උණුසුම් පුවත්

ASP සහ කාන්තා පොලිස් සැරයන්වරියක් අල්ලස් දැලේ

නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 5, 2026  5:24 pm

ජනපති අමාත්‍යාංශ ලේකම්වරු සමඟ විශේෂ සාකච්ඡාවක

පවත්නා මූල්‍ය සීමාවන් තුළ පිහිටා ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය උදෙසා යෙදවීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 

(0)Comments | January 5, 2026  5:09 pm

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි

මාවතගම ප්‍රදේශයේ දී කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරමින් තුවාල සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

(0)Comments | January 5, 2026  4:55 pm

ජොන්ස්ටන් සහ බාල පුතු අධිකරණයට

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද (05) අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබේ. 

(0)Comments | January 5, 2026  4:18 pm

රජයේ රෝහලක ප්‍රථමවරට ආහාරපාන දෙපාර්තමේන්තුවක් අරඹයි

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි සහ රුචිකර ආහාර වේලක් ලබාදීම අරමුණු කරගත් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

(0)Comments | January 5, 2026  3:37 pm

නාය අවදානම පෙනි පෙනී අකුරු කරන දරුවන්ට අස්වැසිල්ලක්

නායයෑමේ අවදානමක් හේතුවෙන් මාසයකට අධික කාලයක් වසා දමා ඇති කොත්මලේ තවලන්තැන්න කොත්මලේ රම්බොඩ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය වෙනත් ස්ථානයක පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

(0)Comments | January 5, 2026  3:18 pm

වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනයක්

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | January 5, 2026  2:32 pm

සැකකරුවෙකු යැයි සිතා තමාට පහර දුන් බවට තරුණයෙකුගෙන් පොලීසියට චෝදනා

සැකකරුවකුගේ රුව තමාගේ රුව සමඟ පටලවාගනිමින් බොරැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් තමාට පහරදුන් බවට දැරණියගල ප්‍රදේශයේ පුද්ගලයෙක් චෝදනා කර තිබේ.

(0)Comments | January 5, 2026  2:17 pm

හම්බන්තොට මයුරපුර මහවැලි කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවැලි ගොවීන්ට නිසි අයුරින් ජලය නොලැබෙන පසුබිමක දේශපාලනඥයින්ගේ උවමනාවන් මත DC 7 ඇළ මාර්ගයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කණුවක් භාවිත කර වෙනත් ගොවීන් පිරිසකට ජලය ලබාදීමකට කරයුතු කරන බවට පවසමින් මහවැලි ගොවීන් විරෝධතාවක් සිදුකර තිබේ.

(0)Comments | January 5, 2026  1:45 pm

මත්ද්‍රව්‍ය වැරදිවලට පොලිස් නිලධාරීන් 500කට පමණ විනය පියවර

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500ක පමණ පිරිසකට එරෙහිව විනය පියවර ගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

(0)Comments | January 5, 2026  1:26 pm

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 5, 2026  12:51 pm

සංචාරක හා විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් 2025දී ඩොලර් බිලියන 11ක ආදායමක්

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් 2025 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක් ඉපැයීමට හැකි වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

(0)Comments | January 5, 2026  12:24 pm

මදුරෝව අල්ලා ගැනීමත් සමග රන් - රිදී මිල ගණන් ඉහළට

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අමෙරිකාව විසින් යටත්කර ගැනීමත් සමඟ රන් , රිදි සහ වටිනා ලෝහවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

(0)Comments | January 5, 2026  12:01 pm

කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියාකළ නොහැකි බව චීනය කියයි

කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියාකළ නොහැකිය යන්න චීනයේ විශ්වාසය බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසයි. 

(0)Comments | January 5, 2026  11:53 am

පාසල් ඇරඹුණත් 6 ශ්‍රේණියේ සිසුන්ට ගැටලුවක්

2026 වර්ෂය සඳහා අද (05) පාසල්වල කටයුතු ආරම්භ කිරීමත් සමග හය ශ්‍රේණියට අදාළ සිසු සිසුවියන් ද පාසල්වලට පැමිණෙන අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා කිසිදු විධිමත් සැලැස්මක් රජය විසින් හඳුන්වා දී නොමැති බව විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පවසයි.

(0)Comments | January 5, 2026  11:51 am

රිසාඩ් බදියුදීන් අල්ලස් කොමිසම හමුවට

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාට සිදුකර ඇති කැඳවීමක් අනුව අද (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.

(0)Comments | January 5, 2026  11:51 am

කොලොම්බියාවට සහ මෙක්සිකෝවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

එක්සත් ජනපදයට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගලා ඒම අඩු නොකළහොත් කොලොම්බියාව සහ මෙක්සිකෝවටද හමුදා ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

(0)Comments | January 5, 2026  11:01 am

ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට සහ ඊසානදිග ප්‍රදේශ කිහිපයකට අද (05) අලුයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

(0)Comments | January 5, 2026  10:54 am

දිවයින පුරා විශේෂ මෙහෙයුම්වලින් පුද්ගලයින් 28,333ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 22දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 5, 2026  10:10 am

හිටපු ඇමති ජොන්ස්ටන්  FCIDයට පැමිණෙයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබේ.

(0)Comments | January 5, 2026  9:46 am

මොස්කව් නගරයේ ගුවන් තොටුපළවල් කිහිපයක් තාවකාලිකව වසා දැමේ

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් නුවර ගුවන් තොටුපළවල් කිහිපයක් තාවකාලිකව වසා දමා තිබේ.

(0)Comments | January 5, 2026  9:23 am

වෙනිසියුලානු ජනාධිපති ඇල්ලීමේ මෙහෙයුමේදී කියුබානු ජාතිකයින් 32ක් ජීවිතක්ෂයට 

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ අල්ලා ගැනීමේ අමෙරිකානු හමුදා මෙහෙයුමේදී කියුබානු පුරවැසියන් 32 නෙකු ජීවිතක්ෂයට පත්වූ බව කියුබානු රජය පවසා තිබේ.

(0)Comments | January 5, 2026  8:56 am

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ තිදෙනෙකු අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 5, 2026  8:11 am

කිඹුලෙකු ඩැහැගෙන ගොස් පුද්ගලයෙකු අතුරුදන්

අක්කරපත්තුව ප්‍රදේශයේ දී කිඹුලෙකු ඩැහැගෙන ගොස් දියේ ගිලී පුද්ගලයෙකු අතුරුදන් වී තිබේ.

(0)Comments | January 5, 2026  8:10 am

මධුරෝ සහ බිරිඳ අද අධිකරණයට

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අද (05) ප්‍රථම වරට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(0)Comments | January 5, 2026  7:52 am