ආපදා මරණ 618ක් දක්වා ඉහළට
December 6, 2025 08:38 pm
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද (06) පස්වරු 8.00ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 209ක් අතුරුදන්ව ඇත.
පවුල් 583,030කට අයත් පුද්ගලයින් 2,078,436ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 232ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක් ,කුරුණෑගලින් මරණ 61ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 32ක්, පුත්තලමෙන් මරණ 34ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වී ඇත.
එමෙන්ම පවුල් 29,874ක පුද්ගලයින් 100,124ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.
