නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්
July 17, 2026 05:30 pm
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර, විශේෂ නිල හමුවක් අද (17) පොලිස් මූලස්ථානයේදී පවත්වා තිබේ.
පොලිස් මූලස්ථානය වෙත පැමිණි නාවික හමුදාපතිවරයාව, පොලිස්පතිවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
නව නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා එහිදී සිය සුභාශිංසන එක් කළේය.
මෙම නිල හමුවේදී රටේ නීතිය හා සාමය තහවුරු කිරීම, මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන මෙහෙයුම් සඳහා අවශ්‍යතාවය අනුව ශ්‍රී ලංකා පොලීසිය වෙත නාවික හමුදාවේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරිණි.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සිය නව ධුරයට පත්වීමෙන් අනතුරුව, පොලිස්පතිවරයා අතර වු ප්‍රථම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරු කරගැනීමක් ද සිදු විය.
