උණුසුම් පුවත්
ඉදිරියේ දී සහල් මිලට වෙනදේ
එළැඹෙන කන්නයේ සිට වී මිල ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
සීමාව පැන්න ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට
නීති විරෝධීව මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් පිරිසක් අද (13) අලුයම ඩෙල්ෆ්ට් දූපත මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කාන්තාවකට පහර දුන් පුද්ගලයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවට
අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු ගිනි අවියක් සමඟ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් 25%ක තීරු බද්දක්
ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
සවස 1න් පසුව ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් IMF ඉලක්කවල සංශෝධනයක් ?
දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ බලපෑම් හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කවල සංශෝධනයක් විය යුතු බව මහ බැංකු අධිපති ආචාර්යය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
Google සමාගම Apple සමාගම පසුකරයි
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම අද (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයෙන් නායයෑම් 4,800ක් හඳුනාගනී
'දිට්වා' සුළි කුණාටුවෙන් පසු චන්ද්‍රිකා දත්ත ඔස්සේ සිදුකළ පරීක්ෂණ මඟින් නායයෑම් 4,800ක පමණ ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කුමාරී මිගහකොටුව මහත්මිය පවසන්නීය.
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
වැලිකන්දේ දී පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (12) සවස වැලිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකු සමඟ ධාවනය වූ යතුරුපැදියක් නැවැත්වීමට රථවාහන පොලීසිය විසින් නියෝග කර ඇත.
ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශය වහා ඉල්ලා අස්කර ගත යුතු බවට ජාතික සංඝ සම්මේලනය කියයි
මහා සංඝරත්නයට නින්දිත හා පහත් ආකාරයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ ලාල් කාන්ත අමාත්‍යවරයා සම්බන්ධයෙන් රජය නිසි පියවරක් නොගන්නේ නම් එහි අනිටු විපාක වලට නුදුරේදීම මුහුණ දීමට සිදුවනු ඇති බව ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියන් පවසයි.
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
අද (12) දින දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.5 ක් ලෙස කටුනායක කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස් - කාර් මාරක අනතුරක් සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි
පරන්තන්-මුලතිව් ප්‍රධාන මාර්ගයේ මොරසුමෝටෙයි ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තිබේ.
කථානායකවරයා පැවසු බවට ප්‍රචාරයවන අසත්‍ය පුවතක් ගැන දැනුම්දීමක්
“පාර්ලිමේන්තු පරිශ්‍රයේ මත්ද්‍රව්‍ය, මත්පැන් සහ සිගරට් පාවිච්චි කරන සේවකයන් පිරිසක් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තීරණය කර ඇත ” යන මැයෙන් ඇතැම් මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති අසත්‍යයක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය පවසයි.
වසරේ මුල් දින 8 තුළ සංචාරකයින් 67,762ක් මෙරටට
2026 වසර ආරම්භ වූ පළමු දින 8 තුළ සංචාරකයින් 67,762 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
හම්බන්තොට සයිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම මේ වසරේ පළමු කාර්තුවේ දී අවසන්
හම්බන්තොට සයිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාළ ගිවිසුම 2026 පළමු කාර්තුවේදී අවසන් කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
මස්ක්ගේ AI මෙවලමට බ්‍රිතාන්‍යයෙන් පරීක්ෂණයක්
ඊලෝන් මස්ක්ගේ X සමාජ මාධ්‍ය වේදිකාව තුළ භාවිත වන Grok කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම මගින් කාන්තාවන්ගේ රූප විකෘති කර අඩනිරුවත් රූප නිර්මාණය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඔයාමඩුවේදී මාරක අනතුරක් - අයෙක් මරුට
ඔයාමඩුව පොලිස් වසමේ නිකවැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 06 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
අල්ලස් චෝදනා එල්ල වූ අධිකරණ රෙජිස්ටාර්වරයෙකුට දුන් තීන්දුව
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වැලිමඩ දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා තවදුරටත් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අබිරහසක් ඉතිරි කර අවසන් ගමන් ගිය 14 හැවිරිදි පුංචි පුතු - මව සහ පියා රිමාන්ඩ්
කෑගල්ල දැරණියගල, නූරි පොලිස් බලප්‍රදේශයට අයත් නූරි වත්තේදී පසුගිය ජනවාරි 02 වැනිදා මියගිය 14 හැවිරිදි පිරිමි ළමයෙකුගේ මරණය සම්බන්ධයෙන් පවතින අබිරහස හේතුවෙන්, අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් ප්‍රමොද් ජයසෙකර මහතා ඉදිරියේ අද (12) එම දේහය යළි ගොඩගැනුණි.
‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙලේ සමාරම්භක උත්සවය හෙට
රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙල කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) පැවැත්වීමට නියමිතව තිබේ.
රන් සහ රිදී මිලේ කැපී පෙනෙන ඉහළයෑමක්
ලෝක වෙළෙඳපොළ තුළ රත්‍රං සහ රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
ඇමති විජිතගේ ඉල්ලීම කෙරෙහි චීන විදෙස් ඇමති පෞද්ගලිකව මැදිහත්වන බව කියයි
මෙරට සිදු වූ ස්වභාවික ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක් ව ඇති බවට හඳුනාගත් මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු යටිතල පහසුකම්...
වෛද්‍යවරයෙක් වීමට සිහින දුටු රසිකගේ ඉරණම විසඳුණු හැටි
රිය අනතුරකට ලක්වීමෙන් වසර 16ක් පුරා එක්තැන් වී සිටින බණ්ඩාරගම අළුබෝමුල්ල, මහබෙල්ලන ප්‍රදේශයේ ජීවත්වන රසික නම් තරුණයා සුවපත් කරගැනීම සඳහා ඔහුගේ දෙමාපියන් විසින් උදව් උපකාර ඉල්ලා සිටී.
සත්‍යග්‍රහයේ නිරත විමල්ට අධිකරණ නියෝගයක්
විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (12) පෙරවරුවේ ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා දී තිබේ.
ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත ගැන අදහස් විමසයි
ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ප්‍රජා මූල්‍ය සමිති නියෝජිතයින්ගෙන් අදහස් විමසීමක් සිදු කරන ලදී.