුලි බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව පෞද්ගලික ආයතනයක් විසින් මන්නාරමේ ඉදිකළ, මෙගාවොට් 20ක ධාරිතාවයකින් යුත් 'මන්නාරම වින්ඩ්ස්කේප්' සුළං විදුලි බලාගාරය අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරිණි.
IMF දූත පිරිසක් එළැඹෙන සතියේදී ශ්‍රී ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළැඹෙන 22 වැනිදා සිට 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් පවසයි.
පාතාලයේ දෙදෙනෙකු ඩුබායි රාජ්‍යයේදී කොටුවෙයි
පුද්ගල ඝාතන සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු හා වංචා කිරීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ කාන්තාවක් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Rebuilding Sri Lanka අරමුදලට මූල්‍ය පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සැපයුම්කරුවකු වන සිංගප්පූරුවේ ලියාපදිංචි සමාගමක් විසින් USD 10,000 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.
ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර දිවි සැරිය නිම කරයි
ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.