උණුසුම් පුවත්
ජනපති "එක්ස්පෝ 2025 ඔසාකා” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවයට එක්වෙයි
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.
ASP ඕලුගල ඉන්දුනීසියාවට පැමිණි බවට පොලිසියෙන්ම පද්මේට ඔත්තුවක් දීලා
කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඉන්දුනීසියාවට පැමිණ ඇති බව කෙහෙල්බද්දර පද්මේට පොලිසියෙන්ම ඔත්තුවක් ලබාදී ඇති බවට අනාවරණ වී තිබේ.
මත් උවඳුර තුරන් කිරීමේ නව වැඩපිළිවෙලක් ගැන ඇමති කියයි
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය අතර ඍජු සම්බන්ධයක් ඇති බවත් එය ක්‍රමයෙන් ව්‍යාප්ත වීම හරහා රටේ දරුවන් එහි ගොදුරක් බවට පත්ව ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
ජනපති ජපානයට ළඟා වෙයි
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.
මොංගෝලියානු ආරක්ෂක උපදේශක මෙරට ආරක්ෂක ප්‍රධානීන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ මොංගෝලියානු ආරක්ෂක උපදේශක කර්නල් Odsuren Zayat මහතා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අතර හමුවක් කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී පැවැත්විණි.
නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ
“Clean Sri Lanka” සමගාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක “Dream Destination” වැඩසටහන යටතේ නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය අද (27) ආරම්භ කෙරිණි.
AI තාක්ෂණය ගැන මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ
රජයේ ඩිජිටල්කරණ වැඩසටහන සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් පළාත් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවෙහි පළමු පළාත් වැඩසටහන ඊයේ (26) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ජනපති හා ට්‍රම්ප් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදුව තිබේ.
අද හවසටත් වැස්ස
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඝානාවේ සියලුම බොක්සිං ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අත්හිටුවයි
බොක්සිං ක්‍රීඩකයෙකුගේ මරණයෙන් පසු ඝානාවේ සියලුම බොක්සිං ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.
නා උයන ආරණ්‍ය සෙනසුනේ අපවත් වූ හිමිවරුන්ගේ භූමදාන පූජෝත්සවය අද
මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේදී අනතුරකට ලක්වීමෙන් අපවත් වී වදාළ හිමිවරුන්ගේ දේහ පිළිබඳ භූමදාන පූජෝත්සවය අද (27) පස්වරුවේ සිදුකෙරේ.
භාවිතාකරන ශීතකරණය වසර 10කට වඩා පරණ ද ?
කාර්යක්ෂම නොවන විදුලි උපකරණ හේතුවෙන් බලශක්ති හානිය වැඩි වශයෙන් සිදුවන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසයි.
සුළං බලාගාරයෙන් උණුසුම් වූ මන්නාරම
මන්නාරම නගරයේ ඉදිකිරීමට යෝජිත සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ රැගෙන ඒමත් සමග ප්‍රදේශයේ ජනතාව ඊට එරෙහිව දැඩි විරෝධයක් පලකර තිබේ.
සියලුම බදු ගෙවන්නන්ට දැනුම්දීමක්
2024/2025 තක්සේරු වර්ෂය සඳහා අවසාන ආදායම් බදු ගෙවීම් එළැඹෙන සැප්තැම්බර් 30 හෝ ඊට පෙර සිදුකරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට දනුම් දී ඇත.
පහල්ගම් ප්‍රහාරය ගැන කතා කළ සූර්යකුමාර්ට වැඩ වරදියි
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පාකිස්තානයට එරෙහිව පැවති තරගයෙන් පසු 'පහල්ගම්' ප්‍රහාරය ගැන අදහස් දැක් වූ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට එරෙහිව ICCය දඩ නියම කර තිබේ.
ජනපති අනුර හා ප්‍රංශ ජනපති අතර හමුවක්
BBNJ සාමාජිකත්වයට 60වන රටත් එක්වීම සැමරීම සඳහා නිව්යෝර්ක් හිදී පවත්වනු ලැබූ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගි වි තිබේ.
වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් ගසක ගැටී බිහිසුණු අනතුරක්
මහියංගන - ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර වැව 1 කනුව ප්‍රදේශයේදී වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුවී තිබේ.
සහකාර පොලිස් අධිකාරි උසස් කිරීම්වලට එරෙහිව පෙත්සම්
සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවාගැනීම සඳහා පැවැති විභාගයට පෙනී සිටි අය අතුරින් 45 දෙනෙකු එම ධුරයට උසස් කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම් 3ක් ගොනු කර තිබේ.
ජනපතිගේ ජපාන සංචාරය අදින් ඇරඹේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපානයේ නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය.
එකම ආයතනයක සේවය කළ දෙදෙනා අතර ඇතිවූ ආරවුල මරණයකින් කෙළවර වෙයි
පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල සහිතව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර සිටි කාන්තාවක් මියගොස් තිබේ.
රාජිතට එරෙහිව අධිචෝදනා ගොනු කරන බව දැනුම්දෙයි
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව මෙම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවය.
අදත් ලොකු වැස්සක්
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකිය.
සුපිරි පන්දුවාරයෙන් ඉන්දියාවට ජය
ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති අවසන් තරගයේදී සුපිරි පන්දුවාරයෙන් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
වසන්ත, මහින්ද සහ රන්ජන් අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීම ඉවතට
නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් නම් ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් 2020 වසරේදී ව්‍යාජ බදු ඔප්පුවක් සකසා රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් සිදුකළේ යැයි වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයට චෝදනා එල්ල වී තිබේ.
තිස්සමහාරාමේ වෙඩි තැබීමකින් අයෙකු මරුට
තිස්සමහාරාම මුතියම්මාන ප්‍රදේශයේදී අද (26) පස්වරු 05ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.