header logo
Vallibel FD
උණුසුම් පුවත්
ශ්‍රී ලංකාවට IMF සහාය ලැබෙන්නේ කරුණු 2ක් මත
Oct 15, 202207:56 PM
ශ්‍රී ලංකාවට IMF සහාය ලැබෙන්නේ කරුණු 2ක් මත
Mobitel 1278

දළ දේශීය නිෂ්පාදිතයේ පහත වැටීමක් සිදුවුවත් ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සලකනු ලබන බව අරමුදලේ ආසියානු පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඈන් මරී පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සමගාමීව අමෙරිකාවේ, වොෂින්ටන්හි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

"ශ්‍රී ලංකාව මේ වනවිට ඉතා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිනවා. ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අපි අවධානයෙන් පසුවනවා. දරිද්‍රතාවය වගේම අවදානම් පිරිස් මුහුණ දෙන ගැටලු නිමාකිරීම සඳහා කඩිනමින් කටයුතු කිරීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. සැප්තැම්බර් පළමුවැනිදා සිට වසර 4ක කාලයක් සඳහා විස්තීරණ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබාදීමට කාර්ය මණ්ඩල එකඟතාවයකට එළැඹ සිටිනවා."

"නමුත් මේ පහසුකම යටතේ අරමුදල් ලබාදීම ඇරඹෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාකච්ඡාවලින් පසුවයි. ඒ වගේම මේ පහසුකම ලබාදෙන්නේ විවිධ කොන්දේසි මත. ඉන් කිහිපයක් මේ වනවිටත් ශ්‍රී ලංකා රජය ක්‍රියාවට නංවමින් සිටිනවා. නමුත් වැදගත්වන්නේ රටේ ණය අර්බුදයට විසඳුමක් ලබාදීමයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ණය මට්ටම අස්ථාවරභාවයක් පෙන්නුම් කරනවා. ඒ අනුව, අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා අපිට නිශ්චිත කරුණු 2කට සහතිකයක් අවශ්‍ය වනවා."

"පළමු වැන්න ද්විපාර්ශවීය ණය හිමියන් සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු කරුණු සම්බන්ධව නම්‍යශීලිව කටයුතු කිරීමට සූදානම්වීම. දෙවැන්න ඒ ආකාරයෙන්ම පෞද්ගලික ණය සැපයුම්කරුවන් සමඟද එකඟත්වයකට පැමිණ කටයුතු කිරීමට සූදානම්වීමයි."

"ඒ අනුව ශ්‍රී ලංකාව මේ වනවිට ණය සම්බන්ධයෙන් නීතිමය හා මූල්‍ය උපදේශකයින් සමග කටයුතු කරමින් සිටිනවා. නමුත් ඒ සම්බන්ධයෙන් කාලරාමුවක් ප්‍රකාශයට පත්කිරීමට අපහසුයි. මන්ද ණය පිළිබඳව තීරණයකට එළැඹීමට කාලයක් අවශ්‍යයි. විවිධ රටවල් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී කාලසීමාවන්, ණය හිමියන් සම්බන්ධවන ආකාරය මත පදනම්ව එය වෙනස් වනවා."

"ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් මට පැවසීමට ඇත්තේ ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක්. දළ දේශීය නිෂ්පාදිතයේ පහත වැටීමක් සිදුවුවත් මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව අප සලකනු ලබනවා. ඒ වගේම තමයි විස්තීරණ ණය පහසුකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාන්‍ය පහසුකමක් පමණයි, එය සහනදායී වැඩසටහනක් නොවේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana