උණුසුම් පුවත්
මහාචාර්යවරු හිඟය හේතුවෙන් රජරට විශ්වවිද්‍යාල සිසුන් අර්බුදයක
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්ය සහ මහාචාර්යවරුන් සියයට 50ක පමණ හිඟයක් පවතින බවත් රජරට විශ්වවිද්‍යාලය තුළ එම ගැටලුව උග්‍රවී ඇති බව එහි කළමණාකරණ පීඨ ශිෂ්‍ය සංගමය පවසයි.
2025 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ඇරඹෙයි
2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) ආරම්භ වීමට නියමිතය.
නීතිඥ සංගමයේ සියලු නීතිඥවරු අද අධිකරණ කටයුතුවලින් ඉවතට
අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සියලු නීතිඥවරුන් අද (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.
අද සවස 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි
මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බංග්ලාදේශ නව රජයේ දිවුරුම් දීමේ උත්සවයට සෞඛ්‍ය ඇමති නලින්දත්
බංග්ලාදේශ නව රජයේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගීවීමට නියමිතව තිබේ.
ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධන ආයෝජනයන්ට බදු සහන ලබාදීමට තීරණයක්
සංචාරක, නිෂ්පාදන සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රවල ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා වන ආයෝජනයන්ට වසර 10 දක්වා බදු සහන ලබා දීමට රජය තීරණය කර තිබේ.
ඉන්දු - පාකිස්තාන සටන බලන්න ජනපති අනුරත් එක්වෙයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (15) පැවැත්වෙන තරගය නැරඹීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාද පැමිණියේය.
ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ -අගමැති හරිනි
ඉදිරියට යන ගමන, ජාතිවාදය ඇතිකර ආපස්සට ගන්න කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, පටන් ගත්ත වෙනස ඉදිරියට ගෙනියන්න කාන්තාවන්ද ඉදිරියට පැමිණිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ජාතික ආරක්ෂාව ගැන SF කියන කතාව
වෙඩි තැබීමකින් හෝ දෙකකින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
සජිත් පැමිණි රැස්වීමක කලබලයක්
ප්‍රදේශයේ ගොවි ගැටලු ගැන සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (15) සූරියවැව, අන්දරවැව ප්‍රදේශයේ රැස්වීමකට පැමිණි අවස්ථාවේදී දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඝාතනය වූ නීතිඥවරයාගේ සහ බිරිඳගේ දේහයන් පිටිගල නිවසට රැගෙන එයි
තලංගම, අකුරේගොඩදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ දේහයන් ඔවුන්ගේ පිටිගල ගොඩාමුණ නිවසට රැගෙන ගොස් තිබේ.
හෙට දිනයේ රට පුරා අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් තීරණයක්
හෙට (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ.
විදුලිබල ක්ෂේත්‍රය ගැන විවාදයක් ලබන 20 වෙනිදා
විදුලිබල ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයක් ලබන 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය ධීවරයින් ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් නැවතත් ලිපියක්
නිදහස ලබා ශ්‍රී ලංකාවේ සිටින තමිල්නාඩු ධීවරයින් හැකි ඉක්මනින් නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා එරට විදෙස් කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා වෙත ලිපයක් යොමු කර ඇත.
වවුනියාවේ කාන්තා ගෘහමූලික පවුල් 8,000ක්
වවුනියාව දිස්ත්‍රික්කයේ කාන්තා ගෘහමූලික පවුල් 7,999ක් පමණ සිටින බවට අනාවරණවී තිබේ.
වසර 14කට පසු කොළඹට රැස්වූ නීතිඥවරු
නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින් අද (15) කොළඹට රැස්විය.
පුත්තලම දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කෙරේ
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය, පුත්තලම දුම්රිය ස්ථානය දක්වාම හෙට (16) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
අකුරේගොඩ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු ගැන තොරතුරු හෙළිවෙයි
අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් සිව් දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට අනාවරණවී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි.
අද පස්වරු 3න් පසු කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය පැවැත්වෙන අද (15) දින විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
ඉන්දු - පාකිස්තාන තරගය ගැන පොලීසියෙන් ක්‍රීඩාලෝලීන්ට දැනුම්දීමක්
ඉන්දියාව හා පාකිස්තානය අතර අද (15) රාත්‍රියේ පැවැත්වෙන තරගය නැරඹීම සඳහා නිසි අවසරපතක් නොමැති කිසිදු ක්‍රීඩාලෝලියෙකු ක්‍රීඩාංගණය අසලට පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලයි.
ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට - රජයටත් ඉහළ අනුමැතියක්
2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇති බව ආසියාවේ රජ්‍ය සහ පෞද්ගලික අංශය සම්බන්ධයෙන් උපායමාර්ගික විශ්ලේෂණය සහ උපදෙස් සපයන ස්වාධීන ආයතනයක් වන Verité Research ආයතනය පවසයි.
ඉන්දු - පාකිස්තාන සටන වෙනුවෙන් අද කොළඹ ආරක්ෂාව තර කෙරේ
විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයට අදාළ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙයි.
විදුලිය ගාස්තු සංශෝධනයට පාර්ශ්ව රැසකගේ විරෝධය
2026 වසරේ දෙවන කාර්තුව සඳහා සියයට 13.56ක විදුලි ගාස්තු ඉහළ නැංවීමේ ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවට පාර්ශ්ව රැසක් විරෝධය පළ කර තිබේ.
නීතීඥ බුද්ධික මල්ලවආරච්චිගේ සහ බිරිඳගේ දේහයන්ට අවසන් ගෞරව දක්වන්න විශාල පිරිසක්
තලංගම, අකුරේගොඩදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ දේහයන් මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක මේ වන විට තැන්පත් කර තිබේ.
අකුරේගොඩ ඝාතනය ගැන මාලිමාවේ නීතිඥවරුන්ගෙන් නිවේදනයක්
අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගිය 13 වැනිදා නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධව ජාතික ජනබලවේගයේ නීතිඥයින් නිවේදනයක් නිකුත් කර තිබේ.