උණුසුම් පුවත්
''විපතට පත් ජනතාවට පොරොන්දු වූ සහන ලබා දෙන්න''
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ කරවනැල්ල මුලික රෝහලට රු. ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ ලබා දීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (01) එක්විය.
2024 වසරට වඩා 2025 වසරේ රිය අනතුරු මරණවල වැඩීවීමක්
2024 වසරට සාපේක්ෂව 2025 වසරේ සිදුවූ රථ වාහන අනතුරුවලින් සිදුවූ මරණ සංඛ්‍යාව 322කින් ඉහළගොස් ඇති බව සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිය ධුරයෙන් තාවකාලිකව ඉවත් වෙයි
ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය තාවකාලිකව සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
නව වසර සඳහා පාසල් පාවහන් බෙදාදීමේ සැලැස්මක්
බස්නාහිර සහ දකුණු පළාත්වල පාසල් සිසුන්ට පාවහන් බෙදාදීම සඳහා සකස් කර ඇති නියමු ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කිරීමේ සාකච්ඡාවකට අද (01) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එක්විය.
ජයටම කරගෙන ගිය රන් භාණ්ඩ ජාවාරමක් වටලයි
ව්‍යාජ රන් භාණ්ඩ අළෙවි කළ කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නායයෑමෙන් නිවාස අහිමි වූ ජනතාවගේ සුවදුක් විමසන්න ජනපති අංකුඹුර
මහනුවර, පූජාපිටිය, වැල්ගාල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පවත්වා ගෙන යන සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත අද (01) දහවල් ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ජනතාවගේ සුවදුක් විමසා බැලීය.
මාවනැල්ලේ දී කාන්තාවන් 2ක් ඇතුළු තිදෙනෙකු ඝාතනය කෙරේ
මාවනැල්ල නෑහිඳ ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ.
ගංජා සමග සිව්දෙනෙකු අත්අඩංගුවට
ගංජා කිලෝ 150කට වැඩි ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු හම්බේගමුව මීගහකිවුල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක්
නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින්, ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්.
නව වසරේ පාර්ලිමේන්තුවේ රාජකාරි ඇරඹෙයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව වසරේ රාජකාරි ඇරඹීම අද (01) පෙරවරුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරිණි.
විදෙස් රටවල් 22කින් ශ්‍රී ලංකාවට ආධාර ඇවිත්
දිට්වා සුළි කුණාටු ආපදාවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විදේශ රටවල් 22කින් මානුෂීය සහනාධාර ලැබී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
දිවයින පුරා විශේෂ මෙහෙයුම්
දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 15දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පුනරුදයට මග වැඩපිළිවලට සමගාමීව ග්‍රාමීය මාර්ග 76ක් සංවර්ධනයට
පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය උසස් කරමින්, ජනතා ගමනාගමන පහසුකම් පුළුල් කිරීම සඳහා ග්‍රාමීය මාර්ග 76ක් සංවර්ධනය කිරීම අද (01) සිට ආරම්භ වී තිබේ.
ජනපති දළදා සමිඳුන් වැඳ පුදාගනී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත්තේය.
ඩිජිටල් වංචාවල සැලකිය යුතු වැඩිවීමක් - ගත වූ වසරේදී CERT ආයතනයට පැමිණිලි 12650ක්
අන්තර්ජාලය හරහා සහ සමාජ මාධ්‍ය අනිසි භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් සංසදයට 2025 දී පැමිණිලි 12,650 කට වඩා ලැබී තිබෙන බව CERT ආයතනය පවසයි.
ලංවිම ඈවර කිරීම ගැන අමාත්‍යාංශයට දැනුම්දෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ වත්කම් නව සමාගම් 06ක් වෙත පැවරීමේ කටයුතු එළඹෙන පෙබරවාරි 01 වනදාට පෙර අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
ජාත්‍යන්තර මුහුදුදේ දී යාත්‍රාවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්
ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු යාත්‍රාවකට අමෙරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අනාගතය ජයගත හැක්කේ අතීත අත්දැකීම් ධනාත්මකව උකහා ගැනීමෙන් පමණයි - නව වසරට සුබ පතමින් දිලිත් කියයි
ජාතියක් ලෙස අපගේ අනාගතය ජයගත හැක්කේ අතීතයේදී අපි මුහුණ දුන් සියලු දේ අත්දැකීම් ලෙස ධනාත්මකව උකහා ගැනීමෙන් පමණක් බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා 2026 නව වසරට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රනිල්ගෙන් සජිත්ට ඇමතුමක්
නව වසර උදාවත් සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකථන ඇමතුමක් ලබාදී සුබ පැතුම් එක්කර තිබේ.
අණ නොතැකූ බීමත් රියදුරා පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි කරයි
නව වසර උදාව නිමිත්තෙන් රාජකාරියේ නිරතව සිටි අම්බලන්තොට පොලීසියේ නිලධාරියෙකු රිය අනතුරකට ලක්ව මියගොස් තිබේ.
සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිතිවලට ඔඩපණ ණය යෝජනාක්‍රමයක්
වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025/26 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනාක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව දැනුම් දී තිබේ.
උපත් අනුපාතය ඉහළ නැංවීමට චීනයෙන් බද්දක්
චීනයේ උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා දශක තුනකට පසු ප්‍රථම වතාවට කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා බද්දක් පැනවීමට තීරණය කර තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සගයෙක් පොලීසියට කොටුවෙයි
ගන්දර - දෙවිනුවර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 115 මිලිග්‍රෑම් 200 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 700 ක් හා ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් ලක්ෂ 05ක් පමණ වූ මුදල් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
උප පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
කින්නියා පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
වැටුණු රට ගොඩනැගීමට ජාතිභේද පසෙකලා සියලුදෙනා එක්ව කටයුතු කළ යුතුයි -අස්ගිරි මහ නාහිමි
වැටුණු රට ගොඩනැගීම සඳහා ජාතිභේද පසෙකලා සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව උදාවූ නව වසර වෙනුවෙන් අනුශාසනාවක් සිදුකරමින් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි පවසති.