උණුසුම් පුවත්
පළාත් රැසකට තද සුළං
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මීගමුව බන්ධනාගාර ගැටුමින් දිවි අහිමි වූ තරංග
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමින් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකුට දිවි අහිමි වූ අතර, දර්ශන තරංගත් ඒ අතරින් අයෙකි.
ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා
දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදීම සිදුවුණි.
ඩෙංගු රෝගීන් 62,000 පනී
වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ජූලි මාසය තුළ පමණක් රෝගීන් 7,038ක් වාර්තා වී ඇති බව එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේය.
ඩෙංගු අවදානමක් නිසා මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
ඩෙංගු අවදානම් තත්ත්වයක් හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා තිබේ.
මීගමුවට ගිනි තැබූ බව කියූ සුරේෂ් බූස්සට
මීගමුව බන්ධනාගාර ගැටුමට මුල් වූ බව පැවසෙන 'කටුවැල්ලේගම සුරේෂ්' නැමැත්තාව බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ.
ගැටුමින් තුවාල වූ නිලධාරීන් බලන්න ගිය අධිකරණ ඇමති
මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු ගැටුමින් තුවාල ලබා ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (06) පස්වරුවේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ගොස් තිබුණි.
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන 27ක් දක්වා ඉහළට
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු මියගොස් තිබේ.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (07) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබේ.
විපක්ෂය හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි
මීගමුව බන්ධනාගාරය තුළ හට ගත් ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලමින් කථානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.
පරිභෝජනයට නුසුදුසු සීනි ටොන් 4,250ක් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට
පෑලියගොඩ, පෙතියාගොඩ ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු සීනි ටොන් 4250ක තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බන්ධනාගාර ගැටුම ගැන මානව හිමිකම් කොමිසමෙනුත් විමර්ශනයක්
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ගෙවුණු මාස 7ට රිය අනතුරුවලින් පුද්ගලයින් 1,424ක් ජීවිතක්ෂයට
මෙම වසරේ ගතවූ කාලය තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,424 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
අද සිට 10 වෙනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි
ජූලි මාසය සදහා පළමුවැනි පාර්ලිමේන්තු රැස්වීම් සතිය අදින් (07) ආරම්භ වේ.
ශ්‍රී ලංකාව ලකුණු 142ක් ඉදිරියෙන්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය නිමාවට පත්වන විට, ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 92ක් ලබා සිටියේය.
පුරාවිද්‍යා දෙසතිය අදින් ඇරඹේ
දිවයින පුරා පිහිටි පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන සහ ඊට සමගාමීව සංවිධානය කර ඇති පුරාවිද්‍යා දෙසතිය අදින් (07) ආරම්භ වේ.
මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කෙරේ - කාන්තා රැඳවියන් තවමත් විරෝධයේ
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට මේ වනවිට ආරක්ෂක නිලධාරීන්ට හැකිවී තිබේ.
වැස්ස අඩුවෙයි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.
ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියා මීගමුව බන්ධනාගාරයේ ගැටුමට හේතුවක් - දිලිත්
වත්මන් ආණ්ඩුවේ ඇති අදූරදර්ශී ක්‍රියාවන් මෙම මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමට හේතු වී ඇති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
Derana 60 plus season 01 ජනප්‍රියම තරුව දිවි සැරිය නිම කරයි
Derana 60 plus season 01 තරගයේ ජනප්‍රියම තරුව ලෙස කිරුලු පැලදි බෙන්තරගේ ආරියවංශ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන CCD සහ CIDයෙන් විමර්ශන
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
ඒ සඳහා වන අධිකරණ නියෝගයක් ද මේ වනවිට ලබාගෙන ඇති බව සඳහන්ය.
මීගමුවේ රැඳවියන් 700ක් වෙනත් බන්ධනාගාරවලට
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700කට ආසන්න පිරිසක් අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
2026 වසරේ මුල් මාස හයේ බදු ආදායම බිලියන 1373ක්
2026 වසරේ පළමු මාස හය තුළ බදු ආදායම ලෙස රුපියල් බිලියන 1,373ක් එක්රැස් කරගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
ළමා අපයෝජන ප්‍රවර්ධනයට එරෙහිව ඉන්දියාවෙන් Meta සමාගමට රතු එළියක්
Instagram හරහා ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන සහ ඒ සඳහා පහසුකම් සපයන සියලුම ගෙවුම් දැන්වීම් සහ අන්තර්ගතයන් වහාම අක්‍රීය කරන ලෙස ඉන්දීය රජය Meta සමාගමට දැඩි ලෙස නියෝග කර තිබේ.
මීගමුවේ රැඳවියන් පිරිසක් බෝගම්බරට
මීගමුව බන්ධනාගාරයේ සිට රැඳවියන් පිරිසක් මේ වන විට මහනුවර පල්ලකැලේ පිහිටි බෝගම්බර එළිමහන් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.