කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
July 21, 2026 10:17 am
හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පැවසීය.
ගින්නෙන් එම ප්‍රදේශයම කළු දුමාරයෙන් වැසී ඇතැයි ප්‍රදේශවාසීහු පැවසූහ.
ගින්න පැතිරෙමින් තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
ගින්න නිවීම සඳහා කෝට්ටේ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය කැඳවීමට නියමිතය.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න...
