උණුසුම් පුවත්
අද උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්
අද (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
එම සංගමය සඳහන් කළේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවය.
ප්‍රදේශ කිහිපයකට අද හවසට වැසි
අද (23) සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (22) පැවති තරගයෙන් ලකුණු 19ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකාව - ප්‍රංශය අතර වරාය හා ගුවන් සේවා ක්ෂේත්රවල සහයෝගීතාව වර්ධනයට සාකච්ඡා
ශ්‍රී ලංකාවේ ප්‍රංශ රජයේ තානාපති Remi Lambert මහතා සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා හමුවක් සිදුව තිබේ.
බංග්ලාදේශය ICCයට සැරවෙයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් ICCය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය චෝදනා කරයි.
විදුලිසැරවැදී අයෙක් මරුට
සීදූව තැම්පල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් පුද්ගලයකු මියගොස් තිබේ.
පැති බැම්මට යටවූ තිදෙනා මරුට
අහංගම, පැලැස්ස ප්‍රදේශයේ පැති බැම්මක් කඩාවැටීමෙන් ඊට යටවී සිටි පුද්ගලයින් තිදෙනා මියගොස් ඇති බව පොලීසිය පවසයි.
චීනයෙන් ශ්‍රී ලංකාවට විදුලි බස් රථ 100ක්
චීනය විසින් මෙරටට විදුලියෙන් ක්‍රියාකරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් පවසයි.
ට්‍රම්ප් සාම මණ්ඩලය නිල වශයෙන් ආරම්භ කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය “Board of Peace” (සාම මණ්ඩලය) නාමයෙන් හැඳින්වෙන නව ජාත්‍යන්තර සංවිධානය නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රකාශන පත්‍රය අද ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී අත්සන් කළේය.
උපරිම උෂ්ණත්වය රත්නපුරයට
අද (22) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.5ක් ලෙස රත්නපුර කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අටමස්ථානාධිපති හිමියන් සහ දලයි ලාමාතුමා අතර ඓතිහාසික හමුවක්
අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සහ දලයි ලාමාතුමන් අතර හමුවක් ටිබෙට්හිදී සිදුව තිබේ.
ත්‍රිකුණාමලය බුදුපිළිමය සිද්ධියේ පෙත්සම්වල නියෝගය 30 වනදා
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ ත්‍රිකුණාමලයේ කළ්‍යාණ වංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වල නියෝගය මේ මස 30 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (22) ප්‍රකාශ කළේය.
ආර්ථිකය නගා සිටුවීමට චීනයේ පූර්ණ සහයෝගය දෙන්න සූදානම් - චීන තානාපති
දිට්වා සුළි කුණාටුවෙන් යම් ප්‍රමාණයකට හෝ අඩාල වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම උදෙසා සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා චීන තානාපති චී වොන් හොංග් පවසයි.
කොළඹ මහනගර සභාවේ සිදු වී ඇති බව කියන දූෂණ වංචා ගැන මහජන පැමිණිලි සහ තොරතුරු කැඳවීම අරඹයි
කොළඹ මහනගර සභාවේ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මහජන පැමිණිලි සහ තොරතුරු කැඳවීම ආරම්භ කර තිබේ.
මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට චීනයේ සහාය
චීන - ශ්‍රී ලංකා කෘෂිකර්ම ඵලදායීතාව වැඩිදියුණු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම යටතේ මෙරට කෘෂිකර්ම ක්ෂේත්රයේ මෙන්ම ඒ ආශ්‍රිතව පාරිසරික වශයෙන් පවතින ගැටලු විසඳීම සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්විණි.
එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක්
එංගලන්තයට එරෙහිව අද (22) ආරම්භ වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 271ක් රැස්කිරීමට සමත් විය.
එක්සත් රාජධානියේ 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනමක්
එක්සත් රාජධානියේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ යෝජනාවකට ලෝඩ් සභාවේ බහුතරය අනුමැතිය ලබා දී ඇත.
බංග්ලාදේශයේ අවසන් තීරණය ICCයට දැනුම්දෙයි
තවත් දින කිහිපයකින් ආරම්භවන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට යෑම පිළිබඳ අවසන් තීරණය බංග්ලාදේශ ක්‍රිකට් ආයතය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) අද (22) පස්වරුවේ දැනුම්දී තිබේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡාවක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ (21) කොළඹදී පවත්වා තිබේ.
හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා
ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු.මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඔහුගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංග යන අයට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබේ.
උලපනේ හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි
හය ශ්‍රේණියට අදාළ ඉංග්‍රීසි මොඩියුල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඉන් පිටත්ව ගොස් තිබේ.
හෙට උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්
හෙට (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
ඉන්දුනීසියානු සහ ඕමාන යුද නෞකා කොළඹ වරායට
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක් සහ රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් යුද නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.
අග්‍රාමාත්‍යවරිය සහ ඉහළ පෙළේ ආයතනික නියෝජිතයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබේ.
නීතිපති ඉවත් කිරීම ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් නැහැ - අධිකරණ ඇමති
නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොකළ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.