උණුසුම් පුවත්

මහවැලි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

මහවැලි ගඟ ද්‍රෝණියේ පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | February 22, 2026  12:19 am

රතු නිවේදන නිකුත් කර තිබූ දිස්ත්‍රික්ක තුනක පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන වෙත

පවතින අධික වර්ෂාපතනයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (21) පස්වරුවේ නිකුත් කරනු ලැබූ නායයෑම් රතු නිවේදන හමුවේ දිස්ත්‍රික්ක 3කට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3ක පවුල් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

(0)Comments | February 21, 2026  11:49 pm

අත්අඩංගුවට ගත් අකුරේගොඩ ඝාතනයේ වෙඩික්කරු බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාශයට

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වෙඩික්කරු අද (21) පස්වරුවේ බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාශයට රැගෙන එනු ලැබීය.

(0)Comments | February 21, 2026  11:08 pm

ගෝලීය තීරු බද්ද සියයට 10 සිට සියයට 15 දක්වා ඉහළ දැමීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

අමෙරිකා එක්සත් ජනපදය වෙත ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩ සඳහා පනවා ඇති තාවකාලික බදු අනුපාතය සියයට පහකින් ඉහළ දැමීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

(0)Comments | February 21, 2026  10:53 pm

පහළ කඩුගන්නාව සහ මාවනැල්ල අතර මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක් 

පහළ කඩුගන්නාව සහ මාවනැල්ල අතර කොටසේ ගමන් ගන්නා රියදුරන් දැඩි විමසිලිමත්භාවයකින් පසුවිය යුතු බව ආපදා කළමනාකරණය ඉල්ලීමක් කරයි. 

(0)Comments | February 21, 2026  10:13 pm

දිස්ත්‍රික්ක 4කට නායයෑම් රතු නිවේදන 

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක 4කට නායයෑම් රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

(0)Comments | February 21, 2026  9:17 pm

ජීවිත තර්ජන මැද වෙඩි කෑ ඩිලයිට්

මාතර - දෙවුන්දරදී අද (21) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම සිදුව ඇත්තේ අදාළ පුද්ගලයාට තිබෙන ජීවිත තර්ජන මැද බවට මේ වන විට අනාවරණය වී තිබේ.

(0)Comments | February 21, 2026  9:01 pm

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් 

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. 

(0)Comments | February 21, 2026  8:30 pm

අකුරේගොඩ වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට 

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | February 21, 2026  7:11 pm

මාර්තු 03 ග්‍රාම නිලධාරීන් ගොළුවෙයි

2009/2010 වර්ෂවලදී බඳවා ගත් ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.

(0)Comments | February 21, 2026  6:34 pm

රාජකීය අනුප්‍රාප්තික පෙළපතෙන් ඇන්ඩෲ ඉවත් කිරීමට රජය සලකා බලයි

බ්‍රිතාන්‍ය රජය ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් රාජකීය අනුප්‍රාප්තික පෙළපතෙන් ඉවත් කිරීම සඳහා නීති සම්පාදනය කිරීම සළකා බලමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

(0)Comments | February 21, 2026  5:34 pm

පසුගිය වසරේ ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම ගැන හෙළිදරව්වක්

පසුගිය 2025 වසරේ පොලීසිය සහ හමුදාව එක්ව සිදුකරන ලද වැටලීම් මගින් ආරක්ෂක අංශ භාරයට ගනු ලැබූ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 110ය ඉක්මවන බව  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා පවසයි.

(0)Comments | February 21, 2026  5:26 pm

අමෙරිකානු පැසිෆික් නාවික අණදෙන නිලධාරී හා ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති අතර හමුවක්

අමෙරිකානු පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් Stephen T. "Web" Koehler, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා හමු වී තිබේ.

(0)Comments | February 21, 2026  5:23 pm

බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කිරීමට අයිතියක් නැහැ - සජිත් ප්‍රේමදාස 

කිසිවෙකුටත් බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කිරීමට අයිතියක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

(0)Comments | February 21, 2026  3:55 pm

හෙට වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් හෙට (22) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

(0)Comments | February 21, 2026  2:46 pm

හෝමාගමදී අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | February 21, 2026  2:44 pm

පොලිස් විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

පොලීසිය සිදු කරගෙන යන අපරාධ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ඊයේ (20) දිනයේ පමණක් පුද්ගලයන් 29,165ක් පරික්ෂාවට ලක් කර තිබේ.

(0)Comments | February 21, 2026  1:31 pm

දෙවුන්දර වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළෙඳසැලක් අසලදී අද (21) දහවල් සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | February 21, 2026  1:28 pm

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉදිරියේදී විද්වත් කමිටුවක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසිපරිදි ඉදිරියට ගෙනයෑම සඳහා ජනාධිපතිවරයා විසින් විද්වත් කමිටුවක් පත්කිරීමට නියමිත බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

(0)Comments | February 21, 2026  1:04 pm

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට මහජන අදහස් විමසීම 25වනදා සිට

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව මහජන අදහස් විමසීමේ කටයුතු පෙබරවාරි මස 25වනදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසයි.

(0)Comments | February 21, 2026  12:11 pm

ඉන්දු - පාකිස්තාන සටනේ ඓතිහාසික නැරඹුම් වාර්තාවක්

ICC තරග ඉතිහාසයේ වැඩිම පිරිසක් ඩිජිටල් අවකාශය ඔස්සේ නැරඹූ විස්සයි20 තරගය ලෙස ඉන්දු - පාකිස්තාන තරගය වාර්තා අතරට එක්ව තිබේ.

(0)Comments | February 21, 2026  12:03 pm

ට්‍රම්ප්ගේ චීන සංචාරයට දින නියම වෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාර්තු මස අගදී චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ධවල මන්දිරය තහවුරු කර තිබේ.

(0)Comments | February 21, 2026  11:35 am

රත්‍රං මිලේ වෙනසක්

මෙරට රත්‍රං මිල ගණන් රුපියල්  4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

(0)Comments | February 21, 2026  11:24 am

මාමණ්ඩියගේ පිහි පහරින් බෑනා මරුට

දැරණියගල, මාලිබොඩවත්ත තේ කර්මාන්ත ශාලාව කොටසේදී මාමණ්ඩිය විසින් එල්ල කළ පිහි ප්‍රහාරයකින්, බෑණා ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | February 21, 2026  11:13 am

සෝමාවතිය - සුංගාවිල මාර්ගය යළිත් යටවෙයි

සෝමාවතිය - සුංගාවිල මාර්ගය අද (21) පෙරවරුවේ අඩියක් පමණ ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දී තිබේ.

(0)Comments | February 21, 2026  10:37 am