උණුසුම් පුවත්

විපක්ෂයේ පක්ෂ එකතු වුණු සාකච්ඡාවේදී අලුත් එකඟතා කිහිපයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර ආරම්භ වූ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙයි.

(0)Comments | August 29, 2025  12:34 pm

කොච්චිකඩේ පොලීසියට භාරවූ නිමල් ලාන්සා අත්අඩංගුවට

කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 29, 2025  12:24 pm

මහ බැංකුවේ 75 වන සැමරුමට රු 2,000 නව සමරු නෝට්ටුව ජනපතිට පිළිගැන්වේ

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2,000 නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.

(0)Comments | August 29, 2025  12:01 pm

රතන හිමි නුගේගොඩ අධිකරණයට

අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටි අතුරලියේ රතන හිමි අද (29) පෙරවරුවේ නුගේගොඩ ම‍හේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

(0)Comments | August 29, 2025  11:38 am

ASPI ඉතිහාසයේ මුල්වරට ඒකක 21,000 සීමාවට පැමිණෙයි

කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (29) පෙරවරුවේ දී ඒකක 21,000 සීමාව ස්පර්ශ කිරීමට සමත්විය.

(0)Comments | August 29, 2025  11:20 am

වාහන 3ක් එකිනෙකට ගැටී මාරක අනතුරක්

යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ පරන්තන් මංසන්ධිය ආසන්නයේ අද (29) අලුයම සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | August 29, 2025  11:06 am

මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් රාජිත රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (29) පෙරවරුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

(0)Comments | August 29, 2025  10:39 am

යාපනයේ ජෝඩු 108ක් එකම කෝවිලක, එකම නැකතකදී විවාහ වෙයි

යාපනය දිස්ත්‍රික්කයේ විවාහ අපේක්ෂාවෙන් සිටි යුවළ 108ක් යාපනය,සෙල්වසන්නිදි කෝවිලේදී එකම නැකතකදී විවාහපත් වී තිබේ.

(0)Comments | August 29, 2025  10:30 am

සියල්ලන්ට මුවා වී සිදුකරන මහා වන විනාශය - වටිනා ශාක රැසකට ගිනි තියලා

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බලහරුව සහ දෙබරආර යන ගම්මානවලට මැදිව පිහිටා ඇති වන සංරක්ෂණයට අයත් විශාල කැලෑ ප්‍රදේශයක් ගිනි තබා විනාශ කර ඇතැයි 'අද දෙරණ' වාර්තා විය.

(0)Comments | August 29, 2025  9:47 am

රාජිත මහාධිකරණයට පැමිණෙයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේවන විට කොළඹ මහාධිකරණයට පැමිණ තිබේ.

රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක්ද අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.

(0)Comments | August 29, 2025  9:46 am

බණ්ඩාරගම වෙඩිතැබීමට අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසලදී හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 29, 2025  8:14 am

වරෙන්තු නිකුත් කර තිබෙන රාජිත අද අධිකරණයට

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (29) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

(0)Comments | August 29, 2025  7:52 am

ආචාර්ය නන්දලාල් වීරසිංහට A ශ්‍රේණියේ ඇගයීමක්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙවර ග්ලෝබල් ෆයිනෑන්ස් මහ බැංකුකරු (Global Finance’s Central Banker Report Cards 2025)  'A' ශ්‍රේණියක් ලබාගැනීමට සමත්ව තිබේ.

(0)Comments | August 29, 2025  7:26 am

මෙරට තුළ දරුවන් 14,834ක් අනාරක්ෂිත තත්ත්වයෙන් පසුවන බවට අනාවරණයක්

දිවයින පුරා අනාරක්ෂිත තත්ත්වයේ පසුවන ළමුන් 14,834ක් පමණ වාර්තාවී අති බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 29, 2025  6:55 am

ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක් 

අද (29) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ද වයඹ පළාතේ වැසි ස්වල්පයක් ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 29, 2025  6:22 am

පද්මේ ඇතුළු පාතාල චණ්ඩි ඉන්දුනීසියාවේ දී කොටු වූ හැටි

ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු මිනිස් ඝාතන රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 05 දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් ආකාරය ගැන තවත් කරුණු මේ වනවිට අනාවරණය වී තිබේ.

(0)Comments | August 28, 2025  9:35 pm

විල්පත්තුවේ ගැබ්බර මුවදෙනක් මරා දමලා

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් කුකුල්කටුව බිට්ටු වනජීවි කලාපයේ ගැබ්බර මුවදෙනකු වෙඩිතබා මරාදැමූ සැකකරුවන් පස්දෙනෙකු වනජීවි නිලධාරීන් විසින් අද (28) අලුයම සිය භාරයට ගෙන තිබේ.

(0)Comments | August 28, 2025  9:25 pm

පාසල් සිසුවියක් ඇතුළු දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

හොරොව්පතාන - කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවියක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | August 28, 2025  8:11 pm

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයෙන් ඉල්ලීමක්

විනිවිද භාවයෙන් තොරව සිදුවන අවිධිමත් විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | August 28, 2025  7:09 pm

අද සවස 6 සිට වරකාපොලින් රථ වාහන සීමා කිරීමක්

වරකාපොල, අඹේපුස්ස රන්ගල් ගුහාව පුරාණ ශ්‍රී පත්තිනි දේවාලයේ අද (28) පැවැත්වෙන දේව පෙරහර හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමාකරන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

(0)Comments | August 28, 2025  5:29 pm

පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන් බවට සැකකරන පුද්ගලයා රිමාන්ඩ්

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසළ මාර්ගයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන්බවට සැකකරන පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

(0)Comments | August 28, 2025  5:00 pm

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි පත් කෙරේ

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරී පත්විය.

(0)Comments | August 28, 2025  4:34 pm

නවීන ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ තොගයක් කටුනායකදී කොටුවෙයි

රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමකින් යුත් නවීන ජංගම දුරකථන සහ කරදමුංගු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 28, 2025  4:27 pm

උපාධිධාරි ගුරු විභාගය ළඟඳීම

රැකියා විරහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම පමා වීමට හේතුවක් වන, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති නඩු හතරේ අධිකරණ ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

(0)Comments | August 28, 2025  3:00 pm

මාංචු පිටින් කිඹුල්ලු ඉන්න වතුර වළට පැන්න සැකකරු

සොරකමක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මාංචු දමා සිටියදීම කිඹුලන් සිටින දිය වළකට පැන ඇති බව වාර්තා වේ.

(0)Comments | August 28, 2025  2:53 pm