උණුසුම් පුවත්
මහාචාර්ය චරිත හේරත් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට
මහාචාර්ය චරිත හේරත් මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කර තිබේ.
විදේශ රැකියා වංචනිකයින්ට එරෙහිව පැවරූ නඩුවලින් රු. ලක්ෂ 3,743ක් යළි වින්දිතයින්ට
2025 වර්ෂය තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිත ආයතනවලට එරෙහිව නඩු පවරන ලද වින්දිතයින්ට රුපියල් ලක්ෂ 3,743කට අධික මුදලක් යළි අයකරදීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
විෂයමාලා, පෙළපොත් සහ සමාලෝචනය සිදුකරන නිලධාරීන්ට මාර්ගෝපදේශන සංග්‍රහයක්
විෂයමාලා, පෙළපොත් සකස් කරන සහ සමාලෝචනය සිදුකරන නිලධාරීන් සඳහා සයිබර් ආරක්ෂණය වෙනුවෙන් මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කිරීමට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ගේ දිනක වැටුප Rebuilding Sri Lanka අරමුදලට
ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් තම දිනක වැටුප වශයෙන් රුපියල් මිලියන 50ක මුදලක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ.
වසර දෙකකට ආසන්න කාලයකට පසුව ඩොලරය රු. 310 පනී
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 310.02ක් ලෙස වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 8ක ප්‍රදාන ගිවිසුමක්
ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමයඅතර යුරෝ මිලියන 8ක ප්‍රදාන ගිවිසුමක් අත්සන් කර තිබේ.
ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි 'තක්ෂි' සහ තවත් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියම කළේය.
කෝටි 7ක කුෂ් සමඟ ව්‍යාපාරිකයෙක් කටුනායක ගුවන් තොටේ දී මාට්ටු
රුපියල් කෝටි හතක් පමණ වටිනාකමින් යුත් 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාව ජර්මනිය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව, ජර්මානු ෆෙඩරල් ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹ තිබේ.
ග්‍රෙගරි වැවේ ගුවන් අනතුරක්
නුවරඑළිය, ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට සුදානම් වූ සී ප්ලේන් එකක් අද (07) දින දහවල් 12.30ට පමණ කඩා වැටී තිබේ.
අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහි විශ්වාසභංගයට විපක්ෂය අත්සන් තබයි
අධ්‍යාපන අමාත්‍යවරිය වන හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, දිලිත් ජයවීර මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලැබීය.
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත මැතිසබයට
ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන 5ක්
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක මුදලක් ප්‍රධානය කර තිබේ.
සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවෙයි - රථවාහන ධාවනයත් අත්හිටුවයි
මහවැලි ගඟ පිටාර ගැලීමෙන් ඓතිහාසික සෝමාවතිය පුදබිමට ගමන් ගන්නා මාර්ගය ජලයෙන් යටවීම නිසා රථවාහන ධාවනය අත්හිටුවා තිබේ.
අධ්‍යාපන ඇමතිට එරෙහි විශ්වාසභංගය ගැන විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට අදාළ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් පවත්වා තිබේ.
ඉන්දීය හමුදාපති දිවයිනට
ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ජ්‍යෙෂ්ඨ නිලධාරි නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ඇනහිටී
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (07) උදෑසන 9.53ට අත්හිටුවා තිබේ.
දිට්වා නිසා නායගිය මහගිරිදඹ යුද හමුදා දෑතින් ප්‍රතිසංස්කරණය කර අවසන්
දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ මහගිරිදඹ ප්‍රදේශය යුද හමුදාව විසින් සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර තිබේ.
ලංකාවෙන් නික්මයෑමට සූදානම් වෙන ජුලි චන්ග්
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ලෙස කටයුතු කරමින් සිටින ජුලි චන්ග් මහත්මිය, ජනවාරි 16 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
6 පොතෙන් මතභේදයට තුඩු දුන් පාඩම ඉවත් කිරීමට අනුමැතිය
මතභේදයට තුඩු දුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ එම පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
නායයෑම් රතු නිවේදන තවදුරටත් - බොහෝ තැන්වල නායයෑම් පූර්ව ලක්ෂණ මතුවෙලා
මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 2ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3කට මේ වනවිට නිකුත් කර තිබූ නායයෑම් ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.
අඩු පීඩන කලාපය මඩකලපුවට කිලෝමීටර් 700ක් දුරින්
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය මේ වනවිට මඩකලපුවට කිලෝමීටර් 700ක් දුරින් ස්ථානගතව පවතී.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (07) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරයේ කටයුතු පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි.
වීථි ලාම්පු සඳහා වැයවන මුදල ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලට ?
යෝජිත නව විදුලි ප්‍රතිපත්තිය මඟින් තම ප්‍රදේශයේ ඇති වීථි ලාම්පු සඳහා වැයවන මුදල එම ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලෙන් අයකිරීමට යෝජනා කර ඇති බව විදුලිය පාවිච්චිකරනන්ගේ සංගමය පවසයි.
කැලණි පෙරහැරට රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සිදුකර තිබේ.