උණුසුම් පුවත්

දේශපාලන බලපෑම් ගැන රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් කළකිරීමෙන් 

ඉඩම් රාජකාරී ඉටු කිරීමට අදාළව සිදුකරන අහිතකර දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසයි. 

(0)Comments | February 19, 2026  5:56 pm

ලාෆ්ස් ගෑස් සැපයුම ගැන නිවේදනයක්

වෙළෙඳපොළේ ලාෆ්ස් සන්නාමය සහිත එල් පී ගෑස් සිලින්ඩරවල තාවකාලික හිඟයක් පවතින බවට සංසරණය වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් එම සමාගම නිවේනදයක් නිකුත් කර තිබේ.

(0)Comments | February 19, 2026  5:52 pm

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 22ක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවර යාත්‍රා 04ක් සහ ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

(0)Comments | February 19, 2026  5:11 pm

ශ්‍රීපාද රක්ෂිතයේ ගින්නක් - පරිසර පද්ධතියට සහ ජීවීන්ට දැඩි තර්ජන

ශ්‍රීපාද කඳු මුදුන ඉදිරිපිට පිහිටි ශ්‍රීපාද රක්ෂිතයට අයත් කඳුයායක අද (19) දින හදිසි ගින්නක් හටගෙන තිබේ. 

(0)Comments | February 19, 2026  4:56 pm

චාල්ස් රජුගේ බාල සොහොයුරා අත්අඩංගුවට

චාල්ස් රජුගේ බාල සොයුරා වන ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් බ්‍රිතාන්‍යය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | February 19, 2026  4:54 pm

ජීවිත තර්ජනයක් තියෙනවා නම් නීතිඥවරුන්ට ආරක්ෂාව ඉල්ලන්න පුළුවන් - හර්ෂණ නානායක්කාර 

තමන්ට ජීවිත තර්ජනයක් ඇති බවට යම් නීතිඥවරයෙක්ට හැ‍ඟෙන්නේ නම් මහජන ආරක්ෂක අමාත්‍යංශය හරහා ආරක්ෂාව ලබාගත හැකි බව ජාතික ඒකාබද්ධ හා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

(0)Comments | February 19, 2026  4:04 pm

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින නීතිඥ තමරා අබේරත්න විසින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ආරම්භ කළ බැංකු ගිණුම් 08ක් ගැන විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

(0)Comments | February 19, 2026  3:35 pm

වසරකට පසු හෙළි වූ යුද හමුදා සෙබළාගේ මරණයට හේතුව

අනවසර විදුලි රැහැනකට හසුව මියගිය යුද හමුදා සෙබළාගේ මරණය වසන් කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ඇඹිලිපිටිය, කුට්ටිගල කඳවුරේ යුද හමුදා සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගන්නා බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් වරුණ ගමගේ මහතා පවසයි.

(0)Comments | February 19, 2026  2:08 pm

ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට ඉන්දියාවේ නවදිල්ලි හි 'AI IMPACT SUMMIT 2026' සමුළුවට සමගාමිව පැවැත්වෙන රාජ්‍ය නායක සැසියට සහභාගී වී තිබේ.

(0)Comments | February 19, 2026  1:30 pm

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. 

(0)Comments | February 19, 2026  1:28 pm

2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 4 ඉක්මවයි

2026 වසරේ පෙබරවාරි 15 වනදා දක්වා ගතවූ කාලය තුළ සංචාරකයින් 436,000ක් පමණ දිවයිනට පැමිණ ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.

(0)Comments | February 19, 2026  12:34 pm

බළලුන්ගෙන් ජලභීතිකා රෝගය බෝවීම ඉහළට

වර්තමානය වනවිට මෙරට තුළ බළලුන්ගෙන් ජලභීතිකා රෝගය බෝවීම සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

(0)Comments | February 19, 2026  12:31 pm

ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් දැනුම්දීමක් 

අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම පවසයි. 

(0)Comments | February 19, 2026  12:07 pm

නතාෂාව අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ස්ථානාධිපති දුක්වෙයි

බුදුදහමට අපහාස කළේ යැයි කියමින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කනගාටුව පළකර සිටියේය.

(0)Comments | February 19, 2026  11:56 am

විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 26ක් දැලේ

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ (18) දින වාර්තාවට අනුව අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 26ක් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | February 19, 2026  10:54 am

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැන් ලැබෙන වැටුප් සහ දීමනා හෙළිවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මේ වනවිට ගෙවන වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය. 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම හෙළිකිරීම සිදුකළේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අසන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

(0)Comments | February 19, 2026  10:34 am

මඩකලපුවට තද වැසි - මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

පසුගිය දින කිහිපය තුළ මඩකලපුව දිස්ත්‍රික්කයට තද වැසි ඇදහැලෙන අතර අද (19) උදෑසන සිට මුහුදු ප්‍රදේශවල තද සුළං හමා යන බව 'අද දෙරණ' වාර්තාකරුවන් පැවසීය.

(0)Comments | February 19, 2026  10:28 am

චීන රොබෝ සුනඛයෙක් තමන්ගේ සොයාගැනීමක් ලෙස පැවසූ ඉන්දියානු සරසවිය AI සමුළුවෙන් ඉවතට

චීනයේ නිෂ්පාදිත මිල දී ගත හැකි රොබෝ සුනඛයෙක් තමන්ගේම නිර්මාණයක් ලෙස ඉදිරිපත් කළ ඉන්දියානු විශ්ව විද්‍යාලයක් ඉන්දියාවේ මේ වන විට පැවැත්වෙන AI සමුළුවට සමගාමීව ඇති ප්‍රදර්ශන කුටියෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධය පවසයි.

(0)Comments | February 19, 2026  10:24 am

නාමල්ගේ ක්‍රිෂ් නඩුව කැඳවීමට දිනදෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

(0)Comments | February 19, 2026  9:59 am

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

අද (19) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

(0)Comments | February 19, 2026  9:32 am

නව බලශක්ති ප්‍රතිපත්තියෙන් අවම විදුලි ගාස්තුව ඉහළ යනවා - පාඨලි

නව බලශක්ති ප්‍රතිපත්තිය හඳුන්වාදීම මගින් අවම විදුලි ගාස්තුව ඉහළ යන බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

(0)Comments | February 19, 2026  7:56 am

රුපියල් මිලියන 556ක අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

රුපියල් මිලියන 556ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පොලීසිය ලබා දී තිබේ.

(0)Comments | February 19, 2026  7:24 am

ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක් - භෝජන සංග්‍රහයකටත් එක්වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර විශේෂ හමුවක් සිදුව තිබේ.

(0)Comments | February 19, 2026  6:48 am

මත්තල අධිවේගි පිවිසුම අසල දී ගැටුමක් ඇති කළ පිරිස රිමාන්ඩ්

මත්තල අධිවේගි පිවිසුම ආසන්නයේදී ආසන පටි නොමැතිව අධිවේගී මාර්ගයට බස් රථයක් ඇතුළු කිරීමට උත්සාහ කිරීම සහ පොලිස් රාජකරියට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

(0)Comments | February 19, 2026  6:28 am

ප්‍රදේශ කිහිපයක මි.මී 75ක පමණ තරමක වැසි

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා  දෙපාර්තෙම්න්තුව නිවේදනය කරයි.

(0)Comments | February 19, 2026  6:19 am