උණුසුම් පුවත්
මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්
මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඉන්දියාවේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්
ඉන්දියාවේ නවදිල්ලි නුවරදී හෙට දහවල් 11 සිට සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පවත්වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නිවේදනය කර තිබේ.
තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් ජාතික නිවාස වැඩසටහන ජනපතිගේ අධීක්ෂණයට
2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු නිවාස ව්‍යාපෘති නිසි කාල සීමාව තුළ අවසන් කර ජනතාවට පවරා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
රුපියල් කෝටි 300ක හෙරොයින් සහ අබිං පුත්තලමේදී විනාශ කෙරේ
රුපියල් කෝටි 300කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් සහ අබිං මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත පිහිටි අධි දහන උඳුනේ දමා විනාශ කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝධරගම මහතා ඉදිරියේදී අද (02) සිදුවිය.
මධ්‍යම අප්‍රිකාවේ අභියෝගාත්මක මෙහෙයුමක නිරත ලංකාවේ ගුවන් නියමුවෝ
ශ්‍රී ලංකා ගුවන් හමුදා සාම සාධක ගුවන් අනු ඛණ්ඩය විසින් මධ්‍යම අප්‍රිකානු රජයේ අභියෝගාත්මක මෙහෙයුමකදී අප්‍රිකානු සෙබලුන් 14 දෙනෙකු ආරක්ෂිතව මුදාගෙන තිබේ.
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැඩිම ඖෂධ නිෂ්පාදනය 2025 වර්ෂයේදී
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය ඉතිහාසයේ වැඩිම ඖෂධ නිෂ්පාදන 2025 වර්ෂයේදී සිදු කිරීමට සමත්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
‘Rebuilding Sri Lanka’ අරමුදලට TRCයෙන් මූල්‍ය පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සේවකයන්ගේ දිනක වැටුප සහ සුභසාධනය සඳහා වෙන්කරන ලද මුදල් සේවක ඉල්ලීම පරිදි, ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ.
දූෂිත ජලය පානය කිරීමෙන් ඉන්දියාවේ 09දෙනෙකු මරුට
ඉන්දියාවේ ඉන්දෝර් නගරයේ දූෂිත ජලය පානය කිරීම හේතුවෙන් පුද්ගලයින් 09දෙනෙකු මියගොස් තවත් 200දෙනෙකු රෝහල් ගත කර තිබේ.
රුපියල් මිලියන 34කට අධික කුෂ් සමගින් ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3 ග්‍රෑම් 419ක් සමගින් ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක්
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව වසර දෙකකට පසු රැස්වෙයි
පරිසර අමාත්‍යාංශයට අයත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව වසර දෙකකට පසු අද (02) රැස් වී තිබේ.
කතරගම දේවාලයේ රත්‍රංවලින් කොටසක් විකුණා ආදායම REBUILDING SRI LANKA අරමුදලට
රුහුණ කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර ඇති රත්‍රන් සංචිතයෙන් දේව රුව සහිත රත්‍රන් හැර අනෙකුත් රන් භාණ්ඩ සියයට 70ක පමණ ප්‍රතිශතයක් වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල REBUILDING SRI LANKA අරමුදලට පරිත්‍යාග කිරීමට කතරගම බස්නායක නිළමේවරයා තීරණය කර තිබේ.
පසුගිය 2025 වසරේදී කොළඹ වරායේ මෙහෙයුම් කටයුතුවලින් වාර්තාවක්
පසුගිය 2025 වසරේදී කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සිදුකළ බහාලුම් ප්‍රමාණය වරාය ඉතිහාසයේ වැඩිම බහාලුම් සංඛ්‍යාව වූ බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
මහනුවර මහ නගර සභාව මීට පෙර දැනුම් දී තිබූ පරිදි මහනුවර නගරයේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීමේ කටයුතු අද (02) පෙරවරුවේ සිදුකෙරුණි.
20 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි කළ කොරතොට වෙඩිතැබීමේ සම්පූර්ණ කතාව
නවගමුව කොරතොට මැණිකාගාර ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් 20 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්වුණි.
CEBය 11.57%ක විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලයි
මේ වසර සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව වසරේ පළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය බව එහිදී ඔවුන් සඳහන් කර ඇත.
දෙහිගෙදර බාල මල්ලිගේ ප්‍රධාන ගෝලයෙක් හෙරොයින් සමග මාට්ටු
දෙවුන්දර ගන්දර ප්‍රදේශයේදී පසුගියදා හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරු ශෙහාන් සත්සර නොහොත් දෙහිගෙදර බාල මල්ලිගේ සමීපතමයෙකු බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඉරානයේ විරෝධතා නරක අතට - පුද්ගල මරණ 7ක්
ඉහළ යන ජීවන වියදමට එරෙහිව ඉරානයේ පැවැත්වෙන විරෝධතා මේ වනවිට නරක අතට හැරෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්
මෙම මාසය තුළ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බවට වාර්තා වේ.
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ආ ඉන්දීය ධීවරයින් 11ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිතර වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා විසින් සිය භාරයට ගෙන ඇත.
ජනපති රාමඤ්ඤ සහ අමරපුර මහා නාහිමිවරු බැහැදකී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසරට ආශිර්වාද ලබා ගත්තේය.
අවුරුදු 84ක් වූ සැමියාගෙන් අවුරුදු 79ක් වූ බිරිඳට අමානුෂික ප්‍රහාරයක්
අගලවත්ත, දෙල්පාවත්ත ප්‍රදේශයේදී සැමියෙකු විසින් සිදුකළ පහරදීමකින් ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
වාර්ගික අපහාස මැද කවාජා ක්‍රිකට් පිටියට සමුදෙයි
මතභේදාත්මක කරුණු රැසක් අනාවරණය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව උස්මාන් කවාජා පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම්වලින් රු.මිලියන 285කට වැඩි දඩ අය කරගෙන
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය වසර තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 285කට වැඩි දඩ මුදලක් අය කරගෙන තිබේ.
කොරතොට දී තිදෙනෙකුට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන තවත් කරුණු හෙළිවෙයි
නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී තිදෙනෙකුට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ.