උණුසුම් පුවත්

රුපියල් ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු දැලේ

රුපියල් ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලීසිය පවසයි.

(0)Comments | February 28, 2026  10:51 am

ඊශ්‍රායලයේ සිටින අමෙරිකානුවන්ට දැනුම්දීමක්

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ නව ගිවිසුමකට මාර්තු මුල වනවිට එක් නොවන්නේ නම්, ඉරානයට පහර දෙන බවට අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් යළිත් වරක් තහවුරු කර තිබේ.

(0)Comments | February 28, 2026  10:45 am

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට දැනුම්දීමක්

ලාෆ්ස් ගෑස් සමාගම විසින් ආනයනය කරනු ලබන ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) මෙරටට ළඟා වූ බව එම සමාගම නිවේදනය කළේය.

(0)Comments | February 28, 2026  9:36 am

යටගිය ද්විත්ව ඝාතනයක සැකකරු රට සිට එද්දී හසුවෙයි

වෙඩිතබා සිදුකළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු විදෙස්ගතව සිට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | February 28, 2026  9:23 am

ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සනත් අද සමුගනී

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව අද (28) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පුහුණුකාරිත්වය දරන අවසන් තරගය වේ.

(0)Comments | February 28, 2026  8:51 am

රු. කෝටි 50කට අධික මත්ද්‍රව්‍ය සමග සිව්දෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 50කට අධික වටිනාකමින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | February 28, 2026  8:04 am

දෙරටක හදවත් යා කරන කච්චතිව් දූපතේ අසිරිමත් මංගල්‍යය

කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවරත් උත්සවශ්‍රීයෙන් කච්චතිව් දූපතේදී අද (28) පැවැත්වෙයි.

(0)Comments | February 28, 2026  7:31 am

රටවල් දෙකක ඉරණම විසඳෙන තීරණාත්මක දිනය අද

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග අවසන් කරමින් සත්කාරක ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගය අද (28) රාත්‍රී 7ට පල්ලේකැලේදී ආරම්භවීමට නියමිතය.

දෙවන කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණයවීමට මෙම තරගය අතිශතය තීරණාත්මක වී ඇත.

(0)Comments | February 28, 2026  7:29 am

ජින්තුපිටියේ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජින්තුපිටියේදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පුද්ගලයින් 4 දෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | February 28, 2026  6:36 am

අද බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

(0)Comments | February 28, 2026  6:26 am

සලේගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබේ. 

(0)Comments | February 27, 2026  11:01 pm

නවසීලන්තයත් අවදානමේ දමා එංගලන්තයට සටන්කාමී ජයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පහසුවෙන්ම සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායමට තිබූ අවස්ථාව අහිමි කරමින් සුපිරි 8 වටයේ අද (27) රාත්‍රියේ අවසන් වූ තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට එංගලන්තය සමත් විය.

(0)Comments | February 27, 2026  10:42 pm

2026 IPL තරගාවලියේ ආරම්භයට මැතිවරණය හරස් වෙයි

2026 IPL ක්‍රිකට් තරගාවලිය මාර්තු 28 වනදා ආරම්භ වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය අද (27) නිවේදනය කළේය.

(0)Comments | February 27, 2026  9:28 pm

තලපති විජේගේ බිරිඳ දික්කසාදය ඉල්ලයි

ප්‍රකට නළුවෙකු සහ දේශපාලනඥයෙකු වන තලපති විජේගේ බිරිඳ වන සංගීතා විජේ, තම සැමියාගෙන් දික්කසාදය ඉල්ලා චෙංගල්පට්ටු අධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ.

(0)Comments | February 27, 2026  9:11 pm

නවසීලන්තයෙන් එංගලන්තයට ලකුණු 160ක ඉලක්කයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (27) පැවැත්වෙන එංගලන්තයට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස්කිරීමට සමත් විය.

(0)Comments | February 27, 2026  8:38 pm

ජර්මනියේ සියලු ප්‍රවාහන සේවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

ජර්මනියේ සියලු ප්‍රවාහන සේවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹ තිබේ.

(0)Comments | February 27, 2026  8:25 pm

බාල ගල්අඟුරු වංචාවේ මහමොළකරු හෙළිකරන්න - සජිත්

බාල ගල්අඟුරු වංචාවේ මහමොළකරු සම්බන්ධයෙන් රජය රටට සත්‍යය අනාවරණ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | February 27, 2026  7:37 pm

'දිට්වා' නිසා මියගිය නෙළුම්මල වැසියන් වෙනුවෙන් පැවති තෙමස් පූර්ණ පිංකමට ජනපති එක්වෙයි

'දිට්වා' ආපදාවෙන් මියගිය අය සිහිකරමින් නෙළුම්මල ගම්මානයේ අද (27) පැවති තෙමස් පූර්ණ දානමය පිංකමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි විය.

පමුණුපුර, බටමුල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී එම පිංකම පැවැත්විණි.

(0)Comments | February 27, 2026  6:22 pm

ග්‍රාම නිලධාරීන් සැලසුම් කළ නිහඬ විරෝධය තාවකාලිකව නවතී

2009/2010 වසරවල බඳවා ගත් ග්‍රාම නිලධාරී කණ්ඩායමේ ශ්‍රේණි ගැටළු සම්බන්ධයෙන්, මාර්තු 03වනදා රාජ්‍ය පරිපාලන හා පලාත් පාලන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබූ නිහඬ විරෝධතාව තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ.

(0)Comments | February 27, 2026  5:50 pm

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවැනි වෙඩික්කරුට දින 90ක රැඳවුම් නියෝග

අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවැනි වෙඩික්කරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

(0)Comments | February 27, 2026  5:45 pm

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන තීරණයක්

2022 වසරේ අරගලය පැවති සමයේ රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල පැවති සාමකාමී විරෝධතාවකට එල්ල වූ පොලිස් වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (27) පෙත්සම්කාර පාර්ශවයට කල් ලබා දුන්නේය.

(0)Comments | February 27, 2026  4:46 pm

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් මාර්තු 2වෙනිදා සිට ඉවත්වීමට මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පවසයි.

(0)Comments | February 27, 2026  4:25 pm

මර්වින් සිල්වාට සහ ප්‍රසන්න රණවීර ඇතුළු 6කට අධි චෝදනා

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසකට එරෙහිව ගම්පහ මහාධිකරණය විසින් අධි චෝදනා භාර දී තිබේ.

(0)Comments | February 27, 2026  3:58 pm

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ ජනිත් මධුසංඛ නොහොත් 'පොඩි ලැසී'ව දින 7ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දී තිබේ.

(0)Comments | February 27, 2026  3:43 pm

'කමාන්ඩෝ සලින්ත' රිමාන්ඩ්

ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු බව කියන කමාන්ඩෝ සලින්ත ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

(0)Comments | February 27, 2026  3:40 pm