උණුසුම් පුවත්
හිටපු පොලිස්පතිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනපති රනිල් පැමිණෙයි
කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ තිබේ.
මාළු අල්ලන්න ගිය පුද්ගලයාගේ මළසිරුර මාළු දැලේ
නොච්චියාගම, අන්දරවැව ප්‍රදේශයේ දී දියේ ගිලීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
දෙමෝදර ඇතුල්කන්දේ ගින්නෙන් පසු පහළ නිවාසවලට ගල් පෙරළීමේ අවදානමක්
දෙමෝදර ඇතුල්කන්ද ප්‍රදේශයේ ඇතිවූ ගින්නත් සමග එම කන්දට පහලින් ඇති නිවාස කිහිපයකට ගල් පෙරළියාමේ අවදානමක් මතුව ඇති බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ගයාන් ඉන්දික මහතා පවසයි.
වී අලෙවි මණ්ඩලය දින 4ක් තුළ වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගනියි
යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමග මේ වන විට වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඒකාබද්ධව නව සංචාරක පැකේජයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය පවසයි.
සැකකටයුතු දෙදෙනෙකු පරීක්ෂාවේදී පිළියන්දලදී පොලිස් වෙඩි තැබීමක්
පිළියන්දල, බෝකුන්දර, වීරසිංහ මාවත ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට යාමේදී පොලිස් වෙඩි තැබීමක් සිදුව තිබේ.
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවාස සංකීර්ණයේ ගින්නක්
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල මහල් නිවාස සංකීර්ණයක අද (19) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබේ.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 6ක් හෙරොයින් කිලෝ 2ක් සහ මත්පෙති තොගයක් සමග අයෙකු අත්අඩංගුවට
කිරිබත්ගොඩ පොලිස් වසමේ දික්පිටිගොඩ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් මෙන්ම මත්පෙති තොගයක් සමග අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රදේශ රැසකට වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉරානය ජෝර්දානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
ඉරානය විසින් ජොර්දානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු අතුරුදන්ව තිබේ.
ජාතික යොවුන් බොක්සිං ශූරතාව කොළඹ නාලන්දා විද්‍යාලයට
2026 ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ රන් පදක්කම් ත්‍රිත්වයක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත් විය.
රජයට අහිමිවන බදු ගැන හර්ෂගෙන් හෙළිදරව්වක්
මත්පැන් බෝතල්වලට යොදන QR කේත සහිත ස්ටිකර් ව්‍යාජව මුද්‍රණය කිරීම හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදු වන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
FIFA පාපන්දු ලෝක කුසලානයේ කතාව
FIFA පාපන්දු ලෝක කුසලානය කිලෝග්‍රෑම් 6.1ක බරින් යුත් අතර ඉන් කිලෝග්‍රෑම් 5.09ක්ම කැරට් 18 රන්වලින් නිමවා තිබේ.
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සමග පුද්ගලයෙකු හිරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ලකුණු 18ක ජයක්
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කැන්ඩි රෝයල්ස් සමඟ පැවති තරගය ලකුණු 18කින් ජයගැනීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමත්විය.
වසරේ මුල් මාස 6ට වැඩිම ඩෙංගු පරිශ්‍ර පාසල්වලින්
වසරේ මුල් මාස 6 තුළ සිදුකළ ඩෙංගු පරික්ෂා කිරීම්වලදී ඩෙංගු වාහක මදුරු කීටයන් බෝවන ස්ථාන වැඩිම සංඛ්‍යාව හමුවී ඇත්තේ පාසල්වලින් බව අනාවරණ වී තිබේ.
හිටපු පොලිස්පතිවරයාගේ අවසන් කටයුතු ලබන සඳුදා
හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර සහිතව සිදුකිරිමට තීරණය කර තිබේ.
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (18) අරලියගහ මන්දිරයේදී තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට වැඩම කළ මහා සංඝ නායක හිමිවරුන් පිරිසක් හමුවී සුහද සාකච්ඡාවක නිරත වූවාය.
වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්
මෙරට වැඩිහිටි ජනගහනයෙන් 10%ක් පමණ වකුගඩු රෝගයෙන් පීඩා විඳින බවට හඳුනාගෙන ඇතැයි වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුපමාද සිල්වා මහත්මිය පවසයි.
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ
පොතුවිල් මුහුදේදී අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු නිරිපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.
රුසියාවේ විශාලතම අන්තර්ජාල සිල්ලර වෙළඳ සමාගමේ ගබඩා දෙකකට යුක්‍රේන ප්‍රහාරයක්
රුසියාවේ විශාලතම අන්තර්ජාල සිල්ලර වෙළඳ සමාගම වන 'Wildberries' (වයිල්ඩ්බෙරීස්) හි ගබඩා දෙකකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී
ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් යානා ගමන් වාර තාවකාලිකව නතර කර තිබේ.
පොලිස් සැරයන්වරයෙකුට දිවි අහිමි කළ මාරක අනතුර
යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව,නවගම ප්‍රදේශයේදී අද(18) අලුයම සිදුවු රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව පොලීසිය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට උපහාර දැක්වීමක් ලෙස අද පැවැත්වෙන LPL තරග ආරම්භ වීමට පෙර විනාඩියක නිශ්ශබ්දතාවයක් රැකීමට තීරණය කර ඇත.
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක
මෙරට සංචාරයක නිරත ලෝක බාලදක්ෂ ව්‍යාපාර සංවිධානයේ ආසියා-පැසිෆික් කලාපීය බාලදක්ෂ කමිටුවේ සභාපති ආචාර්ය එම්. සින් බින් බිඩින් මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා අතර හමුවක් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.