උණුසුම් පුවත්

අබිරහසක් ඉතිරි කර අවසන් ගමන් ගිය 14 හැවිරිදි පුංචි පුතු - මව සහ පියා රිමාන්ඩ්

කෑගල්ල දැරණියගල, නූරි පොලිස් බලප්‍රදේශයට අයත් නූරි වත්තේදී පසුගිය ජනවාරි 02 වැනිදා මියගිය 14 හැවිරිදි පිරිමි ළමයෙකුගේ මරණය සම්බන්ධයෙන් පවතින අබිරහස හේතුවෙන්, අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් ප්‍රමොද් ජයසෙකර මහතා ඉදිරියේ අද (12) එම දේහය යළි ගොඩගැනුණි.

(0)Comments | January 12, 2026  4:17 pm

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙලේ සමාරම්භක උත්සවය හෙට

රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙල කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක  ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) පැවැත්වීමට නියමිතව තිබේ.

(0)Comments | January 12, 2026  4:01 pm

රන් සහ රිදී මිලේ කැපී පෙනෙන ඉහළයෑමක්

ලෝක වෙළෙඳපොළ තුළ රත්‍රං සහ රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

(0)Comments | January 12, 2026  3:42 pm

ඇමති විජිතගේ ඉල්ලීම කෙරෙහි චීන විදෙස් ඇමති පෞද්ගලිකව මැදිහත්වන බව කියයි

මෙරට සිදු වූ ස්වභාවික ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක් ව ඇති බවට හඳුනාගත් මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු යටිතල පහසුකම්...

(0)Comments | January 12, 2026  3:18 pm

වෛද්‍යවරයෙක් වීමට සිහින දුටු රසිකගේ ඉරණම විසඳුණු හැටි

රිය අනතුරකට ලක්වීමෙන් වසර 16ක් පුරා එක්තැන් වී සිටින බණ්ඩාරගම අළුබෝමුල්ල, මහබෙල්ලන ප්‍රදේශයේ ජීවත්වන රසික නම් තරුණයා සුවපත් කරගැනීම සඳහා ඔහුගේ දෙමාපියන් විසින් උදව් උපකාර ඉල්ලා සිටී.

(0)Comments | January 12, 2026  2:36 pm

සත්‍යග්‍රහයේ නිරත විමල්ට අධිකරණ නියෝගයක්

විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (12) පෙරවරුවේ ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා දී තිබේ.

(0)Comments | January 12, 2026  2:11 pm

ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත ගැන අදහස් විමසයි

ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ප්‍රජා මූල්‍ය සමිති නියෝජිතයින්ගෙන් අදහස් විමසීමක් සිදු කරන ලදී.

(0)Comments | January 12, 2026  2:10 pm

විශ්වාසභංගයට සහාය නොදක්වන බවට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පවසයි

අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහාය නොදැක්වීමට තීරණය කර ඇත.

(0)Comments | January 12, 2026  1:59 pm

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | January 12, 2026  12:55 pm

ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා දිවයිනේ බන්ධනාගාර 10ක රැඳවියන් තම ආහාරවේලක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | January 12, 2026  12:39 pm

චීන විදේශ අමාත්‍යවරයා හා අමාත්‍ය විජිත හේරත් අතර හමුවක්

චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා අද (12) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

(0)Comments | January 12, 2026  11:52 am

තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බව ට්‍රම්ප් කියයි

වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා තමන් බවට අමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

(0)Comments | January 12, 2026  11:27 am

කෙහෙළිය ඇතුළු සිවිදෙනෙකුට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි නායනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කළේය. 

(0)Comments | January 12, 2026  10:59 am

විමල් වීරවංශ සත්‍යග්‍රහය අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින්  පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී මේ වන විට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

(0)Comments | January 12, 2026  10:32 am

පුත්තලම - කොළඹ මාර්ගයේ බිහිසුණු අනතුරක්

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | January 12, 2026  9:28 am

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි 2,400ක් සමග සැකකරුවෙකු ගුවන්තොටුපල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 12, 2026  9:22 am

සිව්දෙනෙකුට මරු කැඳවමින් තැන තැන සිදු වූ අනතුරු

දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | January 12, 2026  8:13 am

දකුණු අප්‍රිකාවට ගිය චීන විදේශ කටයුතු ඇමති කටුනායකට

දකුණු අප්‍රිකාවේ නිල සංචාරයකට එක්ව සිටි චීන විදේශ කටයුතු අමාත්‍ය වන්ග් යී මහතා අද (12) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

(0)Comments | January 12, 2026  8:02 am

ක්‍රියාවිරහිත කර තිබූ නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් යථා තත්ත්වයට

නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබු නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කර තිබේ.

(0)Comments | January 12, 2026  7:42 am

කඩිනම් කැබිනට් සංශෝධනයක් සිදුකරන ලෙස ඇල්ලේ ගුණවංශ හිමිගෙන් ජනපතිට සංදේශයක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ජනාධිපතිවරයා වෙත සංදේශයක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇත.

(0)Comments | January 12, 2026  7:22 am

දිට්වා හේතුවෙන් අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට යළි ඇරඹෙයි

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් අද (12) සිට යළි ආරම්භ වේ.

(0)Comments | January 12, 2026  6:51 am

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (12) උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | January 12, 2026  6:30 am

වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී TIN අංකය අනිවාර්යයි

වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී බදු ගෙවන්නා හඳනාගැනීමේ අංකය හෙවත් "TIN අංකය" මේ වනවිට අනිවාර්යය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | January 11, 2026  10:29 pm

අද උපරිම උෂ්ණත්වය රත්නපුරයට

අද (11) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.1 ක් ලෙස රත්නපුරය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත. 

(0)Comments | January 11, 2026  9:38 pm

ගංවතුර අවදානම් තත්ත්වය පහව ගොස් ඇති බවට දැනුම්දීමක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනා කරණ අංශය මගින්  2026.01.07 දිනයේ නිකුත් කරන ලද ගංවතුර සඳහා සූදානම් වීමේ පූර්ව දැනුම් දීම නිවේදනය මගින් සිදු කරන ලද ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානම් තත්ත්වය මේ වන විට පහව ගොස් ඇති බව දැනුම් දී තිබේ.

(0)Comments | January 11, 2026  8:38 pm