දකුණු අධිවේගයේ බස් රථයක් ගිනිගෙන දැවෙයි

දකුණු අධිවේගයේ බස් රථයක් ගිනිගෙන දැවෙයි

July 19, 2026   08:00 pm

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහහැතැම්ම අතර 64 වෙනි කිලෝමීටර් කණුව අසල පෞද්ගලික බස් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබේ.

හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය පවසයි.

ගාල්ල - කොළඹ මගී ප්‍රවාහන සුඛෝපභෝගී බස් රථයක් කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබියදී අද (19) පස්වරුවේ මෙම ගිනි ගැනීම සිදුව ඇත.

එම අවස්ථාවේදී බස් රථයේ මගීන් 20 දෙනෙකු පමණ සිට ඇති බව වාර්තා වේ.

ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයින් කටයුතු කරමින් සිටියි.