උණුසුම් පුවත්

WHO නිර්දේශ ඉක්මවා මෙරට පුද්ගලයෙකු වසරට භාවිත කරන සීනි ප්‍රමාණය කිලෝ 34ක්

මෙරට අවසන් මුඛ සෞඛ්‍ය සමීක්ෂණයට අනුව අවුරුදු 12 දරුවන්ගේ දත් දිරා යාම 30%ක ප්‍රතිශයක පැවතුණු බවත් පළමු මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ එම තත්ත්වය 70%කට ආසන්න වූ බව දන්ත සේවා විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.

(0)Comments | March 6, 2026  5:37 pm

සාම සාකච්ඡා පැවැත්විය යුත්තේ අපි එක්ක නෙවෙයි මේක ඇවිලූ පාර්ශවයන් එක්ක - ඉරාන ජනපති

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) සාම සාකච්ඡා සහ මැදිහත්වීම් පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

(0)Comments | March 6, 2026  5:21 pm

ඉන්දුනීසියාවේ අවු. 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්

ඉන්දුනීසියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සදහා සමාජ මාධ්‍ය වෙත පිවිසීම තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

(0)Comments | March 6, 2026  4:51 pm

වසර 5කට වැඩි කාලයකට පසු විදෙස් සංචිතය ඩොලර් බිලියන 7 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2020 අගෝස්තු මාසයෙන් පසුව පළමු වරට එක්සත් ජනපද ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ගොස් තිබේ.

(0)Comments | March 6, 2026  4:46 pm

යාපනයේ බෝට්ටු අනතුර සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග

යාපනය ගුරුනගර් තොටුපොළේදී අද (06) පෙරවරුවේ සිදුවූ බෝට්ටු අනතුර සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ධීවර, ජලජ  හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා යාපනය දිස්ත්‍රික් ධීවර දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබේ.

(0)Comments | March 6, 2026  3:29 pm

ඊශ්‍රායලයට ප්‍රහාර එල්ලකරන ඉරානයේ බර අවිය 

අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව සිදුකරන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයද අසල්වැසි රටවල් වෙත එල්ල කරන ප්‍රහාර මේ වනවිට තවදුරටත් දැඩිකර තිබේ.

(0)Comments | March 6, 2026  3:16 pm

ජොන්ස්ටන්ගේ සතොස නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 18 වැනිදා

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා මාර්තු මස 18 වනදා කැඳවන ලෙස  කොළඹ මහාධිකරණය නියම කළේය.

(0)Comments | March 6, 2026  2:33 pm

කර්ණාටක ප්‍රාන්තයේ අවු. 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්

කර්ණාටක ප්‍රාන්තයේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ප්‍රාන්ත රජය පියවරගෙන තිබේ.

(0)Comments | March 6, 2026  2:08 pm

ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු පුරවැසියන්ට දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ.

(0)Comments | March 6, 2026  2:03 pm

කොළඹ මහ නගර සභාවේ හිටපු මුස්ලිම් කොංග්‍රස් නාගරික මන්ත්‍රීවරියගේ පෙත්සම කැඳවීමට දින දෙයි

කොළඹ මහ නගර සභා අයවැයේදී ආණ්ඩු පක්ෂයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ යැයි චෝදනා කරමින් සිය මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගෙන තිබෙන තීරණය අත්විටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරියක වන සොහාරා බුහාරි මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

(0)Comments | March 6, 2026  1:59 pm

කුඩු සළිඳුගේ රුපියල් කෝටි 02ක දේපළ තහනම් වෙයි

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් පානදුර කුඩු සලිඳු නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 02කට ආසන්න දේපළ තහනම් කර තිබේ.

(0)Comments | March 6, 2026  1:19 pm

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ සහ අක්‍රමිකතා ඇතුළත් වාර්තාව නීතිපතිට ලබා දීමට අනුමැතිය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාළව 2025 මාර්තු 10 සහ 2025 මාර්තු 21 දිනවල පැවති රජයේ ගිණුම් කාරක සභා රැස්වීම්වලදී ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කිරීමට එම කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

(0)Comments | March 6, 2026  12:56 pm

ඉදිරි සති කිහිපය තීරණාත්මකයි - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

මැදපෙරදිග මතුව ඇති යුදමය වාතාවරණය හමුවේ ඉදිරි සති කිහිපය මෙරටට තීරණාත්මක කාල පරාසයක් විය හැකි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

අද (06) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව ඉදිරියේදී අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේදී යම් ප්‍රමාදයක් ඇති වීමට ඉඩ ඇති බවය.

(0)Comments | March 6, 2026  12:26 pm

උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වාම අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | March 6, 2026  11:36 am

යාපනය ගුරුනගර් හිදී බෝට්ටුවක් පෙරළී දෙදෙනෙකු මරුට

යාපනය ගුරුනගර් තොටුපොළේදී අද (6) බෝට්ටුවක් පෙරළී අනතුරකට ලක්ව තිබේ.

(0)Comments | March 6, 2026  11:06 am

අමෙරිකාව විසින් ඉරාන නෞකා 30කට වඩා මුහුදේ ගිල්වලා

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කරන යුද්ධය හේතුවෙන් මේ දක්වා ඉරාන නෞකා 30කට වැඩි ප්‍රමාණයක් මුහුදේ ගිල්වා දමා තිබේ.

(0)Comments | March 6, 2026  10:48 am

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා විසඳන වැටුප් කොමිසම මෙම වසරේදී

විදුහල්පති සේවයේ මෙන්ම රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර ගණනාවක පවතින වැටුප් විෂමතාවයන් වෙනුවෙන් විසඳුම් ලබා දීම සඳහා වැටුප් කොමිසමක් මෙම වසරේ ස්ථාපිත කරන බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

(0)Comments | March 6, 2026  10:44 am

ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

සාමදාන විනිශ්චයකාර තනතුර තවදුරටත් දේශපාලනික කරුණු මත ලබා නොදෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

(0)Comments | March 6, 2026  10:06 am

කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | March 6, 2026  9:49 am

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වී තිබේ.

(0)Comments | March 6, 2026  9:31 am

රුසියානු තෙල් මිලදීගැනීමට අමෙරිකාවෙන් ඉන්දියාවට දින 30ක සහනයක්

ඉන්දියානු පිරිපහදුකරුවන්ට රුසියානු තෙල් මිලදී ගැනීමට අවසර ලබාදෙමින් අමෙරිකාව විසින් ඉන්දියාවට දින 30ක සහන කාලයක් ලබාදී තිබේ.

(0)Comments | March 6, 2026  8:40 am

IRIS Bushehr නෞකාවේ සිටි 204ක් ආරක්ෂිතව කොළඹ වරායට

'IRIS Bushehr' නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

(0)Comments | March 6, 2026  7:34 am

අවි බිම තබා යටත් වෙන්න - ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

අවි බිම තබා වහාම යටත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකායට, එහි හමුදාවන්ට සහ පොලීසියට දැනුම්දී තිබේ.

(0)Comments | March 6, 2026  7:21 am

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | March 6, 2026  6:10 am

මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්

ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට දින 7ක් ගතවෙයි. එවන් පසුබිමක මේ වන විට මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇත.

(0)Comments | March 6, 2026  5:57 am