උණුසුම් පුවත්
හෝමුස් නැවත් විවෘත කිරීමට ඉරානයෙන් කොන්දේසි
අමෙරිකානු හමුදා මැදිහත් වීම් නතර වූ පසුව ද, හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා දින 30ක කාලසීමාවක් අවශ්‍ය බව ඉරාන සාම සාකච්ඡා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ප්‍රකාශ කර තිබේ.
සලේ වෙනුවෙන් ජාතික රෝහලට විශේෂ ආරක්ෂාවක්
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමත් සමඟ රෝහල සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇත.
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේ, මීට සුළු මොහොතකට පෙර ඒ මහතා ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවය.
හොරණ බැංකු කොල්ලයේ රහස් එළියට
හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 3.5ක මුදලක් කොල්ලකෑ බවට වූ සිද්ධියට අදාළව කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.
සලේ වෙනුවෙන් හෙට සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්
තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් අද (07) අනාවරණ කර තිබේ.
සම වරප්රසාදිත අධ්‍යාපනයක් වෙනුවෙන් නිවැරදි දත්ත මත තීන්දු ගත යුතුයි – අගමැති හරිනි
රට තුළ සම වරප්‍රසාද හිමි අධ්‍යාපන රටාවක් ඇති කිරීම සඳහා නිවැරදි දත්ත කළමනාකරණයක් මත පදනම්ව තීන්දු තීරණ ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි.
පාප් වහන්සේගේ මැඩ්රිඩ් දේව මෙහෙයට මිලියන 1.2ක්
ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ අද (7) මැඩ්රිඩ් අගනුවරදී පැවැත්වූ එළිමහන් දේව මෙහෙය සඳහා මිලියන 1.2ක අතිවිශාල ජනකායක් සහභාගී වී තිබේ.
නාවලපිටියේ ඛේදවාචකයෙන් මියගිය තිදෙනා සෝ සුසුම්මැද අවසන් ගමනේ
නාවලපිටිය, පන්විල මංසන්ධියේ සිට ගලබොඩ දක්වා කිලෝ මීටර් 6ක් දුරින් තවත් දිරාපත් වූ කඩා වැටීමේ අවදානම් සහිත විශාල ගස් ඇති බව ඉඩම් හිමියෝ පවසති.
කරුණු 10ක් ගැන සලේගේ බිරිඳගෙන් පොලිස්පතිට ලිපියක්
රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්රයෙන් ඉහළට
දිවයිනේ දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ඒ හේතුවෙන් ඩෙංගු මර්දන පරීක්ෂණ කටයුතු ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේය.
හොරණ බැංකු කොල්ලයට කොටුවූ කළමනාකරු බැංකු පරිශ්‍රයට රැගෙන එයි
හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම බැංකුවේ සහකාර කළමනාකරු අද (07) දිනයේ අදාළ බැංකුව වෙත රැගෙන ගොස් තිබේ.
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මධ්‍යම, සබරගමුව, උතුරු, උතුරු - මැද පළාත් සහ ත්‍රීකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
මීගොඩ දන්සල් අනතුරේ අවසන් සැකකරුත් රිමාන්ඩ්
මීගොඩ මංසන්දිය ආසන්නයේ දී රියඅනතුරක් සිදුකරමින් පුද්ගලයින් 6දෙනෙකු ජීවිතක්ෂයට පත්කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ කැබ් රථයේ අවසන් සැකකරු ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමගම වැඩ බලන මහෙස්ත්‍රාත් තරිදු ගමගේ මහතා අද (07) නියෝග කළේය.
මොනරාගල - දඹගල්ල ප්‍රදේශයේ කොහු මෝලක ගින්නක්
මොනරාගල දඹගල්ල ප්‍රදේශයේ කොහු මෝලක් අද (07) දහවල් ගිනි ගැනීමට ලක්ව තිබේ.
ෆේස්බුක් සාදයක් වටලා 28ක් අත්අඩංගුවට
අම්බලන්ගොඩ, පෝනදූව ප්‍රදේශයේදී ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 25දෙනෙකු හා සැකකාරියන් 03දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීම සියයට 50කින් ඉහළට
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නය ලැබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
රට තුළ සහල් හිඟයක් ඇති නොවන බවට ඇමති වසන්තගෙන් සහතිකයක්
එළඹෙන මහ කන්නය දක්වා රට තුළ කිසිදු සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
වැසි ජලයෙන් පමණක් ජීවත් වෙන නවමිණිපුර ජනතාවගේ කඳුළු කතාව
වසර නවයක් පුරා පානීය ජලය ඇතුළු සිය ජල අවශ්‍යතා වැසි ජලයෙන් සපුරාගන්නා ගම්මානයක් පිළිබඳ අද දෙරණට වාර්තා වී තිබේ.
අක්මීමන සමූපයේ බලය ඒකාබද්ධ විපක්ෂයට
අක්මීමන විවිධ සේවා සමුපකාර සමිතියේ සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයෙන් සභික ධුර 50ක් දිනා ගනිමින් එහි පාලන බලය පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සමත්ව තිබේ.
දළුව මෝය කටට බිලි වූ තරුණ ජීවිත
නොරෝච්චෝල දළුව මෝය කටේ දිය නාමින් සිටියදී අවාසනාවන්ත ලෙස දියේ ගිලී තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.
අතරමග නතර වූ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉදිරිකිරීම් නැවත ඇරඹෙයි
දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල් රැසක සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ ආරම්භ කර අතරමඟ නවතා දමා තිබු මහා පරිමාණ ව්‍යාපෘති 25 ක වැඩකටයුතු නැවත ආරම්භ කර ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
අතුරුදන්ව සිටි අඩවි වන කාර්යාල සේවකයාගේ මළසිරුර ළිඳකින් හමුවෙයි
අතුරුදන්ව සිටි අඩවි වන කාර්යාල සේවකයෙකුගේ මළසිරුරක් එම කාර්යාලය ආසන්නයේ ඇති ළිඳක තිබී සොයා ගෙන තිබේ.
හෙටින් පසු පෞද්ගලික බස් රථ ධාවනය සියයට 50කින් අඩු වෙයි
බස් රථ ධාවනය සීමා කිරීමට තම සංගමය විසින් තීරණයක් ගත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
සුරේෂ් සලේගේ නීනි උපදේශකගෙන් CID අධ්යක්ෂ ශානි අබේසේකරට ලිපියක්
හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ නීති උපදේශක අසිත් සිරිවර්ධන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමයෙන් නිවේදනයක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ උත්සාහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.