දුම්රියේ වසර 5ක ආදායම් වියදම් ඇමති බිමල් පාර්ලිමේන්තුවට කියයි

දුම්රියේ වසර 5ක ආදායම් වියදම් ඇමති බිමල් පාර්ලිමේන්තුවට කියයි

July 22, 2026   06:12 pm

දුම්රිය දෙපාර්තමේන්තුවේ පසුගිය වසර පහක කාලයට අදාළ සමස්ත ආදායම්, වියදම් මෙන්ම වත්මන් සේවක සංඛ්‍යාව පිළිබඳ සම්පූර්ණ අනාවරණයක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නඩත්තු කටයුතු වෙනුවෙන් මෙම වසර සඳහා රුපියල් බිලියන 5.6ක මුදලක් වෙන්කර ඇති අතර, ඉකුත් ජුනි 26 වනවිට ඉන් රුපියල් බිලියන 2.014ක සැබෑ වියදමක් දරා ඇති බවය.

දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟය පිළිබඳවද අදහස් දැක්වූ අමාත්‍යවරයා, දුම්රිය සේවයේ අනුමත සමස්ත සේවක සංඛ්‍යාව 20,609ක් වුවද මෙම වසරේ මාර්තු 31 වනවිට සේවයේ නියුතුව සිට ඇත්තේ සේවකයින් 14,908ක් පමණක් බවද අනාවරණය කළේය.

පසුගිය 2021 වසරේ සිට 2025 වසර දක්වා දුම්රිය සේවකයින්ගේ වැටුප් සහ වේතන වෙනුවෙන් රජය දරා ඇති වියදම් ද අමාත්‍යවරයා විසින් සභාගත කරන ලදී. 

ඒ අනුව වැටුප් සඳහා වැයවූ මුදල්, 

2021 වසර - රුපියල් බිලියන 9.5

2022 වසර - රුපියල් බිලියන 11.08

2023 වසර - රුපියල් බිලියන 10.851

2024 වසර - රුපියල් බිලියන 13.118

2025 වසර - රුපියල් බිලියන 15.119

දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය වසර 5ක සමස්ත ආදායම් සහ වියදම් වාර්තා ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

2021 වසර - වියදම රුපියල් බිලියන 40.41 - ආදායම රුපියල් බිලියන 2.6

2022 වසර - වියදම රුපියල් බිලියන 42.53 - ආදායම රුපියල් බිලියන 10.335

2023 වසර - විදයම රුපියල් බිලියන 39.379 - ආදායම රුපියල් බිලියන 16.079

2024 වසර - වියදම රුපියල් බිලියන 39.508 - ආදායම රුපියල් බිලියන 16.468

2025 වසර -  වියදම රුපියල් බිලියන 47.176 - ආදයම රුපියල් බිලියන 17.165