උණුසුම් පුවත්
අමෙරිකානු ජනාධිපති ජාතිය අමතයි
ඉරානය සමග යුද්ධය ආරම්භ වීමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට ජාතිය ඇමතීම සිදුකරයි.
ලෝකයේම අවදානය දිනා ගනිමින් Artemis II සාර්ථකව ගමන් අරඹයි
වසර 53කට පසුව සද ගවේෂණ චාරිකාවක් සඳහා ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් “Artemis II “ යානය සාර්ථකව ගමන් ආරම්භ කර තිබේ.
මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (02) දින 34ක් ගතවී ඇත.
අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල හවසට ගිගුරුම් සහිත වැසි
අද (02) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතී.
බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ට්‍රම්ප් රිදවන ප්‍රකාශයක්
ඉරානයට එරෙහි යුද්ධය තමන්ගේ යුද්ධයක් නොවන බවත්, තමන් ඊට කිසිසේත් සම්බන්ධ නොවන බවත් බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් පවසයි.
රුසියාවෙන් සිය පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්
අමෙරිකාව සමඟ උදර්පන ගිවිසුම් පවතින රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙස රුසියාව සිය පුරවැසියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
කෝටි ගණනින් මත්ද්‍රව්‍ය හසුකරගත් නාවික හමුදා මෙහෙයුම
විදෙස් බුද්ධි තොරතුරක් මත බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදා අවේක්ෂණ මෙහෙයුමක් අතරතුර මත්ද්‍රව්‍ය සමග භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව ගැන තවත් කරුණු හෙළිකරගැනීමට හැකිව තිබේ.
දශක 5ට පසු සඳ වටා යන ප්‍රථම මිනිස් මෙහෙයුමට තවත් හෝරා කිහිපයයි
වසර 50කට වැඩි කාලයකට පසු සඳේ කක්ෂය වෙත සිදුකරන ප්‍රථම මිනිස් මෙහෙයුම සඳහා ගගනගාමීන් සිව්දෙනෙකු අභ්‍යවකාශය වෙත යැවීමට NASA ආයතනය සූදානමින් සියිටි.
ඉරානයට සිදුවූ හානියට වන්දි ගෙවන තෙක් යුද්ධය අඛණ්ඩව ගෙනි යනවා - ඉරානය
ඉරානය විසින් කිසිදු සටන් විරාම යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි ප්‍රකාශ කර තිබේ.
GMOA හෙට යළිත් වර්ජනයක
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (02) උදෑසන 8 සිට යළිත් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
එම සංගමය සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති අනීතික ස්ථානමාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින් මෙලෙස නැවත වැඩවර්ජනයේ නිරත වන බවය.
ඉරාන නව නායකයා සටන් විරාමයක් ඉල්ලුවා - ට්‍රම්ප්
ඉරාන නව නායකයා තමන්ගෙන් සටන් විරාමයක් ඉල්ලා සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ධවල මන්දිර ව්‍යාපෘතියකට ට්‍රම්ප්ට එරෙහි අධිකරණ නියෝගයක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ උත්සව ශාලාවක් (Ballroom)ඉදිකිරීමට ආරම්භ කළ ව්‍යාපෘතිය අධිකරණ නියෝගයක් මගින් තාවකාලිකව නතර කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
අධික උණුසුම මානසික අවපීඩනයන් ඇති කරයි
අධික උණුසුම් තත්ත්වය මානසික අවපීඩනයන් ආතතිය, හිතට කරදරය සහ නොසන්සුන් තත්ත්වයන් ඇතිකිරීමට හේතුවන බව මනෝ වෛද්‍ය, විද්‍යා විජේබණ්ඩාර මහත්මිය පවසයි.
බලශක්ති ප්‍රභවයන් ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියාව කැමැත්තෙන්
ශ්‍රී ලංකාව තුළ අර්බුද ඇතිවුවත් නැතත් ඉන්ධන, ගෑස්, ගල්අඟුරු ඇතුළු බලශක්ති ප්‍රභවයන් මෙරටට ලබාදීමට රුසියාව සිය කැමැත්ත පළකර තිබේ.
නේටෝ සාමාජිකත්වය ඉවත්කර ගැනීමට ට්‍රම්ප් සැරසෙයි
ලොව බලවත්ම මිලිටරි සංවිධානය ලෙසින් ලෙසින් සැලකෙන 'නේටෝ' සංවිධානයෙන් ඉවත්වීමට අමෙරිකාව සූදානම්වන බව විදෙස් වාර්තා පවසයි.
හෙට ප්‍රදේශ කිහිපයකට වැසි
කළුතර සිට ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2026 වසරේදී ශ්‍රී ලංකා රුපියල සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි
2026 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 1.6 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කරයි.
වැටලීමකට ගිය පොලීසියේ 7කට බඹර ප්‍රහාරයක්
කොත්මලේ වෙදමුල්ල රම්බොඩ ප්‍රදේශයේ රක්ෂිතයක පවත්වාගෙන යන නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය කොත්මලේ පොලීසියේ නිළධාරීන් 07 දෙනෙකු අද (01) බඹර ප්‍රහාරයක් එල්ල වී ඇත.
හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර දැඩි කරයි
යේමනයේ හූති කැරලිකරුවන් මේ වන විට ඔවුන්ගේ ප්‍රහාර වැඩි වශයෙන් එල්ල කර ඇත්තේ දකුණු ඊශ්‍රායලය ඉලක්ක කරගෙන බව සඳහන් වෙයි.
සෞඛ්‍ය ඇමති නලින්දට GMOAයෙන් අභියෝගයක්
වත්මන් රජය සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෛද්‍යවරුන්ගෙන් බලහත්කාරයෙන් සේවය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
රුසියාවෙන් ඉන්ධන ලබාදීම ස්ථිර කර ඇති බව තෙල් සංස්ථාව කියයි
රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
සිංහල අලුත් අවුරුද්දට පොලීසියෙන් විශේෂ ආරක්ෂාවක්
අලුත් අවුරුදු සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලීසිය විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සකස් කර තිබේ.
කටාර් වෙරළට ඔබ්බෙන් වූ තෙල් නෞකාවකට ප්‍රහාරයක්
කටාර් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ තෙල් නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය ඒජන්සිය පවසයි.
උසස් පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයෝ
2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසුන් 176,527ක් එනම් 62.64%ක් සරසවි වරම් ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
2026 වසරේ ඉදිරි විභාග ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ 2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගයන් වෙන්කරන ලද නියමිත දිනවලදීම පැවැත්වීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.