උණුසුම් පුවත්

මැදපෙරදිග යුද ගැටුම් නිසා ලෙබනනයේ මියගිය පුද්ගලයින් ගණන ඉහළට

මාර්තු 2 වැනිදා සිට ලෙබනනයේ දකුණු ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කරන ගොඩබිම් සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 1,247 දෙනෙකු මියගොස් ඇති අතර 3,680 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.

(0)Comments | March 30, 2026  9:36 pm

ගුවන් සමාගම් විසින් ගුවන් ගමන් රැසක් අවලංගු කරයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය වාතාවරණය උග්‍ර වීමත් සමඟ ගෝලීය ගුවන් ගමන් ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ.

(0)Comments | March 30, 2026  9:18 pm

අතුරුදන්වූ මැණික් ව්‍යාපාරිකයාගේ මළ සිරුර පතල් වළක තිබී සොයාගනී

කහවත්ත, නීලගම ප්‍රදේශයේදී අතුරුදන්වූ මැණික් ව්‍යාපාරිකයාගේ මළ සිරුර පතල් වළක තිබී අද (30) හමුවී තිබේ.

(0)Comments | March 30, 2026  8:43 pm

යුද්ධය නැවැත්විය හැක්කේ ට්‍රම්ප්ට පමණයි - ඊජිප්තු ජනපතිගෙන් ඉල්ලීමක්

ඉරාන යුද්ධය නැවැත්විය හැකි එකම පුද්ගලයා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බවත්, එබැවින් යුද්ධය වහාම නතර කරන ලෙස ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල්-සිසි ඉල්ලීමක් කර තිබේ.

(0)Comments | March 30, 2026  8:29 pm

CCD යේදී ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන් සූදානම් කළ උපන්දින සාදය

ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලව කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන් උපන්දින සාදයක් සූදානම් කිරීමේ පුවතක් වාර්තා විය.

(0)Comments | March 30, 2026  7:46 pm

2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ගැන නිවේදනයක්

2026 අගෝස්තු මස 9 වන ඉරු දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | March 30, 2026  6:46 pm

ඉරානයේ බලශක්ති මූලාශ්‍ර සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

ඉරානය, අමෙරිකාව සමඟ එකඟතාවයකට පැමිණ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට පියවර නොගතහොත්, එරට විදුලි බලාගාර සහ තෙල් නිඳි පුපුරුවා හැර සම්පූර්ණයෙන්ම විනාශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

(0)Comments | March 30, 2026  6:30 pm

ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මට තවත් මාර්ගෝපදේශ කිහිපයක්

ඉන්ධන සහ බල ශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා බී.කේ. ප්‍රභාත් චන් දකීර්ති මහතා විසින් තවත් මාර්ගෝපදේශ කිහිපයක් නිකුත් කර තිබේ.

(0)Comments | March 30, 2026  6:24 pm

මහින්දානන්දගේ සහ නලින්ගේ කැරම්බෝඩ් නඩුවේ මුලික විරෝධතා ඉවතට

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.

(0)Comments | March 30, 2026  5:46 pm

ඊශ්‍රායලයේ සම්මත වූ අයවැයෙන් යුද්ධය සඳහා අ.ඩො.බිලියන 45ක්

ඊශ්‍රායල රජයේ වාර්ෂික අයවැය අද (30) සම්මත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

(0)Comments | March 30, 2026  5:38 pm

අණ නොකතා ධාවනය කළ මෝටර් රථයට පොලීසියෙන් වෙඩි

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් කණ්ඩායමක් මීගමුව ප්‍රදේශයේදී අද (30) පස්වරුවේ මෝටර් රථයකට වෙඩිතැබීමක් සිදුකර තිබේ. 

(0)Comments | March 30, 2026  5:30 pm

හෙට පළාත් කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුමක්

බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු, උතුර-මැද පළාත්වල සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශයන්හි හෙට (31) මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | March 30, 2026  5:23 pm

ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාවක්

“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීමේ  සාකච්ඡාවක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ පැවැත්විණි.

(0)Comments | March 30, 2026  5:09 pm

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපති සරත් ගණේගොඩ ඉල්ලා අස්වෙයි

ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් සහ ශ්‍රීලන්කන් කේටරින් යන සමාගම්වල සභාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ගණේගොඩ මහතා එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. 

(0)Comments | March 30, 2026  5:07 pm

මැතිවරණ කොමිසමේ e-සේවා පුළුල් කරයි

මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනතාවට සේවාවන් ලබා ගැනීම පහසු කිරීම සඳහා මාර්ගගත “මැතිවරණ ඊ-සේවා” ක්‍රමවේදය තවදුරටත් පුළුල් කර තිබේ.

(0)Comments | March 30, 2026  4:43 pm

අමෙරිකානු යුද ගුවන් යානා සඳහා ස්පාඤ්ඤය තම ගුවන් සීමාව තහනම් කරයි

ඉරානයට එරෙහි යුද්ධයට සම්බන්ධ වන අමෙරිකානු යුද ගුවන් යානා සඳහා ස්පාඤ්ඤයේ ගුවන් සීමාව හෝ එරට පිහිටි යුද කඳවුරු භාවිතා කිරීමට අවසර නොදෙන බව ස්පාඤ්ඤ ආරක්ෂක අමාත්‍ය මාගරිටා රොබ්ලස් ප්‍රකාශ කර ඇත.

(0)Comments | March 30, 2026  4:39 pm

හිටපු ජනපති ගෝඨාභයගේ මිරිහානේ නිවස අසල ඇති වූ සිද්ධිය ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්

අරගලය පැවති සමයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවස අසල ඇතිවූ කලහාකාරී සිද්ධින් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව නීතිපතිවරයා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. 

(0)Comments | March 30, 2026  4:23 pm

GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

හෙට (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

(0)Comments | March 30, 2026  3:12 pm

සමස්ත විදුලි ගාස්තුව සියයට 10කින් ඉහළට - ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වේ. 

(0)Comments | March 30, 2026  2:13 pm

කෙහෙළිය සෞඛ්‍ය ඇමති සමයේ ඖෂධ මිලදීගැනීම් පිළිබඳව වෝහාරික විගණනයක් සිදුකරන බවට දැනුම්දීමක්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලසීමාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු ගැන රජයේ විගණකාධිපතිවරයා විසින් වෝහාරික විගණනයකට සිදුකරන බව නීතිපතිවරයා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. 

(0)Comments | March 30, 2026  2:03 pm

ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රන් මාලයක් හොරෙන් උකස් කළ රංගන ශිල්පිණිය අත්අඩංගුවට

නව පරපුරේ රංගන ශිල්පිණියක් රන්මාලයක් වංචාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (30) අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

(0)Comments | March 30, 2026  1:33 pm

IRGC නාවික හමුදාපතිගේ මරණය ඉරානය තහවුරු කරයි

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාපති අලිරේසා තංසිරි (Alireza Tangsiri) මියගිය බව ඉරානය නිල වශයෙන් තහවුරු කර තිබේ.

(0)Comments | March 30, 2026  1:26 pm

වසර 03ක් තුළ දරුණු ගණයේ අපරාධකරුවන් 30දෙනෙකු දිවයිනට රැගෙන ඇවිත්

විදේශ රටවල සැඟව සිටින අපරාධවලට සම්බන්ධ සැකකරුවන් මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙළ යටතේ පසුගිය වසර තුන තුළ දරුණු ගණයේ අපරාධකරුවන් 30දෙනෙකු මෙරටට රැගෙන ඒමට සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා පවසයි.

(0)Comments | March 30, 2026  12:38 pm

රට තුළ පොහොර සීමිත බැවින් වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය සැරසෙයි

මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ යූරියා පොහොර තොග සීමිත ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් වී වගාව සඳහා පමණක් යූරියා පොහොර ලබාදීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

(0)Comments | March 30, 2026  12:22 pm

ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසයි.

(0)Comments | March 30, 2026  11:48 am