සැමියාට මරු කැඳවු බිරිඳගේ ෆෝන් පහර
July 13, 2026 04:23 pm
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳ විසින් ජංගම දුරකථනය දමා ගසා කළ පහරකින් අවාසනාවන්ත ලෙස සැමියා මියගිය පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
මෙම අඹුසැමි යුවළ අතර ඔවුන්ගේ නිවසේදී දරුණු බහින්බස්වීමක් සිදුව ඇත. එහිදී කෝපයට පත් බිරිඳ විසින් සැමියාගේ හිසට ජංගම දුරකථනයකින් පහර දී ඇති අතර, ඉන් ඔහු බරපතල තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ සැමියා වහාම රෝහල් ගත කර ඇත. එහිදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරීම හේතුවෙන් වෛද්‍යවරුන් විසින් ඔහුව නිවස වෙත මුදා හැර තිබේ.
කෙසේ වෙතත්, නිවසට පැමිණි විගස ඔහුගේ තත්ත්වය හදිසියේම යළිත් නරක අතට හැරී ඇති අතර එත් සමඟම පවුලේ සාමාජිකයන් ඔහුව නැවතත් හදිසි ප්‍රතිකාර සඳහා එම රෝහලටම රැගෙන ගියද, වෛද්‍යවරුන්ගේ දැඩි උත්සාහය ව්‍යර්ථ කරමින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙම් මාධ්‍ය පවසයි.
මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
පවුල් ආරවුල්වල පවතින ඛේදනීය සහ බරපතල ප්‍රතිවිපාක පිළිබඳව නැවත වරක් සමාජයේ අවධානය යොමු කරවූ මෙම සිදුවීම ප්‍රදේශවාසීන් දැඩි කම්පනයට පත් කිරීමට සමත්ව ඇත.
