උණුසුම් පුවත්

අදත් උපරිම උෂ්ණත්වය රත්නපුරේට

අද (20) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.2 ක් ලෙස රත්නපුර කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | January 20, 2026  6:37 pm

ගිය වසරේ අයවැය යෝජනා අනුව වැඩි වූ ගුරු වැටුප ගිණුම් ගත කෙරේ

2025 අයවැය යෝජණා අනුව මෙම වසරේ 01 දින සිට වැඩි වූ  ගුරු වැටුප අද (20) දිනයේදී ගිණුම් ගත කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

(0)Comments | January 20, 2026  6:31 pm

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලකගේ දේහය භූමදානය කිරීමට තීරණය කරයි

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය භූමදානය කිරීමට තීරණය කර තිබේ.

(0)Comments | January 20, 2026  6:10 pm

වෙඩික්කරුවෙක් සොයාගැනීමට පොලීසිය මහජන සහාය පතයි

වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවෙකු හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

(0)Comments | January 20, 2026  5:51 pm

රන් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළ තුළ රත්‍රං සහ රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

(0)Comments | January 20, 2026  5:41 pm

රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්

රජයේ වාහන සඳහා ඉන්ධන ලබා දීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ එහි විනිවිදභාවය තහවුරු කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නව ඩිජිටල් ඉන්ධන කාඩ්පත් පද්ධතියක් හඳුන්වා දී තිබේ.

(0)Comments | January 20, 2026  5:39 pm

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට සංකේතාත්මක වැඩ වර්ජනයක

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් හෙට (21) දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති සංකේත වැඩ වර්ජනය එලෙසම ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි.

(0)Comments | January 20, 2026  5:08 pm

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර හෙට ඇරඹෙයි

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් ආරම්භ වෙයි.

(0)Comments | January 20, 2026  4:55 pm

ෂැංහයි නුවරට වාර්තාගත හිමපතනයක්

චීනයේ ෂැංහයි නුවරට වාර්තාගත හිමපතනයක් සිදුව තිබේ.

(0)Comments | January 20, 2026  4:40 pm

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් මාලදිවයිනේ දී අත්අඩංගුවට

මාලදිවයිනේ වේලේනා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 20, 2026  3:56 pm

මේ වසරේදී ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ.

(0)Comments | January 20, 2026  3:56 pm

විශේෂ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් 578ක් අත්අඩංගුවට

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් ඊයේ (19) සැකකරුවන් 578ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

(0)Comments | January 20, 2026  3:55 pm

චම්පිකට එරෙහි නඩුවක් ලබන මස දක්වා කල් යයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (20) නියම කළේය.

(0)Comments | January 20, 2026  3:39 pm

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්

දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ ලියාපදිංචිව රැඳී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබාදෙමින්, දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව දැනුම් දී තිබේ.

(0)Comments | January 20, 2026  3:14 pm

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කර නෑ- අමාත්‍ය නලින්ද

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය ජනතාව සහ සියලු පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

(0)Comments | January 20, 2026  3:14 pm

තුසිත හල්ඔළුවට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

නාරාහේන්පිට ප්‍රදේශයේ දී තුසිතහල් ඔළුව යන අය හා තවත් දෙදෙනෙකු ගමන් ගත් ජීප් රථයට වෙඩි තැබූ බවට පවසන සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුව ගෙන ඇත.

(0)Comments | January 20, 2026  3:03 pm

ගාල්ලේ දිසාපති පුටුවට අලුත් මුහුණක්

ගාල්ල දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි කේ.යූ. චන්ද්‍රලාල් මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | January 20, 2026  2:55 pm

නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13කට නීතිය ක්‍රියාත්මක වෙයි

නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 13 දෙනෙකු කිලිනොච්චි වලෙයිපාඩු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

(0)Comments | January 20, 2026  2:44 pm

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ තුන්වන අදියරට අනුමැතිය

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | January 20, 2026  2:38 pm

රාජගිරියට නිවාස 300ක් - අලුත් කොන්ත්‍රාත්කරුවෙකුත් තෝරාගනී

රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | January 20, 2026  2:35 pm

වතු සේවක වැටුප ගැන කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්

වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා 2026 අයවැය යෝජනා අනුව ලබාදීමට නියමිත සහන ක්‍රමවේදයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

(0)Comments | January 20, 2026  2:09 pm

නාවික හමුදාවට නව පදක්කමක්

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා නව සමරු පදක්කම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ජනපති අත්සනින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබේ.

(0)Comments | January 20, 2026  2:05 pm

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හිමිකමට සංශෝධනයක්

2016 ජනවාරි 01 වන දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය නිලධාරින්ගේ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් හිමිකම සම්බන්ධ විධිවිධානය සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | January 20, 2026  2:04 pm

කැබිනට් තීරණ මෙතැනින්

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව මේ වන විට ආරම්භ වී තිබේ.

(0)Comments | January 20, 2026  1:36 pm

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර සියල්ල යළි යථා තත්ත්වයට

අලුත්වැඩියා කටයුතු හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබු නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර සියල්ල යළි යථා තත්ත්වයට පත් කර තිබේ.

(0)Comments | January 20, 2026  1:36 pm