උණුසුම් පුවත්

'රටම එකට' මෙහෙයුමෙන් සැකකරුවන් 861ක් අත්අඩංගුවට

රටම එකට ජාතික මෙහෙයුම යටතේ සිදු කළ වැටලීම්වලදී සැකකරුවන් 861දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

(0)Comments | January 10, 2026  5:27 pm

ස්වේච්ඡා විශ්‍රාම ඉල්ලුම් කළ විදුලි සේවකයින්ගෙන් බලශක්ති ඇමතිට ලිපියක්

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ පත් කළ දිනය ගැසට් කිරීම ප්‍රමාද වීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සිය සේවක පිරිස මුහුණ දෙන ගැටලු පිළිබඳව ලංකා විදුලි බල විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

(0)Comments | January 10, 2026  5:15 pm

කොණ්ඩ රංජිගේ අපරාධ වාර්තා CIDයෙන් ඩුබායි පොලීසිය වෙත

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රංජිත් කුමාර හෙවත්  ‘කොණ්ඩ රංජි’ සම්බන්ධ වන අපරාධ වාර්තා ඩුබායි පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | January 10, 2026  4:57 pm

පාකිස්තාන - ශ්‍රි ලංකා තෙවන T20 තරගය හෙට

වර්ෂාව හේතුවෙන් අතහැර දැමුනු පාකිස්තානය සහ ශ්‍රි ලංකාව අතර දෙවන T20 තරගය නැරඹීම සදහා මිලදී ගත් ප්‍රවේශපත්‍ර හෙට පැවැත්වෙන තෙවන T20 තරගය සඳහා ද වලංගු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

(0)Comments | January 10, 2026  4:56 pm

ශ්‍රීලනිපයට එරෙහි වූ පුංචි මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතුරින් වෙනත් පක්ෂවලට සහයෝගය ලබා දුන් සියලු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක මහතා පවසයි.  

(0)Comments | January 10, 2026  4:39 pm

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | January 10, 2026  4:32 pm

ජුලි චන්ග්ට සමුදුන් ඇමති විජිත

ශ්‍රී ලංකාවේ සේවය අවසන් කරන අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී තිබේ.

(0)Comments | January 10, 2026  4:16 pm

මට්ටක්කුලියේ ව්‍යාපාරිකයෙකු ඝාතනයට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට

මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 06ක් සමඟ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 10, 2026  4:15 pm

දින 9 තුළ ඩෙංගු රෝගීන් 2,420ක් වාර්තා වෙයි

මෙරට තුළ මේ වන විට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

(0)Comments | January 10, 2026  4:02 pm

වාහන ලියාපදිංචි‍යේදී සහ අයිතිය පැවරීමේදීත් TIN අංකය

වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි දත්ත පද්ධතියට සහ අයිතිය පැවරීමේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්යය කර තිබේ.

(0)Comments | January 10, 2026  3:53 pm

රාමසාන් වෙනුවෙන් මුස්ලිම් රාජ්‍ය සේවකයින්ගේ වැඩමුරවල වෙනසක්

රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.

(0)Comments | January 10, 2026  3:50 pm

ගලෙන්බිදුණුවැව ඛේදවාචකය - බරපතළ තුවාල ලැබූ වැඩිමහල් දිණියටත් දිවි අහිමි වෙයි

අනුරාධපුර, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිවසක් ගිනිතැබීමෙන් සිදුවු අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි 15 හැවිරිදි දියණියත් ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | January 10, 2026  3:17 pm

පීඩන අවපාතය මුලතිව් සිට කිලෝමීටර 20ක් දුරින්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද(10) පෙ.ව. 11.30 පමණ වනවිට මුලතිව් සිට කිලෝමීටර 20ක් පමණ නැගෙනහිරින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

(0)Comments | January 10, 2026  3:02 pm

වෙනිසියුලාව ව්‍යාපාර සඳහා විවෘත බව ට්‍රම්ප් කියයි

දෙපාර්ශ්වය අතර සබඳතා වර්ධනය වෙමින් පවතින බැවින්, වෙනිසියුලාවට දෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම අවලංගු කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

(0)Comments | January 10, 2026  2:42 pm

මෙරට ජනගහණයෙන් 4න් 1ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට හෙළිදරව්වක්

මෙරට ජනගහණයෙන් 4න් 1කට ආසන්න ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සිදු කළ සමීක්ෂණ මගින් හෙළිවන බව ODI Global ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ආචාර්ය ගනේෂන් විග්නාරාජා මහතා පවසයි.

(0)Comments | January 10, 2026  2:22 pm

බැංකු කාඩ්පත්වලින් බස් ගාස්තු ගෙවන්න ඌව පළාතේ අයටත් අවස්ථාව

රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවල යටතේ ඌව පළාත තුළත් බස් ගාස්තු බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබේ.

(0)Comments | January 10, 2026  1:51 pm

රට රැකියා සිහිනය පෙන්වා මුදල් වංචාකළ 5ක් අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකස් කරමින් විදේශ රැකියා වංචා සිදුකළ සැකකරුවන් 5 දෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

(0)Comments | January 10, 2026  1:11 pm

ඉරාන විරෝධතාකරුවන්, ට්‍රම්ප්ට සහාය දක්වන පිරිසක් - අල් කමේනිගෙන් දැඩි ප්‍රකාශයක්

ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතුටු කිරීමට උත්සහ කරන කරදරකාරයින් පිරිසක් බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි පවසයි.

(0)Comments | January 10, 2026  12:41 pm

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වෙයි

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වෙත පිවිසීම තාවකාලිකව අක්‍රියව පවතින බව සඳහන් වෙයි.

(0)Comments | January 10, 2026  12:24 pm

දෙහිවල හෝටල් හිමිකරු ඝාතනය අපරාධ කල්ලි දෙපිරිසක ගැටුමක්?

දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුවකු ඝාතනය කිරීම, අපරාධ කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

(0)Comments | January 10, 2026  11:44 am

දඹුල්ලේ පැවැති ක්‍රිකට් තරගයක් නරඹා ආපසු පැමිණෙමින් සිටි පිරිසක් අනතුරක

අද (10) අලුයම A9 ප්‍රධාන මාර්ගයේ මිහින්තලය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා ඇත.

(0)Comments | January 10, 2026  11:15 am

කොළඹ - නුවර පාරේ වාහන ධාවනය කඩවතින් සීමා කෙරේ

ඉදිකිරීමක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය කඩවත ප්‍රදේශයෙන් සීමා කරන බව පොලිසිය පවසයි.

(0)Comments | January 10, 2026  9:56 am

කුලී කාමරයක රැඳීසිටි අයෙකුව පහරදී ඝාතනය කරයි 

කුලී පදනම මත කාමරයක රැඳීසිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් බියගමින් වාර්තා වෙයි.

(0)Comments | January 10, 2026  8:45 am

අධ්‍යාපන ඇමතිවරියට එරෙහි විශ්වාසභංගයට මහජන අත්සන් ගැනීම අද සිට - සජබ මහලේකම් 

අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහිව විපක්ෂය විසින් ගෙනඑනු ලබන විශ්වාසභංග යෝජනාවට මහජන අත්සන් ලබාගැනීම අද (10) දිනයේදී ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

(0)Comments | January 10, 2026  7:41 am

සැකසහිත ජීප් රථයෙන් මත් ජාවාරමක තොරතුරු හෙළිවෙයි

පෙරියමුල්ල, ඒත්තුකාල දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී සැකකටයුතු ජීප් රථයක් පරීක්ෂා කිරීමේදී එහි ගමන් ගත් පුද්ගලයා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 10, 2026  7:04 am