දෙරණට සුමති සම්මාන රැසක්

දෙරණට සුමති සම්මාන රැසක්

July 15, 2026   06:44 pm

2026 සුමති සම්මාන උළෙලේදී දෙරණ මාධ්‍ය ජාලය සම්මාන රැසකින් පිදුම් ලැබීය.

31වෙනි සුමති සම්මාන උළෙල මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත් වේ.
 

1) වසරේ හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන 
Rebuild Sri Lanka

2026 සුමති සම්මාන උළෙලේදී 'අද දෙරණ' හරහා විකාශය වූ රුක්මල් මල්ලව විසින් අධ්‍යක්ෂණය කළ 'Rebuild Sri Lanka' වැඩසටහන වසරේ හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන ලෙස සම්මානයට පාත්‍රවිය.

2) හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන
ජීවිතයට විද්‍යාව

2026 සුමති සම්මාන උළෙලේදී 'අද දෙරණ' හරහා විකාශය වූ කේ.සී. සාරංග විසින් අධ්‍යක්ෂණය කළ 'ජීවිතයට විද්‍යාව' වැඩසටහන වසරේ හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන ලෙස සම්මානයට පාත්‍රවිය.

3) හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව
     පාරින්ද්‍යා ගුණසේකර

2026 සුමති සම්මාන උළෙලේදී 'අද දෙරණ' නිවේදිකා පාරින්ද්‍යා ගුණසේකර හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා සම්මානයෙන් පිදුම් ලැබීය.

4) "Best Life Style and Fashion Programme"
     Pulse 
ඩිජිටල් නාලිකාව

2026 සුමති සම්මාන උළෙලේදී  ඩිජිටල් මාධ්‍ය අංශයේ 'හොඳම ජීවන රටාව සහ විලාසිතා වැඩසටහන' ලෙස දෙරණ Macro Entertainment's හි "Pulse"  ඩිජිටල් නාලිකාව සම්මානයෙන් පිදුම් ලැබීය.

5) වසරේ හොඳම දේශපාලන වැඩසටහන
   '360'

2026 සුමති සම්මාන උළෙලේදී වසරේ හොඳම දේශපාලන වැඩසටහන ලෙස පිදුම් ලැබුවේ TV Derana ඔස්සේ විකාශනය වූ කසුන් තිවංක සමරසිංහ විසින් අධ්‍යක්ෂණය කළ  360' දේශපාලන වැඩසටහනයි.

6) හොඳම රූපවාහිනී ගවේෂණශීලී ප්‍රවෘත්ති වාර්තාකරණය
    මුහුදු මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය

2026 සුමති සම්මාන උළෙලේදී හොඳම රූපවාහිනී ගවේෂණශීලී ප්‍රවෘත්ති වාර්තාකරණයේ දෙවන ස්ථානය 'අද දෙරණ' ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වූ දිනේන්ද්‍ර රන්සිරි විසින් අධ්‍යක්ෂණය කළ  'මුහුදු මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය'. 

7)  හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය
       විශ්වවිද්‍යාලවල නවක වදය

2026 සුමති සම්මාන උළෙලේදී හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ තෙවන ස්ථානය හිමිකරගනු ලබන්නේ අද දෙරණ ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වූ රවිදු විජේසිංහ විසින් අධ්‍යක්ෂණය කළ 'විශ්වවිද්‍යාලවල නවකවදය' .