උණුසුම් පුවත්

චාමර සම්පත්ගේ සිද්ධියට සම්බන්ධ සැකකාරියකට ඇප

ඌව පළාත් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එල්ල වූ චෝදනාවකට අනුබලදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තවත් සැකකාරියකට අද (24) ඇප ලබා දී ඇත.

(0)Comments | April 24, 2025  4:06 pm

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

(0)Comments | April 24, 2025  3:37 pm

පාසල් තුනක සිසු සිසුවියන් ජනාධිපති මන්දිරය නරඹති

අම්පාර කාවන්තිස්ස විද්‍යාලය, උඩගම මහා විද්‍යාලය හා ගම්පොළ ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය යන විද්‍යාලවල සිසු සිසුවියන් අද ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණ තිබේ.

(0)Comments | April 24, 2025  3:31 pm

වැලිගම හෝටලයේ සිද්ධියට අදාළව නෙවිල් සිල්වා අධිකරණයට භාරවෙයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබේ.

(0)Comments | April 24, 2025  3:12 pm

IMF සිව්වෙනි සමාලෝචනයේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව මෙම සතියේ දී 

IMF විස්තීර්ණ ණය අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන හතරවන සමාලෝචනයට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට ළඟාවීමට මෙම සතිය ඇතුළත හැකියාව ඇත.

(0)Comments | April 24, 2025  2:53 pm

ගුවනේ දී ගුවන් සේවිකාවට අතවරකළ ස්වීඩන් ජාතිකයාට දඩ

ගුවන් යානයක් පියාසර කරමින් තිබිය දී ගුවන් සේවිකාවකට ලිංගික අතවර සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරද පිළිගත් ස්වීඩන් ජාතිකයෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 26,500 දඩයක් නියම කර තිබේ.

(0)Comments | April 24, 2025  2:51 pm

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 30ක් බෙදා අවසන්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 30%ක ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.

(0)Comments | April 24, 2025  2:49 pm

පුංචි ඡන්දයට රාජ්‍ය බලය හා රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම් සිද්ධි රැසක්

මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී රාජ්‍ය බලය හා රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීමේ සිද්ධීන් 30ක් වාර්තා වී ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

(0)Comments | April 24, 2025  2:18 pm

අල්ලස් ගත් ක්වාසි විනිසුරු 29වනදා දක්වා රිමාන්ඩ්

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙනසිටි ක්වාසි විනිසුරුවරයා ලබන 29වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අද (24) නියම කළේය.

(0)Comments | April 24, 2025  2:06 pm

අත්අඩංගුවට ගත් ඡන්ද අපේක්ෂකයින් ගණන 25 දක්වා ඉහළට

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | April 24, 2025  1:40 pm

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත් සහ මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | April 24, 2025  1:34 pm

දුම්රිය දෙපාර්තමේන්තුවේ online ටිකට් වංචාව ගැන CIDයෙන් අධිකරණයට දැනුම්දීමක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ අන්තර්ජාලය හරහා නිකුත් කරනු ලබන ටිකට් පත් මිලදීගෙන වැඩි මුදලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

(0)Comments | April 24, 2025  12:50 pm

තැපැල් ඡන්දය සලකුණු කිරීම සාමාන්‍ය පරිදි

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) ආරම්භ වූ අතර එය ගැටලුවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බව මැතිවරණ කොමිසම පවසයි.

(0)Comments | April 24, 2025  11:53 am

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | April 24, 2025  10:57 am

ඩයනාට එරෙහි නඩුවක් කල්යයි

වලංගු වීසා බල පත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳීසිටීම ඇතුළු ආගමන හා විගමන පනත යටතේ චෝදනා එල්ල කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ නඩුවල විභාගය ජුලි මස 31 දක්වා කල්තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

(0)Comments | April 24, 2025  10:56 am

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.

(0)Comments | April 24, 2025  10:27 am

වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට යෝජනාවක්

වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාළව යෝජනාවක් මහනායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන් මහතා පැවසීය.

(0)Comments | April 24, 2025  10:20 am

කොළඹ ලැගුම්හලකදී කාන්තාවක් මරා දැමීමේ සිද්ධියේ විත්තිකරුට මරණීය දණ්ඩනය

2015 වසරේ කොළඹ හෙට්ටිවීදියේ පිහිටි ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කර ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ පිහිටි බස් නැවතුම්පොලේ දමා යෑමේ සිද්ධියට සම්බන්ධ චෝදනාවලට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබේ.

(0)Comments | April 24, 2025  10:02 am

ශ්‍රී ලාංකිකයින්ට පියවි ඇසට දැකගැනීමට ලැබෙන විරල අවස්ථාවක්

සිකුරු, සෙනසුරු සහ චන්ද්‍රයා ඉතා සමීපව දිස්වන දුර්ලභ ත්‍රිත්ව සංයෝගයක් දැක බලා ගැනීමේ අවස්ථාව හෙට (25) දිනයේ හිමිව තිබේ.

(0)Comments | April 24, 2025  9:17 am

ඇපල් සහ මෙටා සමාගම්වලට ඩොලර් මිලියන ගණනක දඩයක්

යුරෝපා සංගමය ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට දඩයක් පනවා තිබේ.

(0)Comments | April 24, 2025  8:59 am

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සිට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) සිට ආරම්භ වන බව මැතිවරණ කොමිසම පවසයි.

(0)Comments | April 24, 2025  8:29 am

සිඟිත්තියකට දිවි අහිමි කළ මාරක අනතුර

අක්කරෙයිපත්තුව පොතුවිල් ඒ- 04 ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් සිඟිති දැරියක් මියගොස් තිබේ.

(0)Comments | April 24, 2025  7:31 am

පාසල් සිසුන් සඳහා පෝෂදායී ආහාර වේලක් ලබාදීම අඛණ්ඩව

පාසල් සිසුන් සඳහා පෝෂදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ඒ අයුරින්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි.

(0)Comments | April 24, 2025  7:27 am

සැකකටයුතු ලෙස හෙල්මට් පැළඳ සිටීනම් පරීක්ෂා කිරීමට පොලීසියට අවසර

ආරක්ෂිත හිස් වැසුම් පැළද සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරින්ට සඳහා උපදෙස් ලබා දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මේ බව දැනුම් දී තිබේ.

(0)Comments | April 24, 2025  6:50 am

සිරි දළදා වන්දනාව 7 වන දිනය අදයි

ලක්ෂ සංඛ්‍යාත සැහැදැවතුන් සාධුකාර දෙමින් සෙංකඩගල නගරයට පිළිවෙතින් පෙළගැසෙන "සිරි දළදා වන්දනාව" 07 වැනි දිනය අදයි.

(0)Comments | April 24, 2025  6:48 am