දුම්රිය පිලී පැනීමක්
July 7, 2026 05:22 pm
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 4.45ට රඹුක්කන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියේ එක් මැදිරියක් පීලි පැනීමකට ලක්ව තිබේ.
අද (07) පස්වරු 4.50ට පමණ මෙම සිද්ධිය වාර්තා වී ඇත.
දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකාව වෙත ළඟා වන අවස්ථාවේදී මෙම පීලි පැනීම සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙම සිද්ධිය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා හතරක් අවහිර වී ඇති අතර, කොළඹ කොටුවෙන් ආරම්භ වන දුම්රිය ගමන්වාර රැසක ප්රමාදයන් ඇතිවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
