උණුසුම් පුවත්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මහා සංඝරත්නයෙන් විරෝධය
පාසල් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය තිබුණ ද එය සිදු කළ යුතු ආකාරය මෙය නොවන බව පූජ්‍ය පාතේගම ඤානීස්සර හිමියන් පැවසීය.
තැපැල් දෙපාර්තමේන්තුවෙන් රු.මිලියන 13,100ක ආදායමක්
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත මහා භාණ්ඩාගාරය විසින් ලබා දුන් ආදායම් ඉලක්කය පසුගිය වසරේ දී ඉක්මවා යාමට සමත්වු බව එම දෙපාර්තමේන්තුව පවසයි.
නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ
පවතින වර්ෂාපතනයේ යම්කිසි අඩුවීමක් නිරීක්ෂණය වුවද නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.
බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල් රක්ෂණය කිරීම ආරම්භ කෙරේ
වර්ථමානයේ පවතින අවධානම් තත්ත්වයන් කළමනාකරණය කරමින් බිත්තර වී නිෂ්පාදන ගොවිපොළවල් සාර්ථකව පවත්වාගෙන යාමට එම ගොවිපොළවල් රක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
විශේෂ මෙහෙයුම්වලින් පුද්ගලයින් 30,322දෙනෙකු පරීක්ෂාවට
දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ගතවූ දිනයේ දී අපරාධ සම්බන්ධයෙන් සෘජුව හදුනාගත් පුද්ගලයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවිය බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම ගැන CIDයෙන් විමර්ශනයක්
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා - පාකිස්තාන තෙවන විස්සයි20 තරගය අද
සංචාකර පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වැනි සහ අවසන් විස්සයි20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි අද (11) රාත්‍රියේ පැවැත්වේ.
මෙරට අභ්‍යන්තර ගුවන් සේවා ශක්තිමත් කිරීමේ වැඩසටහනක්
සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව සඳහා මෙරට අභ්‍යන්තර ගුවන් සේවා ශක්තිමත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
ආපදාවෙන් හානි වූ අලිවැටවල් සතියක් තුළ ප්‍රතිස්ථාපනය කරන්නැයි උපදෙස්
දිට්වා සුළි කුණාටුවෙන් පසු හානි වූ සහ ප්‍රතිස්ථාපනය ආරම්භ කෙරෙනු අලි වැටවල්වල ප්‍රතිස්ථාපන කටයුතුවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පවත්වා තිබේ.
පසුගිය වසරේදී පාරිභෝගික අධිකාරියෙන් දැනුවත් කිරීම් වැඩසටහන් 1,540ක්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය 2025 වසර තුළ පාරිභෝගික දැනුවත් කිරීම් වැඩසටහන් 1,540ක් පවත්වා ඇති බව එම අධිකාරිය පවසයි.
ඩ්‍රෝන යානා නියාමනයට සිවිල් ගුවන්සේවා අධිකාරියෙන් වැඩපිළිවෙළක්
ඩ්‍රෝන යානා නියාමනය සඳහා නිසි වැඩපිළිවෙළක් හඳුන්වාදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
සිරියාවේ IS ඉලක්ක වෙත අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක්
සිරියාවේ ක්‍රියාත්මක IS ත්‍රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත අමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප්ට දෙන්න මචාඩෝ කළ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි
නොබෙල් සාම ත්‍යාගය දිනූ වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ විසින් ඇගේ 2025 නොබෙල් සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබා දිය හැකි බවට කළ ප්‍රකාශය නෙබෙල් ආයතනය ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
විදුලි සැර වැදී 16 හැවිරිදි ළමයෙකු ඇතුළු දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
කුච්චවේලි සහ රස්නායකපුර පොලිස් වසම්වලදී විදුලි සැර වැදීමෙන් 16 හැවිරිදි ළමයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
මන්නාරම් බොක්කේ පැවති අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙයි
මන්නාරම බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩුවෙමින් පවතින බවය.
පසුගිය වසර තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි 10,616ක්
පසුගිය 2025 වසර තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකයට ඇමතුම් 10,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි එම අධිකාරිය පවසයි.
යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියාවේ තෙල් ගබඩාවක ගින්නක්
යුක්‍රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ වොල්ගොග්‍රෑඩ් කලාපයේ තෙල් ගබඩාවක ගින්නක් ඇති වී තිබේ.
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ තලාවුඩ් දූපත් වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 6.4ක භූ කම්පනයක් සිදුව තිබේ.
මුහුදේ පාවෙමින් තිබියදී මළසිරුරක් සොයාගැනේ
උණවටුන ප්‍රදේශයේ ගොඩබිමේ සිට කිලෝමීටර තුනක් පමණ දුර මුහුදේ පාවෙමින් තිබූ මළ සිරුරක් නාවික හමුදාව සහ වරාය පොලීසිය එක්ව ගොඩබිමට රැගෙනවිත් තිබේ.
ඉරානයේ විරෝධතාවලින් මියගිය ගණන තවත් ඉහළට
ඉරානයේ වත්මන් පාලනයට එරෙහිව පසුගිය සතියේ ආරම්භ වූ මහජන විරෝධතා අඛණ්ඩව 13වැනි දිනටත් පැවැත්විණි.
පීඩන අවපාතය ක්‍රමයෙන් මුලතිව් වෙරළ තීරය හරහා දිවයින තුළට
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය ක්‍රමයෙන් මුලතිව් ආසන්න වෙරළ හරහා දිවයිනට ඇතුල් වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
රුපියල් තිස් හය ලක්ෂ හතළිස් පන්දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කෙරේ
නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
නිදහස් අධ්‍යාපනය රැකගන්න දිලිත්, සජිත් ඇතුළු පිරිස පෙරට එයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට හා අධ්‍යාපන ඇමතිවරියට විරෝධය පළකරමින් ''නිදහස් අධ්‍යාපනය රැකගමු'' මැයෙන් විපක්ෂයේ පක්ෂ එක්ව අද (10) පස්වරුවේ විරෝධාවක් පැවැත්වීය.
ඉරානයේ විරෝධතා දරුණු අතට
ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ උත්සන්න වීමත් සමග විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර හටගෙන ඇති ගැටුම් අතරතුර තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් ටෙහෙරාන් අගනුවර රෝහල් පිරී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.