උණුසුම් පුවත්

මාස තුනක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 2.2 ඉක්මවයි

2026 වසරේ මාර්තු මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 814.8ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

(0)Comments | April 11, 2026  3:07 pm

ඉරානයේ නව උත්තරීතර නායකයාට බරපතළ තුවාල සිදුවෙලා

ඉරානයේ නව උත්තරීතර නායක බරපතළ තුවාල ලබා, තවමත් දරුණු තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටින බව රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය පවසයි.

(0)Comments | April 11, 2026  2:09 pm

රට තුළ පොහොර හිඟයක් නොමැති බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කියයි 

රට තුළ දැනට පවතින පොහොර තත්ත්වය පිළිබඳව ගොවි ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. 

(0)Comments | April 11, 2026  1:59 pm

මාලදිවයින් ජනපති ලබන මාසයේදී දිවයිනට

මාලදිවයින් ජනාධිපතිවරයා විසින් ලබන මාසයේදී සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා සංචාරය සහ ධීවර ක්ෂේත්‍රයේ නව ආයෝජන පිළිබඳව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. 

(0)Comments | April 11, 2026  1:22 pm

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල අද (11) සවස 1න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | April 11, 2026  12:35 pm

2009 සිට ගල්අඟුරු ආනයනයන් ගැන පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපති ලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක්

2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

(0)Comments | April 11, 2026  12:30 pm

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 දක්වා පෙට්‍රල් වාහනවලට 'QR' ක්‍රමය ඉවතට

උත්සව සමය හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට (11) සිට එළැඹෙන 18 වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත්කිරීමේ දී 'QR' ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පවසයි.

(0)Comments | April 11, 2026  12:08 pm

කාන්තාවකට දිවි අහිමි කළ ගිරාඳුරුකෝට්ටේ අනතුර

ගිරාඳුරුකෝට්ටේ - දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ ගිරාඳුරුකෝට්ටේ කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන ආයතනය අසලදී ත්‍රීරෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

(0)Comments | April 11, 2026  11:52 am

ලොව දුප්පත් - පොහොසත් පරතරය තවත් වැඩිවෙයි

ලොව දුප්පත් - පොහොසත් පරතරය තවදුරටත් වැඩිවෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නවතම වාර්තාවක් නිකුත්කරමින් පවසා තිබේ.

(0)Comments | April 11, 2026  11:17 am

විදෙස් දුම්වැටි සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 39 ලක්ෂ 15 දහසක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | April 11, 2026  11:16 am

රු. කෝටි 2කට අධික වටිනාකමකින් යුත් විදෙස් මත්පැන් තොගයක් කොළඹින් වටලයි

බස්නාහිර පළාතේ කොළඹ ප්‍රදේශයේ අලෙවිසැල් කිහිපයක් ඉලක්ක කරමින් සිදුකළ වැටලීමකින් රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් විදේශ මත්පැන් තොගයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබේ.

(0)Comments | April 11, 2026  9:57 am

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැක වියළි කහ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම මස 6,7 දෙදින තුල කල්පිටිය, බංගලවත්ත හා සේතවාදී වෙරළ ප්‍රදේශ ආවරණය කරමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීතිවිරෝධී ලෙස රට තුළට රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් 907කට ආසන්න තොගයක් සැකකටයුතු ලෙස උරවල අසුරා සඟවා තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

(0)Comments | April 11, 2026  9:53 am

සජබ පක්ෂ සභාපති ධුරය කබීර් හෂීම්ට

2026 වසරේ සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාව පත් කිරීමට කටයුතු කර තිබේ.

(0)Comments | April 11, 2026  9:29 am

අද කාලගුණය - හිරු මුදුන්වන ප්‍රදේශ මෙන්න

බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ ඌව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (11) ප.ව 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | April 11, 2026  9:21 am

ගම්බිම් බලා යන්න මාකුඹුරට හා පිටකොටුවට විශාල සෙනඟක්

අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අධිවේගී මාර්ග හරහා ගම්බිම් බලා යෑම සඳහා විශාල පිරිසක් අද (11) අලුයම සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත.

(0)Comments | April 11, 2026  8:25 am

ඉරාන - අමෙරිකා සාම සාකච්ඡා අද පාකිස්තානයේ දී

මැදපෙරදිග යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හිදී අද (11) ආරම්භවීමට නියමිතය.

(0)Comments | April 11, 2026  7:22 am

බස් රථයකට යටවී 10 හැවිරිදි පාසල් දැරියකට දිවි අහිමි වෙයි

බස් රථයකට යටවී සිදුවූ අනතුරකින් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබේ. 

(0)Comments | April 11, 2026  6:53 am

GMOA වර්ජනය අවසන් - ඉදිරි ක්‍රියාමාර්ග විධායක රැස්වීමේදී තීරණය කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කරන ලද පැය 48ක සංකේත වැඩ වර්ජනය අද (11) උදෑසන අවසන් කරන බව එම සංගමය  පැවසීය.

(0)Comments | April 11, 2026  6:45 am

CCD හිටපු අධ්‍යක්ෂ සහ නිලධාරීන් 4ක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් CID අධ්‍යක්ෂකට අතුරු තහනම් නියෝගයක් 

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මාකඳුරේ මධුෂ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදුකරන අතර ඊට අදාළව තමන්ව කොයි මොහොතක හෝ අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවය.

(0)Comments | April 10, 2026  10:33 pm

ලැබ් එකේ අවුල කලින්ම දැනසිටි බව ගල්අඟුරු සාමාන්‍යාධිකාරීවරයා පිළිගෙන

ට්‍රයිඩන්ට් සමාගමේ ගල්අඟුරු තොග මෙරටට පැමිණි මුල් අවධියේ සිටම, එම සාම්පල පරික්ෂා කළ පැටවුම් වරායේ පරීක්ෂණාගාරයට නිසි ප්‍රතීතනතාවයක් නොතිබුණු බව ලංකා ගල්අඟුරු සමාගම දැන සිටියේ යැයි එම සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා කෝප් කමිටුව හමුවේ පිළි ගෙන තිබේ.

(0)Comments | April 10, 2026  10:07 pm

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්

උත්සව සමය තුළ ජනතාවට සුරක්ෂිත සහ සාමකාමී වටපිටාවක් නිර්මාණය කිරීමේ අරමුණින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

(0)Comments | April 10, 2026  9:36 pm

හෝමාගම සාදයේදී සරසවි සිසුවා මියගියේ හෘදයාබාධයකින්

හෝමාගම ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර මියගිය, සරසවි සිසුවාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

(0)Comments | April 10, 2026  8:32 pm

කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක් 

පිළියන්දල පොලිස් වසමේ කරදියාන කසළ අංගණයේ අද (10) පස්වරුවේ හටගත් හදිසි ගිනි ගැනීම හේතුවෙන් ප්‍රදේශය පුරා අධික දුමාරයක් පැතිර යමින් පවතින බව පොලිසීය පවසයි.

(0)Comments | April 10, 2026  8:24 pm

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට වත්කම් ප්‍රකාශයක් භාර දෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (10) සිය වත්කම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.

(0)Comments | April 10, 2026  7:55 pm

මගී ප්‍රවාහන බලපත්‍රවලට වලංගු කාලයක් එන ලකුණු 

මගී ප්‍රවාහන බලපත්‍ර ජනතාවට අයත් බැවින් ඒ සඳහා බලපත්‍ර කාල සීමාවක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන  අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. 

(0)Comments | April 10, 2026  7:15 pm