ගායන ශිල්පී රුක්මන් අසිතගේ අවසන් කටයුතු හෙට

ගායන ශිල්පී රුක්මන් අසිතගේ අවසන් කටයුතු හෙට

July 1, 2026   11:25 am

අභාවප්‍රාප්ත ගායන ශිල්පී රුක්මන් අසිත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (02) සිදුකිරීමට නියමිතය.

පසුගිය ජූනි මස 29 වනදා කොළඹ ජාතික රෝහලේ දී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ ඒ මහතාගේ අවසන් කටයුතු හෙට සවස 4ට කිරිබත්ගොඩ, මාකොළ, නෙල්ලිගහ පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. 

වකුගඩු රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා මීට ටික කලකට පෙර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙලෙස හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්වුණි. 

රුක්මන් අසිත මහතා මියයන විට 48 වියේ පසුවුණි.